හේමාල් රණසිංහ ඉන්දියානු සිනමාවට පය තබයි

2014 වසරේ තරගතවූ ප්‍රවේගය සිනමාපටය ලංකාවේ වාණිජ වශයෙන් අතිශය ජනප්‍රියවූ සිනමාපටයක්. ඒ වගේම එම සිනමාපටය හරහා ලාංකේය ප්‍රේක්ශයන්ගේ ආදරය දිනාගන්න හේමාල් රණසිංහට හැකිවෙනවා. ඉතින් එදා පටන් අද වෙනතුරු ලාංකේය සිනමාවේ සිහින කුමාරයා ලෙස වැජබෙන්න ඔහුට හැකිවෙනවා. ඉතින් සිංහල සිනමාවේ සිහින කුමාරයා වුන හේමාල් රණසිංහ කොලිවුඩ් සිනමාවටත් පයතබන්න සුදානමින් ඉන්නවා කියලා අපට ආරචිවුනා.

මේ ඉන්දීය සිනමා පටය නිමවෙන්නේ A.T Gnanam නම් නවක ඉන්දියානු සිනමා අධ්‍යක්ශකවරයාගේ අතින් මෙය ඔහුගේ කුලුදුල් සිනමාපටය වීමද ගොඩක් විශේෂයි. ඉතින් ලංකේය සිහින කුමරු රංගන මෙම සිනමා පටයේ නම තමයි “සෙකන්ඩ් ශෝ” තවද මෙම සිනමා පටය දමිල සහ සිංහල යන භාෂා දෙකෙන්ම රූගතකර ඇතිබවද කියවෙනවා. මෙහි ප්‍රධාන චරිතය හේමාල් රණසිංහ සහ ජනප්‍රිය මරාති නිලි පල්ලවී සුභාශ් විසිනුයි. මීටපෙර ඇය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ශණය කල යශෝධරා චිත්‍රපටය හරහා සිංහල රසිකයන්ට සමීප වුනා. ඉතින් ලංකාවේ සිනමාව විතරක් නෙවෙයි ඉන්දීය සිනමාවත් ආක්‍රමණය කරන්න සැරසෙන හේමාල් රණසිංහට අපිත් හදවතින්ම සුබ පතමු.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.