හිතාගන්න බැරි වැඩ කරලා ලෝක වාර්තා තියපු මිනිසුන් 9ක්

King of Air හෙවත් “ගුවනේ රජු” ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති The Grand Canyon නම්  විශාල රතු පාෂාණ වැටිය ගැන ඔබ මින් පෙර අසා ඇති. එහි දිග කි.මි.445 කට වැඩි අතර ප්‍රපාතය නැතිනම් ගැඹුර මීටර් 1829 ක් පමණ වේ.මෙම ස්ථානයට උඩින් වයරයක් ඔස්සේ ගමන් කරමින් වාර්තාවක් පිහි‍ටුවීමට සමත් වූ ලොව පළමු පුද්ගලයා වූයේ Nik Wallenda නැමැත්තායි. එම ස්ථානයට උඩින් එසේ  තරණය කිරීම අපහසු අභියෝගයක් බව එතැනට ගිය ඕනම කෙනෙකු හොඳින් දන්නා කරුණකි. නමුත්, මෙම පුද්ගලයා හට එය සාර්ථකව සිදුකල හැකි විය. ඉතින් ඔහුට ඒ නමින් ඇමතිම වර්ඩහක් නැහැ කියලයි හිතෙන්නේ!

“ප්ලෑන්ක්” ව්‍යායාමෙන් ලෝක වාර්තාවක් – හිටපු නාවික නිලධාරියෙකු ලෙස සේවය කර ඇති George Hood නමැත්තා විසින් පිහිටවූ වාර්තාව දශකයක දී වත් බිඳහෙලිය නොහැකි තරමේ විශ්මිත වාර්ථාවක් වී ඇත. ඔහු ‘ප්ලෑන්ක්’ ව්‍යායාම ඉරියව්වෙන් නොසෙල්වි නිසිටි කාලය දැක්වූයේ පැය 9 යි මිනිත්තු 20 ක් ලෙසයි. එසේ ඔහු විසින් බිඳ දැමුවේ පැය 9 මිනිත්තු 11 ක් ලෙස සටහන් වූ වාර්ථාවකි. එහි හිමිකරුද ඔහුමයි.

පර්වත බිත්ති දිගේ – ලොව ඇතැම් පුද්ගලයින් පුදුමාකාර දක්ෂකමකින් සහා නිර්භීතකමකින් යුතු  සුපිරි ආත්මවිශ්වාසයකින් යුතු අය වෙති. Alex Honnold යනු එවැනි ආකාරයේ දක්ෂයෙකි. බලන්න ඔහු පර්වතයේ ඉහළට නගින අපූරුව දිහා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි – මේ ඉන්නේ වයස අවුරුදු 91 ක් වන ජර්මානු ජිම්නාස්ටික් ශූරියකි. කනු මත සමබරතාව ‍රැකගනිමින් ඇය දක්වන ජිම්නාස්ටික් රංගනය ඉතා විශ්මයජනකය.

අධිෂ්ඨානය ඇත්නම් ආබාධිත බව බාධාවක් නොවෙයි කියා ඔප්පු කල මිනිසෙක් – එවරස්ට් කන්ද තරණය කල පළමු දෙපා ආබාධිත පුද්ගලයා වූයේ Mark Inglis නමැත්තායි. ඔහුගේ දෙපා ඔහුට අහිමි වී ඇත්තේ වරක් ඔහු විසින් නවසීලන්තයේ ඇති උසම කඳු මුදුනක තිබූ හිම ගුහාවක සිරවී සිදුවූ අනතුරකිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 23 ක් විය. නමුත්, ආබාධිතයෙකු ලෙස සිතින් නොවැටී ලොව උසම කන්ද තරණය කිරීමට තරම් ඔහු අධිෂ්ඨානශීලි අති දක්ෂයෙකු වූයේය.

බෝට්‍ටු පදින්නෙකුගේ අත් – ඔලිම්පික් රන් පදක්කම්ලාභී බෝට්‍ටු ශූරයෙකු වන Alex Gregory වරක් තම දෑත් වල ඡායාරූපයක් මෙසේ Twitter සමාජ ජාලාවේ පළකර තිබුණි.

ලොව ශක්තිමත්ම දරුවාද මේ? – Giuliano Stroe නම් මෙම කුඩා දරුවා බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වි ඇත්තේ වයස අවුරුදු 2 දීය. ඔහු සිටින්නේ රුමේනියාවේයි. ආරංචි මාර්ග පවසන ආකාරයට ලොව ශක්තිමත්ම දරුවා ලෙස හැඳින්වෙන්නේ මොහුයි.

පාපැදිකරුවෙකුගේ පාද – පෝලන්ත පාපැදි ශූරයෙකු වන Pawel Poljanski තම Instagram ගිණුමේ පළකරතිබූ ඡායාරූපයක් තමයි මේ. ඔහු එසේ පළකර තිබුණේ ඔහු සහභාගී වූ කි.මි. 165 ක් දුරකින් යුතු ප්‍රංශ පාපැදි සවාරිය සාර්ථකව නිමා කිරීමෙන් පසුවයි. කොහොම ශක්තියක් ද කියලා හිතාගන්න පුලුවන්නේ?

අත් නැති වුණත් ගිටාර් වයන වාදන ශිල්පියා – Jose Antonio Melendez Rodriguez නම් මොහුට උපතින්ම අත් පිහිටා තිබී නැත. නමුත්, එය ඔහු ගිටාරයට පෙම් බැඳීමට බාධාවක් නොවීය. ඔහු ගිටාරය තම පාද වලින් වැයීමට ඉගෙන ගත්තේය. ඔහුගේ දක්ෂකම වචනයෙන් විස්තර කල නොහැකි තරම් විශිෂ්ටය.

හිම මිනිසා – Wif Hof නැමති මොහු ලන්දේසී ජාතික ත්‍රාසජනක ක්‍රීඩාවල යෙදෙන්නෙකි (extreme athlete). ඔහුට හිමි ලෝක වාර්තා ගණන 20 කට අධිකය. ඉන් එකක් තමයි මේ ඡායාරූපයේ දැක්වෙන්නේ. ඒ තමයි ලොව දිගුම අයිස් ස්නානයට හිමි ගිනස් වාර්තාව පිහිටවූ පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වීම. පුදුමයි නේද?