හීනෙකින්වත් හිතපු නැති අපූරු දේවල් ලැබුන මිනිසුන් 8 දෙනෙක්

ඇතැම් අවස්ථාවල අපි බලාපොරොත්තු නොවූ දේවල් අපට හමු වෙනවා. සමහර විට ඒ දේවල් නිසා අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නත් ඉඩ තිබෙනවා. ඒ විදියට හමුවන ඇතැම් දේවල් ඔබව සිනහා ගැස්වීමට පවා ඉඩ තිබෙනවා. මේ කියන්න සූදානම් වෙන්නේ ඒ ආකාරයෙන් මිනිසුන් කිහිප දෙනෙකුට හමුවූ වඩාත් අනපේක්ෂිත වූ සහා දුර්ලභ දේවල් 8 ක් ගැනයි .

• පණිවිඩයක් සහිත නොවැසූ බෝතලයක්
බෝතල් හරහාත් පණිවිඩ හුවමාරු විය හැකිබව මේ ඡායාරූපය දු‍ටුවිට ඔබට සිතේවි.

• ජෛව පද්ධතියක පෙනුමට සමාන වීදුරු බෝලයක් (glass ball ecosystem)
හවායි වෙරළේ ගමන් කරමින් සිටි පෙම්වතුන් දෙපළකට මේ අපූරු විදුරු බෝලය හමුවී ඇත. එහි ස්වරූපය ඇත්තම කුඩා ජෛව පද්ධතියක් සිහිගන්වයි.

• සිප්පි ක‍ටු
මෙසේ හමුවි තිබු සිප්පි ක‍ටුවක් තුල දැල්ලෝ බිත්තර දමා තිබූ ආකාරය ඡායාරූපයැ දැක්වේ.

• ඩොලර් මිලියන 4ක් වටිනා තිරිවාණා පාෂාණයක්
සාමාන්‍යය ප්ර මාණයට වඩා විශාල බවින් වැඩි මේ තිරිවාණා පාෂාණය හමුවි තිබුණේ අර්කන්සාස් හි පුද්ගලයෙකුටයි.

• මහා මාර්ගයට යටවූ පැරණි Nokia දුරකථනයක්
Nokia දුරකථනවල දිගුකාලීන පැවැත්ම ගැන තහවුරු වු අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

• මිල කල නොහැකි මුතු ඇටයක්
ධීවරයෙකුට හමුවි තිබූ මෙම මුතු ඇටයේ බර කිලෝ ග්රෑරම් 34 කි. එහි වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 100 ක් පමණ වන බව සඳහන් ය.

• ගඩොලක් තුල සිරවූ ඩයිනෝසර් සෙල්ලම් බඩුවක්

• නොකියවූ පණිවිඩයක් සහිත තුණ්ඩුවක්
ඉතා පැරණි පණිවිඩයක් මෑතකදි හමු වී තිබූ අවස්ථාවක්. අදාල පුද්ගලයාට මෙය නොලැබෙන්නට ඇති බව විශ්වාස කෙරේ .