හැමෝම මට ආදරේ කරන්නේ දෙවෙනි ඉනිම නිසා – නයනතාරා

පිට පිට දෙවැනි වරටත් දෙවෙනි ඉනිම හරහා ජනප්‍රියම නිළිය වෙන්න අවස්ථාව උදාවූ ඇය. සොයාගෙන එයාගේ නිවෙසට ගියා. ඇයට මේ තරම් ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ ඇයගේ නිහතමානීකමට, සිනවට මෙන්ම දඟකාරකමට කියා ඇයව දකින අපට නොසිතුණාම නෙමෙයි. අද අපේ කතාබහා ගොඩක් සුවිශේෂි වෙයි.

නයනතාරා කියන්නද නැත්නම් දෙවුමි කියන්නද…?

කැමති නමක් කියන මොකද ඒ නම් දෙකම මට හොඳට පුරුදුයි

හොදයි අපි නයනතාරා කියන්නම්කෝ, දෙවැනි පාරටත් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියම නිළිය වුණා මොකද හිතෙන්නේ ඒ ගැන ?

ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ ගැන. ප්‍රේක්ෂකයන් මාව මේ තැනට අරගෙන ආව එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. ලොකු තරගකාරිත්වයක් තිබුණා. ඒ නිසා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

මේ තරම් ප්‍රේක්ෂකයන් ඔබට ආදරේ කරන්නේ ඇයි ?

ප්‍රේක්ෂකයන් මට ගොඩක් ආදරෙයි. මට හිතෙන්නේ ඒ ආදරේ වැඩිපුරම ලැබුණේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය හරහා. විශේෂයෙන් ස්තුති කරන්න ඕන සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂවරයාට, ටීවී දෙරණ ආයතනයට

ඔබ ගැන වැඩිපුරම සතුටු වෙන්නේ ගෙදර අය නේද ?

ඔව්. ඒ අයට ගොඩක් සතුටුයි. අම්මා තමා හැම මොහොතකම සෙවනැල්ල වගේ මගේ පස්සෙන් ඉන්නේ. තාත්තගේ වැඩත් එක්ක එයාට ඉන්න අමාරුයි. ඒ වුණාට තාත්තා අවශ්‍ය වෙලාවට ළඟ ඉන්නවා. දෙයක් හරියනවා නම් ඒ අම්මගේ තාත්තගේ ආශීර්වාදය නිසා කියලා මම හිතනවා

ජනප්‍රියම නිළියට ටෙලි නාට්‍ය සඳහා ආරාධනාවලින් නම් අඩුවක් නැතිව ඇති නේද..?

ගොඩක් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණා. ඒත් භාරගත්තේ නැහැ වැඩ ගොඩක් පටලවා ගත්තොත් දින ප්‍රශ්නේ මතුවෙන නිසා. එක වැඩක් භාර ගත්තා. ඒ ‘භාවත්මා’ කියන ටෙලි නිර්මාණය. කොටස් 50 ක නිර්මාණයක් නිසයි භාර ගත්තේ දෙවෙනි ඉනිම එක්ක තවත් මෙගා ටෙලියක් කරන්න අපහසුයි.

තවම සිනමා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාව උදා වුණේ නැද්ද ?

සිනමාවට මම ගොඩක්ම ආසයි. මේ වෙද්දී නිර්මාණ තුනකට ප්‍රධාන භූමිකාව නිරුපණය කරන්න අවස්ථාව ලැබුණා. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන එක දවසක අපි කියන සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබුණා. ඒ නිර්මාණය සම්භාව්‍ය ගණයේ එකක්. මේ වන විට රටවල් කිහිපයකම සම්මාන උළෙල සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ළඟදීම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි.