හොඳයි කියලා හිතාගෙන, අපි දිනපතා කරන වැරදි පුරුදු 7 ක්

සෞඛ්‍යය සහ ශාරීරික හැඩය පවත්වාගැනීමට වැදගත් යැයි සිතමින් අප විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් සහා පුරුදු කිහිපයක්ම ඇත. ‘ආහාරයට ගැනීමට පෙර පලතුරු සහා එලවළු හොඳින් සේදීම, සමබල ආහාර වේල් ලබාගැනීම, දිනපතා ව්‍යායාම් වල නිරතවීම ,හොඳ නින්දක් ලබාගැනීම ආදි පුරුදු අවිවාදයෙන්ම අපගේ සෞඛ්යතයේ යහපැවැත්ම කෙරෙහි වැදගත් වන යහපත් පුරුදු බව අප හොඳින් දන්නෙමු. නමුත්, මෑතකාලයේ හෙලිවූ ඇතැම් කරුණු වලින් වැටහී යන්නේ අපගේ ඇතැම් පුරුදු තවදුරටත් පවත්වාගෙන යාම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවයි. ඒ ආකාරයේ ප්‍රයෝජනයක් නොමැති පුරුදු 7 ක් ගැනයි මේ සටහන.

1. බහු-විටමින් පෙති ලබාගැනීම (multivitamins)

බහු-විටමින් පෙති සහා නැකුත් ජෛව පෝෂක අතිරේක ලබාගැනීමෙන් ඇතැම් රෝග හටගැනීමට ඇතිවීමට ඇති අවදානම අවම නොවන බවත් අපගේ මතක ශක්තිය වැඩිකිරීම හෝ කාර්යක්ෂම බව වැඩිකිරීම සිදුනොකරන බවත් සඳහන් වේ. ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් මේ බව හෙලි කරතිබුණේ මිනිසුන් 450,000 ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු රසායනාගාර පරීක්ෂණ කිහිපයකින් ලබාගත් නිගමන වලට අනුකූලවයි. මේ සම්බන්ධයෙන් සිදුකර ඇති වෙනත් අද්‍යනයන් වලින් ද හෙලිවී තිබුණේ බහු-විටමින් කරල් ලබාගැනිම සෞඛ්යතයට සෘණාත්මක බලපෑම් ඇතිකිරීමට ප්‍රධාන හේතුවක් විය හැකි බවයි.

2. මද්‍ය-සාර අඩංගු නොවන ප්‍රති-බැක්ටීරීය ගුණයෙන් යුත් යැයි කියන හෑන්ඩ් ජෙල් හෝ සැනිටයිසර් භාවිතය

වර්තමානයේදී දැඩිව අවධානයක් යොමුවන දෙයක් ලෙස හෑන්ඩ් සැනිටයිසර් භාවිතය හැඳින්විය හැකියි. ප්‍රති-බැක්ටීරිය ගුණයෙන් යුත් හෑන්ඩ් ජෙල් සහා සැනිටයිසර් භාවිතා කිරීම් නිසා සිරුරට අහිතකර බැක්ටිරියා ඇතුලු විෂබීජ ‍රැසකින් ආරක්ෂා වී සිටීමට අවස්ථාව ලැබේ. නමුත්, කාර්යක්ෂම ප්‍රතිඵල ලැබෙන්නේ ඒවායේ සංයුතියෙන් 60% ක් වත් මද්‍යසාර අඩංගු වනවා නම් පමණි. මද්‍යසාර අඩංගු නොමැති සැනිටයිසර් වලින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කල නොහැක. කෘමිනාශක භාවිතය නිසා හෝ වෙනත් පිරිසිදුකිරීමක් නිසා ඔබේ අත් දැඩිව කිලිටි වී ඇත්නම් සැනිටයිසර් භාවිතයට වඩා අත් හොඳින් සබන් දා සේදීම සිදුකල යුතුයි.

3. මොනොසෝඩියම් ග්ලූටමේට් භාවිතයෙන් වැළකීසිටීම

කවුරුත් හඳුනන අජිනොමොටෝ නිෂ්පාදන මෙවැනි MSG රසකාරකයකි. ඒවා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට ඇතිවෙනවා යැයි කියන අහිතකර බලපෑම් (උදා: ඔක්කාරය සහා හිසරදය වැනි) ඇතිවන්නේ පිරිසිදු මොනොසෝඩියම් ග්ලූටමේට් ග්රෑ:ම් 3 කට වඩා යෙදු ආහාර අනුභවය කිරීමෙන් බව පර්යේෂණයකින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් මේවා යෙදූ ආහාර අනුභවය එතරම් ඔබේ සිරුරට ගුණදායක නොවන බව පිලිගැනේ.

