හිසකෙස් ගැලවී යාම අවම කරගන්න පුළුවන් සරල ක්‍රම 10ක්

දිනකට ඔබේ හිසෙන් ගැලවී යන හිසකෙස් ප්‍රමාණය හිසකෙස් ගස් 50-100 ත් අතර ප්‍රමාණයක් වන බවයි පැවසෙන්නේ. මෙසේ දිනපතා හිසකෙස් ගැලවි යාම ඉතා සාමාන්‍ය ස්වභාවික (සතුන්ගේ ලොම් හැලියාමට සමාන) ක්‍රියාවලියකි. 100000 කට වඩා හිස්කබලේ ඇති විශාල හිසකෙස් ප්‍රමාණයට සාපේක්ෂව එය එතරම් කැපී පෙනෙන ප්‍රමාණයක් නම් නෙවෙයි. නමුත්, දිනකට ඔබේ හිසකෙස් සිතාගත නොහැකි ලෙස ගැලවි යාම නම් බලා සිටිය යුතු දෙයක් නෙවෙයි. ඉන් අදහස් වන්නේ ඔබේ හිසකෙස් වල නීරෝගි බව පිරිහී ඇති බවයි. මේ සඳහා ඔබ දිනපතා අනුගමනය කරන ඇතැම් වැරදි පුරුදුත් අහිතකර ලෙස බලපාන බව සොයාගෙන තිබෙනවා. ඔබේ හිසකෙස් වඩාත් නීරෝගි, දිදුලන සහ ශක්තිමත් කෙස් කලඹක් බවට පත්කරගන්න ඕන නම් මේ පුරුදු හැකිතාක් නතර කල යුතුයි!

ආහාර වේල් මගහැරීම

ඔබේ සිරුරට ප්‍රමාණවත් කැලරි පෝෂණයක් නොලැබෙන විට සිරුර මඟින් තිබෙන ශක්තිය අත්‍යවශ්‍ය පද්ධති ක්‍රියාකාරීත්වයන් වෙනුවෙන් යොමුකරවනු ලබයි. එහිදී හෘදයට සහ් මොලයට අවශ්‍ය ශක්තිය ලැබෙන අතර හිසකෙස් සහ හිස්කබලේ පෝෂණය කැපී පෙනෙන ලෙස මගහැරී යයි. ආහාර පාලනය මුල් කාලයේදී හෝර්මෝන ශ්‍රාවයන් කෙරෙහි බලපෑම් ඇතිකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් සිහින් වීම, හැලීයාම සහ හැලී ගිය හිසකෙස් වෙනුවට නව හිසකෙස් වර්ධනය නොවීම සිදුවේ. Anorexia හෙවත් ආහාර අනුභවය සම්බන්ධ අනෙකුත් ලෙඩ රෝග තත්වයන් වල පූර්ව රෝග ලක්ෂණය වන්නේ ද මෙවැනි අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවි යාමට පටන්ගැනීමයි.

  • ඔබට කල හැක්කේ කුමක්ද? ප්‍රෝටීන් සහ මේද ප්‍රමාණවත් තරමින් අඩංගු සමබල ආහාර වේලක් දිනපතා ලබාගන්න. හිසකෙස් නිර්මාණය වි ඇත්තේ කෙරටින් නම් ප්‍රෝටීනයෙනි. ඒ අනුව සිරුරට ප්‍රෝටීන් හොඳින් නොලැබෙන විට හිසකෙස් ද්ර්වල වී කැඩි යාමට ලක්වීමේ අවදානම වැඩිවේ. දිනකට ප්‍රෝටීන් ග්‍රැම් 46 ක් පමණ සපුරාගැනීම ඉතා අවශය් වේ. එය ඔබ ලබාගන්නා දෛනික කැලරි ප්‍රමාණයෙන් 10%-35% අතර ප්‍රමාණයක් වීම ඉතා සුදුසුය.

