‘හැම කෙල්ලෙක්ම තමන් ගැන විශ්වාසය තියාගන්න’ ළඟදී මවු පදවිය ලැබූ දිනක්ෂි කියන කතාව

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. 1990 වසරේ මාර්තු 18 වෙනිදා උපන් ඇය ලංකාවේ නිලියක් වගේම නිරූපන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක වගේම රූපවාහිනී නිවේදිකාවකද වනවා. ඒ වගේම අයගේ සහෝදරියන් දෙදෙනාත් කළා ලෝකයේ ගොඩක් ජනප්‍රියයි. දිනක්ෂිගේ පියා ලංකාවේ සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් ඔහු තමයි දිනෙෂ් ප්‍රියසාද්.

2000 වසර සිට කළා ක්‍ෂේත්‍රයේ සක්‍රීය ඇය විවිද කළා නිර්නාමන ගණනාවක් හරහා ලාංකේය රසික ආදරේ දිනාගන්න සමත්වෙනවා. ඒ වගේම දිනක්ෂි විවාහ වෙන්නෙත් ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සමග ඔහු තමයි සාරංග දිසාසේකර. කොහොම වුනත් මේ විවාහය පිලිබඳ ලංකාවේ හැමෝම ගොඩක් කතා කරන්න පටන් ගත්තා. එයට හේතුව තමයි සාරංග කලින් විවාහ වී සිටි අයෙක් නිසා.

කොහොම වුනත් මඩ ගැසීම් නොවැටුන මේ යුවල දැන් විවාහ දිවියේ ඊළඟ පියවර තබලා. සාරංග සහ දිනක්ෂි කියන්නේ මේවනවිට පුංචි දියණියකගේ ආදරණීය දෙමාපියන් යුවලක්. ඉතින් මේ කැදැල්ලට සතුට ගෙනා මේ පුංචි සුරංගනාවියට තවම නමක් තියලනම් නෑ. ඉතින් කොහොම වුනත් දිනක්ෂි පසුගිය දිනක ඇයගේ ඉන්ස්ටර්ග්රෑම් පිටුවට අපූරු සටහනක් එකතු කරලා තිබ්බා ඒ ඇය වෙනුවෙන් පලවුන පොස්ට් එකක් සම්බන්දවයි. ඒ සටන තමයි පහතින්.