4. විෂහරණ ආහාර වේලකින් (detox diet) සිරුර අභ්‍යන්තරය පිරිසිදු කරගැනීම

සිරුරේ විෂ නැසීමට සමත් ආහාර වලින් යුත් ‘Detox dieting’ නම් ආහාර පාලන ක්‍රමය වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින්නකි. නමුත්, විශේෂඥයින් විසින් මේ සම්බන්ධයෙන් දක්වන අදහස වන්නේ මිනිස් සිරුරේම පවතින විශේෂත්වයක් ලෙස සිරුර අභ්‍යන්තර විෂහරණය කිරීම සිරුර විසින්ම ස්වභාවිකවම සිදුකරන බවයි. ඒ සඳහා දායක වන්නේ මිනිස් අක්මාව සහා වකුගඩු වල ක්‍රියාකාරීත්වයයි. නමුත්, ඔබේ අක්මාව සහා වකුගඩු සම්බන්ධ අක්‍රමිකතා හෝ රෝග පීඩා හටගෙන ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමට කටයුතු කල යුතුයි. ස්මූදී වර්ග සහා කොක්ටේල් පාන වර්ග පානය කිරීම අවම කරන්න. හොඳින් ජලය පානය කරන්න.

5. කාබනික නිෂ්පාදන පමණක් ‍තෝරාගැනීම සහා පරිභෝජනය කිරීම

බොහෝ රටවල් වල පලතුරු ,එලවළු වැනි ශාක නිෂ්පාදන කාබනික ඒවා බව තහවුරු කලයුතු අනිවාර්ය නීති යාත්‍රණයක් ක්‍රියාත්මක නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස අධිකව රසායනික ද්‍රව්‍ය යොදා සකසන ආහාර වර්ග පවා ‘Bio’ හෝ ‘Eco’ ආදීප්‍රවර්ධක පාඨ යොදාගනිමින් අලෙවිකරණයේ යෙදෙන බව දැකිය හැකියි. එම නිසා වෙළඳපොලේ ඇති බොහෝ කාබනික යැයි කියාගන්නා නිෂ්පාදන එසේ නොවන බව තහවුරු වෙමින් පවතියි.

6. හැකිතාක් මයික්‍රෝවේව් උඳුන් භාවිතා නොකර සිටීම

මයික්‍රෝවවේව් උඳුනේ දමා ආහාර රත්කිරීමේදී ආහාර වල අඩංගු හිතකර පෝෂක ‍රැසක් විනාශ වී යන බව පැවසේ. නමුත්, ආහාර සාමාන්‍ය උඳුනක හෝ ලිපේ තබා හෝ නැවත රත්කිරීමෙන් සිදුවන්නේ ද ඒ දෙයමයි. එසේ බලන විට මයික්රෝකවේව් උඳුනක ආහාර රත් කරගැනීම වඩා හිතකර බව පැවසිය හැකි හේතුවකි. එනම් මයික්රෝ‍වේව් උඳුනක දමා ආහාර රත්කරගැනීමේදී අත්යවවශ්යව පෝෂකයක් වන විටමින් C වැනි පෝෂ්යව පදාර්ථ නොනැසී ආරක්ෂා වීමයි.

7. අඩු මේද සහිත ආහාර පමණක් පරිභෝජනයට ගැනීම

කාබෝහයිඩ්‍රේට් සහා ප්‍රෝටීන් වලට සාපේක්ෂව මිනිස් සිරුරට මේද ඉතා අත්‍යවශ්යව පෝෂ්යය පදාර්ථයකි. එම නිසා කැලරි අඩුවෙන් ලබාගැනීමට සිතා මේද ආහාර වලට ආදේශක ලෙස අඩු මේද සහිත ආහාර පමණක් භාවිතා කිරීම ඒ සඳහා ඇති හොඳම ක්‍රමය නොවේ. ඇතැම් අඩු මේද සහිත යැයි හඳුන්වන නිෂ්පාදන වල මේදය අවම කර ඇත්තේ අධික සීනී මාත්‍රාවක් එක්කිරීමෙන් ය. එවැනි ඉහළ සීනි අගයක් සහිත ආහාර පරිභෝජනය කිරීම ඔබේ සෞඛ්යරයට හානිකාරි රෝග පීඩා ඇති කිරීමට හැකි අවදානම වැඩිකරවනු ඇත.