අධික ලෙස හිසකෙස් හිරුකිරණට නිරාවරණය කරගෙන සිටීම

ඔබ නිවසින් පිටත එලිමහනේ සිටින විට , අහිතකර පාරජම්බුල කිරණ මඟින් ඔබේ හිසකෙස් වලට හානිවීම සිදුවේ. එමඟින් හිසකෙස් වල ඇති නම්‍යශීලි බව සහ ශක්තිමත් බව විනාශ වී යයි.දිගු වේලාවක් තාපයට සහ හිරු එළියට නිරාවරණය් අවී සිටිමෙන් හිසකෙස් සහ හිස්කබල අධික ලෙස වියළීමට පටන් ගැනිම, අපිචර්මයට හානි වීම සහ හිසකෙස් තන්තු වලට හානි වීම නිසා හිසකෙස් දුර්වල වි කැඩීයාමට පටන්ගැනීමෙන් විශාල ප්‍රමාණයකින් හිසකෙස් ගැලවීයාම සිදුවේ. ලා පැහැති හිසකෙස් හිරුකිරණින් හානියට පත් වීම වැඩි අවදානමක් ඇත.

  • ඔබට කල හැකි දේ: ඔබේ හිස තොප්පියකින් හෝ ස්කාර්ෆ් එකකින් ආවරණය කරගන්න. සන්ස්ක්‍රින් අඩංගු හිසකෙස් සඳහා ඇති නිෂ්පාදන භාවිතා කල හැකියි (ෂැම්පු, කන්ඩිෂනර්,මාස්ක් ආදිය), හිස්කබලේ තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා කලින් කලට හිසකෙස් සඳහා තෙල් සහ මාස්ක් සත්කාර ලබාදෙන්න.

ඉතා තද බවින් යුත් කොණ්ඩා මෝස්තර භාවිතා කිරීම

ක්‍රීඩා කරන විටදී කොණ්ඩය තදින් ගැටගැසීම, ගුලියක් ලෙස හෝ පෝනි ටේල් ක්‍රමයට ගොතාතිබීම නිසා  හිසකෙස් මුල් අසල හිසකෙස් බිම්බ (follicles) වලට විශාල පීඩනයක් දිගින් දිගටම ඇති වේ. එහි බලපෑම නිසා නොමේරු හිසකෙස් පවා පහසුවෙන් පිටතට ගැලවී යාමට පටගනිමින් හිසකෙස් සිහින් විම සහ කෙස්වල විවිධ පැළුම් හානි මතුවීමට පටන් ගනියි. මෙහි අසාධ්‍ය තත්වය හඳුන්වන්නේ ‘traction alopecia’ හෙවත් මුඩුබව/තට්ටය පෑදීමයි. හිස මේ තත්වයට පත්වුවහොත් සිදුවන්නේ හිසකෙස් බිම්බ සදාකාලිකව ඉතා දුර්වල වී, ඒවාට යලි වර්ධනය වීමේ හැකියාව අහිමිව යාමයි.

  • ඔබට කල හැකි දේ: හිසකෙස් ගොතන විට හෝ ගැටගසගන්නා විට ලිහිල්ව එය සිදුකල හැකියි. විශේෂයෙන්ම ඔබ නිදන විට මෙය කෙරෙහි හොඳ සැලකිල්ලක් දක්වන්න. හිස කෙස් ඉහළට වනට තබා නිදාගන්න.  හිසකෙස් ගැටගැසීම සඳහ භාවිතා කල යුත්තේ මෘදු කොණ්ඩා පටි හෝ බූල් ය. හිස්කබලේ සම ඇදෙනවාක් මෙන් දැනෙන්නේ හිසකෙස් තදින් ගැටගැසී ඇති නිසයි. එබැවින් ලිහිල්ව කොණ්ඩය ගෙතීම සිදුකරන්න.

නිරන්තරයෙන් සහ හොඳින් හිසකෙස් පිරිසිදු කරනොගැනීම

ස්නානය කරමින් හිසකෙස් පිරිසිදුව තබාගැනීම ඉතා වැදගත්. හිසකෙස් මත ‍රැ‍ඳෙන කුණු දූවිලි තෙල් මඟින් හිස්කබලේ හිසකෙස් බිම්බ අවහිර වී යාහැකියි. එමඟින් හිසකෙස් වර්ධනය විමට බාධා වීම සිදුවේ. හිසකෙස් සඳහා හොඳින් සත්කාර නොකිරීම නිසා හිසකෙස් වඩාත් සිහින් වී හැලී යාම වේගවත් වේ.

