හිතාගන්නවත් බැරි වේගයකින් ලොකුමහත් වුණු තරු දරුවෝ 10ක් මෙන්න

ජනප්‍රිය තරු වලට හිමිවන ජනප්‍රියත්වය ඔවුන්ගේ දරුවන්ටත් හිමිවෙනවා. ඒ නිසාම තරු ගැන විතරක් නෙවෙයි තරු දරුවන් ගැනත් මුලු ලෝකයේම අවධානය නිතරම යොමුවෙලා තියෙනවා. මේ ලැයිස්තුවේ ඉන්න බොහෝ දරුවන්ගේ දෙමාපියන් ඒ අයගේ උපත ගැන එහෙමත් නැතිනම් ඒ අය හදාවඩා ගැනීමට භාරගත් බව ප්‍රේක්ෂකයින්ට කියා සිටියේ අද ඊයේ වගෙයි දැනෙන්නේ. කොහොමවුණත් කාලය කියන්නේ අපි හිතනවාට වඩා වේගයෙන් ගත වෙන දෙයක් කියල හිතෙන්නේ මේ දරුවන් එදා සහ අද ඉන්න වෙනස දැක්කමයි. ඒ තරමටම මේ අය ඉක්මනින් ලොකුමහත් වෙලා. ඒ විතරක් නෙවෙයි ඔවුන් මේ වන විටත් තමන්ගේම වෘත්තිය ගමනක නියැලිලයි සිටින්නේ. තමන්ගේ දෙමාපියන්ගේ ජනප්‍රියත්වය නිසාම ලෝකයම ආදරය කරන තරම් ජනප්‍රියත්වයක් ලැබුණු මේ තරු දරුවන් එදා සහ අද ඉන්න විදිය දැක්කොත් ඔබට පුදුම හිතේවි කාලය මේ තරම් ඉක්මනට ගත වෙන දෙයක් ද කියලා!

01. Maddox Joliea-Pitt

සුපිරි නිළි Angelina Jolie විසින් ඔහුව හදාවඩා ගැනීමට භාරගෙන තිබුණේ 2002 වසරේ කම්බෝජියාවෙනි. ඒ වන විට ඇය මාස 7 ක බිලි‍ඳෙකි. ඇය විසින් හදාවඩා ගත් දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා ඔහුයි. වර්තමානයේ Maddox කියන්නේ කඩවසම් තරුණයෙක්. ඔහු විසින් මේ වන විටත් තම මව සමඟ එක්වී චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වි සිටිනවා. First They Killed My Father නම් චිත්‍රපටය ඔහු නිෂ්පාදනය කල එකකි. මෙම චිත්‍රපටය සම්මාන 9 කට නිර්දේශ වු අතර ඉන් සම්මාන 3 කටම පාත්‍ර වීමට සමත් වී ඇත. ඔහු නළුවෙක් ලෙසත් ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටියි.

02. Paris Jackson

ඇය පොප් රජු Michael Jackson සහ Debbie Rowe යුවලගේ ගේ එකම දියණියයි. 1998 වසරේ උපත ලබා ඇති ඇය මේ වන විට 23 වන හැවිරිදි වියේ පසුවේ. ඇය නිරූපිකාවක්, නිළියක්, ගායිකාවක් මෙන්ම සංගීතඥවරියක් ලෙස කටයුතු කරමින් සිටියි. 2018 තිරගත වූ Gringo චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වූවකි.

03. Lily-Rose Depp

ඇය Jonny Depp සහ Vanessa Paradis යුවලගේ දියණියයි. ඇය සිනමාරූපණ ක්ෂේත්‍රයේ නියැළී සිටින දක්ෂ පෞරුෂයක් ලෙස හඳුන්වනු ලබන අතර හතරවන ලොස් ඇන්ජලීස් සම්මාන උළලේදී ඇය හොඳම නිළියට හිමි සම්මානය හිමිකරගත්තාය. ඇය මේ වන විට චිත්‍රපට 10 ක රංගනයේ යෙදී ඇත. ඒ අතර The king , A faithful Man, The Dancer වැනි චිත්‍රපට කැපී පෙනෙයි.

