හිතාගන්න බැරි විදියට ජීවත්වුණු ලෝකෙම ආදරේ කල චරිත 10ක්

සුපිරි තරු වලට ලැබෙන්නේ ඉමහත් ජනප්‍රසාදයක්. නමුත්, සෑම ජනප්‍රිය චරිතයකටම ජනප්‍රිය වීමට පෙර අතීතයක් තිබෙනවා. ඒ කාලයේ ඔවුන්ගේ පෙනුම කොහොමද කියනවා නම් ඇතැම් අයව හඳුනාගැනීමත් ඉතා අපහසුයි. ජීවිතයේ යම් හැරවුම් ලක්ෂ්‍යයකදී ලෝකයේම අවධානය දිනාගනිමින් අතිශය ජනප්‍රියත්වයකට පත්වීමට තරම් වාසනාවන්ත වූ මේ සුපිරි තරු 10 දෙනාගේ අප්‍රකට ඡායාරූප එකතුව දකින විට ඔබටත් එසේ සිතේවි. බලන්න ඔබ ආදරය කරන තරු මේ අතර ඉන්නවාද කියලා!

01. Meryl Streep

හොලිවුඩයේ බිහිවූ දක්ෂතම සහ අග්‍රගන්‍ය රංගන ශිල්පිණියක් ලෙසයි ඇයව හඳුන්වනු ලබන්නේ. ජනප්‍රිය වන්නට පෙර ඇයත් සාමාන්‍ය කාන්තාවක්. මේ ඇය වරක් උමංදුම්රියක ගමන් ගත් අවස්ථාවක ලබාගත ඡායාරූපයක්. කොහොම වුණත් ඇයගේ ලස්සන නම් කිසිම අඩුවක් නැහැ කියලා මෙය දකින ඕනම කෙනෙක් කියාවි.

02. Robert Downey JR

අපි කවුරුත් ආදරය කරන Iron Man චරිතයට පණපොවන ජනප්‍රිය නලු Robert Downey කලකට ඉහත ඉතා ආන්දෝලනාත්මක චරිතයක් බව බොහෝ දෙනා හොඳින් දන්නා කාරණයක්. ඡායාරුපයේ දැක්වෙන්නේ ඔහු තම බිරිඳ සහ තම සුරතල් පූස් පැටවා සමඟ ගත කරන අවස්ථාවක්. ඔහු පූසන්ට ඉතා ආදරය කරන පුද්ගලයෙකු බව ඔහු විසින් මාධ්‍ය සාකච්ඡා ‍රැසකදී පවසා තිබෙනවා. ඔහු වරක් කියා තිබුණේ ඔහුට පූසන් සමඟ සන්නිවේදනය කල හැකි විශේෂ හැකියාවක් තිබෙනව බවයි.

03. Barrack Obama

හිටපු ඇමෙරිකානු ජනාධිපති Barrack Obama එරට පමණක් නොව ලෝකයේම ජනාදරයට පාත්‍ර වූ රාජතාන්ත්‍රිකයෙක්. ඔහුගේ අසහාය පෞරුෂය ඔහු ලොව බිහිවූ විශිෂ්ට නායකයෙකු බව සපථ කරවයි. මේ ඔහු තරුණ අවදියේදි ගත් එක් ඡායාරූපයක්.

04. Princess Diana

ඩයනා කුමරිය යනු මුලු ලෝකයේම ආදරයට සහ ගෞරවාදරයට පත්වූ කාන්තාවකි. ඇයගේ රූමත්බව දෙගුණ තෙගුණ කරවන අපුරු ආකාරයේ විලාසිතා ‍තෝරාගැනීමෙහි ලා ඇය අති දක්ෂ බව නොරහසකි. ඡායාරූපය දැක්වෙන්නේ ඇය ඉතා සරල කැෂුවල් ඇඳුමකින් සැරසි තම දරුවන් සමඟ විනෝද වෙමින් සිටින අවස්ථාවකි. කුමන විලාසිතාවකින් හැඩවුණත් ඇයගේ සුරූපි බවේ නම් කිසිම අඩුවක් නැහැ.