  • ඔබට කල හැකි දේ: දිනපතා හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න (හිසකෙස් ස්වභාවය අනුව දින 2 කට වරක් හෝ සතියකට වරක් ). සල්ෆේට් අඩංගු නොවන ෂැම්පූ වර්ගයක් භාවිතා කරන්න. එමඟින් හිසකෙස් වියළීම නතරකරගත හැකියි.

කලින් කලට පැළුණු හිසකෙස් අග කෙටි නොකිරීම (trimming)

හිසකෙස් නීරෝගිව වර්ධනය කරගැනීම සඳහා කලින් කලට හිසකෙස් යටින් කැපීම ඉතා වැදගත් වේ. එමඟින් වියළි, පැළුණු සහ හානි වූ හිසකෙස් අග කොටස් ඉවත් කරගත හැකියි. නැතිනම් සිදුවන්නේ හිසකෙස් යට සිට ඉහළටම පැළී ගොස් වැඩියෙන් හිසකෙස් හැලීයාම සිදුවීමයි. මෙය නිතිපතා සිදුකිරීමෙන් ඉතා දිගු හිසකෙස් වර්ධනය කරගත හැකියි.

  • කල හැකි දේ: හිසකෙස් අග පැළුණු කොටස් සති 12 කට වරක් කෙටි කරගන්න.

උණුසුම් ජලයෙන් ස්නානය කිරීම

උණු ජලය නිසා හිසකෙස් වලට දැඩි පිඩනයක් සහ තෙතමනය ඉවත් වී අධික වියළි බවක් එක්වේ. එමඟින්, කෙස්ගස් වලට පැළුම් හානි ඇතිවි ඒවා කැඩෙන සුලු ලෙස දුර්වල වී ගැලවීයාම වේගවත් වේ. හිසකෙස් වලට භාවිතා කරන ඇතැම් ෂැම්පු වලින් හිසකෙස් ආරක්ෂාව සඳහා ස්වභාවිකව නිර්මාණය වන තෙල් ඉවත්කිරීම නිසා හිස්කබලේ සිදුරු අධික ලෙස උත්තේජනය වී වැඩිවැඩියෙන් තෙල් නිපදවීමට පටන්ගනියි. එසේ තෙල් නිපදවීම නිසා හිසකෙස් මුලට හානි ඇති වී වැඩියෙන් හිසකෙස් ගැලවි යාමට පටන් ගනියි. උණු ජලයෙන් ස්නානය කිරීම නිසා හිසකෙස් අතර විෂබීජ සහ බැක්ටීරියා වර්ධනය වැඩිවන බවයි සොයාගෙන ඇත්තේ.

  • ඔබට කල හැකි දේ: මද උණුසුම් ජලය දක්වා උෂ්ණත්වය අඩුකල හැකිනම් එය ඉතා සුදුසුය. නමුත් සිසිල් ජලයෙන් හිසකෙස් සෝදා පිරිසිදු කරගැනීම හොඳම ක්‍රමයයි

නිතරම හිස කැසීම

හිස්කබල අධික ලෙස කැසීමට පටන්ගැනීමට හේතුව දිලීර ආසාදනයක්, ආසාත්මිකතාවක් හෝ චර්ම ප්‍රදාහයට ලක්වීම නිසා වියහැකියි. මේ සියලු හේතු කාරණා හිසකෙස් වලට හානි ඇතිකරවීමට සමත්ය. ඒවායේ බලපෑමෙන් හිසකෙස් සිහින් වීම වේගවත් වී හිසකෙස් ගැලවීයාමට පටන්ගනියි. හිස්කබල නිතර කැසීම නිසා හිසකෙස් තැටි නැතිනම් බිම්බ වලට ඉතා ඉක්මනින් හානි සිදුවිය හැකියි.

  • ඔබට කල හැකි දේ: නීරෝගි ආහාර වේලක් ලබාගන්න (විශේෂයෙන්ම විටමින් ඒ, ඩී සහ ඊ පෝෂක ඉහළ අගයක් ගැනීම හිසකෙස් වල වර්ධනයට ඉතා වැදගත්ය.). හිස්කබල කැසීම වෙනුවට මෘදුව සම්බාහනය කිරීමෙන් කසන සුලු ස්වභාවය සමනය කරගත හැකියි. සෙලේනියම්, සින්ක් සහ වෙනත් ප්‍රති-දිලීර ගුණ අඩංගු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න.