04. Zahara Marley Jolie-Pitt

Angelina Jolie සහ Brad pitt යුවල ඇයව හදාවඩා ගැනීමට භාරගත්තේ 2005 වසරේදී ඉතියෝපියාවෙනි. Zahara මේ වන විට 16 වන හැවිරිදි වියේ පසුවේ. ඇය චිත්‍රපට කිහිපයක රංගනය දක්වා තිබේ. ඇයගේ සිහිනය සුපිරි ගණයේ නිරූපිකාවක් වීමටයි.

05. Dylan Brosnon

ඔහු Pierce Brosnan සහ Keely Shaye Brosnon යුවලගේ පුත්‍රයායි. ඔහු උපත ලබා ඇත්තේ 1997 වසරේයි. වර්තමානයේ පියාගේ අඩිපාරේ යමින් ඔහු සිනමා ක්ෂේත්‍රයට සහ රංගනයට සම්බන්ධ වී සිටියි. Out of Reach, Poisoning Paradise, The young Motivators Club වැනි චිත්‍රපට තුලින් ප්‍රේක්ෂකයින්ට ඔහුව දැකගත හැකියි.

06. Rumer Willis

Demi Moore සහ සුපිරි නළු Bruce Willis ගේ දියණියන් තිදෙනාගෙන් වැඩිමහල් දියණිය ඇයයි. Now and Then නම් 1995 වසරේ විකාශය වූ ප්‍රහසන කතාමාලාව හරහා වයස අවුරුදු 7 දී ඇය රංගනයට පිවිසියාය. මේ වන විට චිත්‍රපට 20 කට අධික ගණනක ඇය රංගනයෙන් දායක වී ඇත.

07. Liv Freundlich

නිළි Juliane Moore සහ අධ්‍යක්ෂකවරයෙකු වන Bart Freundlich යුවලගේ දෙවන දරුවා ඇයයි. ඇය මේ වන විටත් රංගනය ඇයගේ වෘත්තිය ලෙස ‍තෝරාගෙන තිබෙනවා. Trust the Man චිත්‍රපටය හරහා ඇය සිනමාවට පිවිසියාය. එය ඇයගේ පියා අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක් වූ අතර එහි ඇය තම මව සහ සොහොයුරා Caleb සමඟ එහි එකට රංගනයෙන් දායක වූවාය.

08. Zoe Kravitz

නළුවෙක් මෙන්ම සංගීතඥයෙකු වන Lenny Kravits සහ නිළි Lisa Bonet යුවලගේ දියණිය වන ඇය රංගනයේ සාර්ථක ගමනක නියැළෙමින් සිටියි. එමෙන්ම ඇය ගායිකාවක් මෙන්ම නිරූපිකාවක් ලෙස ද ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටියි. ඇය ලෝකප්‍රසිද්ධ ව්‍යාපාර සන්නාම සමඟ එක්ව කටයුතු කරමින් සිටියි. 2019 වසරේදී ඇය නලු Karl Glusman සමඟ විවාහ වි තිබූ අතර අවාසනාවන්ත ලෙස එම විවාහය මාස 18 කට පසුව දික්කසාදයකින් කෙළවර විය.

09. Patrick Schwarzenegger

ඔහු උපත ලබා ඇත්තේ 1993 වසරේ දීයි. ඔහු Arnold Schwarzenegger සහ Maria Shriver යුවලගේ පුත්‍රයායි. ඔහු හිටපු ඇමෙරිකානු ජනපති ජෝන් කෙනඩිගේ ඥාති පුත්‍රයෙකි. ඔහු වර්තමානයේ නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙකු ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටියි.

10. Brandon Thomas  සහ  Dylan Jagger Lee

ඔවුන් දෙදෙනා Pamela Anderson සහ Tomy Lee යුවලගේ පුත්‍රයින් දෙදෙනායි. Brandon  මේ වන විටත් චිත්‍රපට 3 කට තම රංගන දායකත්වය ලබාදී තිබෙන අතර Dylan ද එක් චිත්‍රපටයකට සම්බන්ධ වී සිටිනවා. කොහොම වුණත් ඔවුන් දෙදෙනාම දැන් හොඳ කඩවසම් තරුණයින් දෙන්නෙක්.