හිම තුල සැඟව සිටිය වසර 5300 ක් පමණ වයසැති අයිස් මිනිසෙක් හමුවෙයි

පෘථිවිය කියන්නේ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්. මේ කතාවත් ඒ වගේ ලොව මවිත කල පුවතක්. කඳු තරණය කල පිරිසකට ස්වභාවිකව සංරක්ෂණය වූ මිනිස් සිරුරක් හමු වි තිබුණා. මෙය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ආකාරයේ සොයාගැනීමක් වීමත් විශේෂත්වයකි. ඔස්ට්‍රෝ-ඉතාලි ඇල්ප්ස් කඳුකරයේ තරණය කරමින් සිටි Elmot සහ Erika Simon දෙපළට තමයි මේ පුදුම සහගත දේ හමුවි තිබුණේ.

ඔවුන් දෙදෙනාට හමුවූ මේ ඇට සැකිල්ල පිලිබඳව ඔවුන් දෙදෙනා බලධාරීන් දැනුවත් කර තිබුණා.මෙය ඔවුන්ට හමුවී තිබුණේ ඇල්පයින් ග්ලැසියරයක් තුල තිබියදියි. ඇට සැකිල්ල පිටතට ගැනීමට ජැක් මිටියක් සහ අයිස් පොරොවක් භාවිතා කිරීමට ඔවුන්ට සිදුවී ඇත. ඉන්පසුව මෙය මෘත ශරිරාගාරයක් වෙත යවා තිබෙනවා.

Otzi the Iceman

මෙම මෘත ශරීරය පසුව ඔට්සි නම් අයිස් මිනිසා ලෙස හැඳින්වීමට පටන්ගෙන ඇත. ඔට්සි නම් අයිස් මිනිසා තමයි දැනට සිටින පැරණිතම සංරක්ෂිත මානවයා වන්නේ. විශේෂඥයින් පවසන ආකාරයට  ඔහු මියයන්නට ඇත්තේ ක්‍රි.පූ. 3350- 3100 ත් අතර කාලයේදී බව අනුමාන කෙරේ. ඔබ ඇතැම් විට විශ්වාස නොකරාවි , නමුත් මිය ගොස් සිටි ඔට්සි නම් මේ අයිස් මිනිසාගේ සිරුරේ ටැටූ 50 ක් නිරීක්ෂණය කරන්නට හැකි වි තිබුණා. ඔහු වසන්ත හෝ ග්‍රීෂ්ම සෘතුවකදි මියයන්නට ඇතැයි ද ඔවුන් අනුමාන කරති. මෙම සිරුර Zurich දක්වා නැව්ගත කිරීම  සිදුකර තිබූ අතර ස්විස් ජාතික පර්යේෂකයින් විසින් මේ සිරුර X-ray පරීක්ෂණ ඔස්සේ වැඩිදුර පිරික්සීම් කටයුතු වල නිරත වී ඇත.

වැදගත් කරුණු හෙලිවේ.

පර්යේෂණ වලින් අනාවරණය වි තිබුණේ ඔට්සි ස්වභාවික මමිකරණයට ලක්වි ඇත්තේ මීට වසර 5300 කට පමණ පෙරදී බවයි. ඔහු වයස අවුරුදු 45 ක් පමණ වයසැති, උස සෙ.මී. 165 ක් පමණ උස ඇති සහ බර රාත්තල් 84 ක් පමණ බරකින් යුතු පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත. මිනිසාගේ හිසකෙස් වල තිබී හමුවූ තඹ සහ ආර්සනික් අංශු වල මට්ටම මඟින් හඳුනාගැනීමට හැකිවී ඇත්තේ ඔහු වෘත්තිය ලෙස තඹ විරුහනය කර ඇති බවයි.

ඔහු මියයන්නට ඇත්තේ කෙසේද?

CT scan පරීක්ෂණ වාර්තා වලින් පෙන්නුම් කර තිබූ ආකාරයට මොහුගේ වම් උරහිසේ ඊතල හිසක් සිරවී තිබී ඇති බව සොයාගැනීමට හැකිව තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ අතේ ප්‍රධාන ධමනියකට හානිවී ඇත. විශේෂඥයින් පවසන ආකාරයට ඔට්සි නම් මෙම මානවයා වෙනත් ගෝත්‍රයකට විරුද්ධව ඇතිවූ කැරලි ප්‍රහාරයකට සම්බන්ධවන්නට ඇති බව අනුමාන කරයි. වර්තමානයේ මෙම අයිස් මානවයාගේ සිරුර Bolzano හි ‘South Tyrol Museum of Archaeology’ නම් කෞතුකාගාරය තුල ප්‍රදර්ශණයට තබා ඇත.

බොහෝ විට ඔහුගේ රුව මේ පින්තූරයට සමාන පෙනුමක් වන්නට ඇති!

අධ්‍යයන වල සඳහන් වන අකාරයට ඔහුගේ රුව මෙම ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණය අනුසාරයෙන් ගොඩනැගූ මෙම පින්තූරයට සමාන වන්නට ඇතැයි අනුමාන කරයි!