හින්දි නිළියන්ටත් වඩා සුන්දර අශිකා මතසිංහ සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිතය

අශිකා මතසිංහ කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක්, ඇය වැඩිපුරම ජනප්‍රිය වුනේ වෙළඳ දැන්වීම් නිසා. ඒ වගේම ඉතාම කෙටිකලකින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සහ සිනමා ක්ෂේත්‍රයටත් සම්බන්ද වන්න අවස්තාව ලබාගත්ත්තා හැබැයි දැන්නම් ඇය වැඩිය පෙන්න නෑ. අශිකා විසින් රංගනයෙන් දායක වුන ‘කොළඹ සන්නිය රිටන්ස්’ ‘ෆේස් ටු ෆේස්’ ‘ඇලඩින් හා පුදුමු පහන’, ‘හොරා අංකල්’ වැනි සිනමාපට ලංකාවේ ගොඩක් ලංකාවේ ජනප්‍රිය වුනා.

අශිකා විවාහ වෙන්නේ සුරේන්ද්‍ර සමග. ඒ ආදර කතාව පටන්ගත්ත විදිය ගොඩක් සුන්දරයි ඉතින් ඒ කතාව පිලිබඳ අශිකා අපිට කිවුවේ මෙහෙමයි ” ඇත්තටම අපි දෙන්නා මුණගැහුණු කතාව නම් ටිකක් දිගයි. මුලින්ම මට සුරේන්ද්‍රව මුණගැහුණේ නෙරංජලාගේ වෙඩින් එක දවසේදී. සුරේන්ද්‍රගේ හොඳම යාළුවෙක් තමයි ඉෂාන් අයියා. සුරේන්ද්‍ර රැකියාව කරන්නේ ගුවන් හමුදාවේ. ඒ වෙද්දී සුරේන්ද්‍ර වැඩ කරලා තියෙන්නේ හිඟුරක්ගොඩ කෑම්ප් එකේ. එයා කොළඹ ආපු දවසක “කිඳුරංගනා නාට්‍ය රූගත කරන තැනකට ගිහින්. නෙරංජලා සහ චමල්ෂා කියන්නේ මගේ හොඳ යාළුවෝ දෙන්නෙක්. ඉතින් එදා මේ දෙන්න එක්කත් සුරේන්ද්‍ර ගොඩක් හිතවත් වෙලා කතාබහ කරලා තියෙනවා. ඔය කාලේදී සුරේන්ද්‍රට විවාහ වෙන්න කෙනෙක් ගෙදරින් හොයමින් ඉඳලා තියෙන්නේ. ඒ ගැනත් කියලා කට්ටිය සුරේන්ද්‍රට හොඳට විහිළු කරලා තියෙනවා. ඊට පස්සේ කොයි වගේ කෙනෙක් ද හොයන්නේ කියලා අහලා, සුරේන්ද්‍ර ඒ වෙලාවේ වෙලාවේ මම හිටපු ගීතයක් ගැන කියලා ඒ සින්දුවේ ඉන්න ගෑනු ළමයා වගේ කෙනෙක්ට මම ආසයි කියලා. මටත් ඒ වෙද්දී ගෙදරින් විවාහ යෝජනා සොයමින් හිටියේ නිරංජලාගේ වෙඩින්එකේදී සුරේන්ද්‍රත් ඇවිත් මාත් එක්ක කතා කළා. ඊට පස්සේ තමා අපි අඳුනගෙන යාලු වුනේ” කියලයි. ඉතින් දැන් අශිකා සහ සුරේන්ද්‍ර දැන් ගොඩක් සුන්දර යුග දිවියක් ගත කරනවා, ඉතින් මේ තමා ඒ සුන්දර කැදැල්ල.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.