05. Michael Jackson- Paul McCartney

මේ ඡායාරූපය රත්‍රං වලට සමාන බවයි කියන්නේ. ලෝකප්‍රසිද්ධ සංගීතඥයින් දෙදෙනෙකු එකම ඡායාරූපයකින් දැකගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. මෙය ඔවුන් දෙදෙනා පිඟන් බඩු සෝදමින් පිසදමමින් සිටින අවස්ථාවක් දැක්වෙන ඡායාරුපයකි. තමන් දෙදෙනා ලෝකයේ අමරණීය කලාකරුවන් දෙදෙනෙකු වේ යැයි ඒ කාලයේදී ඔවුන්ට නිකමටවත් සිතෙන්න නැතිව ඇති නේද?

06. Winona Ryder

Black Swan චිත්‍රපටය හරහා ඔබ හමුවන  ඇමෙරිකානු සුරූපි නිලි  Winona ගේ කලකට ඉහතදී ගත් අතිශය සුන්දර ඡායාරූපයක්. ඇයගේ සුන්දරත්වයට  ප්‍රේක්ෂකයින් ආකර්ෂණය වෙන එක අහන්නත් දෙයක්ද?

07. Brad Pitt

Brad Pitt කියන්නේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ වගේම කඩවසම් නලුවෙක්. මේ තියෙන්නේ ඔහු තරුණ අවදියේ දිගු කොණ්ඩයක් වවාගෙන හිටපු කාලයේ ගත් ඡායාරූපයක්. ඔහුගේ හැඩකාර පෙනුම කොහොමද?

08. Julia Roberts

Julia Roberts කියන්නේ දක්ෂ ඇමෙරිකානු නිලියක්. ඇය වරක් තම Notting Hill චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වී සිටියේ අලංකාර දීප්තිමත් රතු ගවුමකිනි. මේ ඡායාරූපය ඒ අවස්ථාවේදී ලබාගත් එකකි. එහි ඇය තම කිහිළි ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත් කර නොතිබීම ගැන ආන්දෝලනයක් ඇති වී තිබුණා.  නිලියක් එසේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණීම අමුතුම සිදුවීමක් ලෙසයි වාර්තා වී තිබුණේ.

09. Leonardo Dicaprio

ඔස්කාර් සම්මානලාභි නලු Leonardo කියන්නේ කාන්තාවන් අතර සිහින කුමාරයෙක් බඳු සුපිරි තරුවක්. දක්ෂකම, පෞරුෂය, සංවේදීකම සහ කඩවසම පෙනුම යන ගුණාංග ඔහු කෙරෙන් වඩාත් කැපී පෙනෙයි. මේ තියෙන්නේ මේ කඩවසම් තරුණයා විසේකාර ලාබාල වියේදි ගත් ඡායාරූපයක්. අපූරු කොණ්ඩ විලාසිතාවක් නේද? කොයි තරම් වෙනස් පෙනුමක් වුණත් ඔහුට ආකර්ෂණය නොවී ඉන්න එක නම් කරන්න අමාරු වැඩක්.

10. Angelina Jolie

ඇමෙරිකානු සිනමාවේ සරාගීම නිලිය කියලයි බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ. ඇයගේ සුරූපි බවට සහ ඇයගේ රංගන කෞෂල්‍යය ගැන හැඳින්වීම් සපයන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ඇය මුලු ලෝකයේම අතිශය ජනප්‍රසාදයට පත්ව සිටින නිලියක්. ඇය දශක ගණනාවක සිටම හොලිවුඩය හැඩකරන නිලියක්. ඡායාරූපයේ දැක්වෙන්නේ ඇය ඉතාමත් තරුණ වියේදි ගත් ඡායාරූපයක්. ඇයගේ සුරූපී බවට වසඟ නොවන්නේ කවුද?