හිසකෙස් වලට අධික උණුසුමක් ඇතිකරවන හැඩගන්වන උපකරණ භාවිතය

Roller, hair dryer,tongs, curling සහ flat irons වැනි හිසකෙස් අලංකරණ උපකරණ හිසකෙස් වලට හානි නොකරන්වා යැයි කිව නොහැකියි. ඒවා මඟින් ඇති කරවන ඉහළ තාපය නිසා හිසකෙස් වල ආරක්ෂක තෙල් සහ ප්‍රෝටීන් කොටස් විනාශ විම, හිසකෙස් වල ආවරණ /බාහිර සිවිය ඉවත් වීම, හිසකෙස් වල තෙතමනය අසමතුලිත වීම, හිසකෙස් මැඩ්ජින් පැලීම සහ සිහින් වීම වැනි හානිකර ප්‍රතිඵල ‍රැසක් ඇතිවේ. එමඟින් හිසකෙස් වඩාත් වියළීමට ලක් වී ශක්තිය නැතිවී ගොස් ඉතා ඉක්මනින් හිසකෙස් ගැලවී යාමට පටන් ගනියි.

  • කල හැක්කේ කුමක්ද?  සතියකට 2-3 වතාවකට පමණක් මෙවැනි උපකරණ භාවිතා කිරීම සීමා කරන්න. Thermal protection වැනි ස්ප්‍රේ නිෂ්පාදනයක් හිසකෙස් වලට ගල්වා ඉන් අනතුරුව හිස කෙස් අලංකාර කරගන්න. අඩු උෂ්ණත්වයකින් හිසකෙස් සරසා ගත හැකි නම් වඩාත් සුදුසුයි.

නිතරම හිසකෙස් ඇල්ලීම

හිසකෙස් ඇතිල්ලීම, ඇඹරීම, කරකැවීම ,තදකිරිම වැනි දේවල් නිතර කිරීමෙන් හිසකෙස් වලට හානිවීම සිදුවිය හැකියි. නිතරම හිසකෙස් ඇදිමෙන් හිසකෙස් තැටි නැතිනම් බිම්බ දුර්වල වීමට පටන්ගනියි. ඔබේ දෑත් වල දහදිය, කුණු දූවිලි ,තෙල් වැනි අපද්‍රව්‍ය ‍රැඳී තිබිය හැකියි. එය ඔබේ හිස්කබලේ නීරෝගි බවට හානිකරමින් විවිධ ආසාදන සහ සමට හානිවීම් සිදුවිය හැකියි හැකිතාක් හිසකෙස් නො අල්ලා සිටීමට උත්සාහ කල යුතුයි.

තෙත කොණ්ඩය තදින් පීරීම

හිසකෙස් තෙත්ව තිබෙන විට ඒවා ඉතා දුර්වල සහ ඝර්ෂණයට ලක්වීමේ සම්බාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතියි. ජලය මඟින් හිසකෙස් වල ආරක්ෂක ආවරණය තාවකාලිකව අවහිර කිරීම මෙහිදී සිදුවේ. තුවායකින් හිසකෙස් තදින් අතුල්ලා පිස දැමීම හෝ පනාවකින් පිරීම මඟින් වැඩි හිසකෙස් ප්‍රමාණයක් ගැලවි යා හැකිය. ස්නානය කරන විට සාමාන්‍යයෙන් හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යාමට හේතුව වන්නේ ද මුලින්  සඳහන් කල කරුණයි.

  • ඔබට කල හැකි දේ: හිසකෙස් සේදීමට පෙර හිසකෙස් වල අවුල් ලිහමින් හොඳින් හිසකෙස් මුල සිට අග දක්වාම පීරාගන්න. මෘදු තුවායකින් හිසකෙස් අතුල්ලන්නේ නැතිව තුවායෙන් මිරිකමින් ජලය ඉවත් කරගන්න.