‘හැමෝම කියනවා මගේ ඇස් ලස්සනයි කියලා’ කලාවට සමු දුන් ජනප්‍රිය නිලි ක්‍රිශානි අලංකි කියන කතාව

නිරූපිකාවක ලෙස කලාවට එළඹෙන ඇය වර්තමානය වන විට බොහෝ ජනතා හදවත් දිනාගන්න සමත් වෙනවා. ටෙලිනාට්‍ය, වගේම සිනමාව ඔස්සේ නිළියක ලෙස නම් දරන ඇය කිෂානි අලංකි. මුලික අධ්‍යාපනය කොළඹ ජාත්‍යන්තර පාසලේ ලබාගත් කිෂානි නීතිය පිළිබඳ උපාධි දාරිනියක්ද වෙනවා. අවුරුදු 15 න් නිරූපන කේෂ්ත්‍රයට එන ඇය ප්‍රථමයෙන් සුරඟන කිරිල්ලියේ ගීතයේ රංගනයට එකතු වෙනවා. ඉන් අනතුරුව සන්ලයිට් වෙළද දැන්විම හරහා ඇය බොහෝ ජනප්‍රියතාවයකට පත් වෙනවා. එයින් පසුව විවිධ නිර්මාණ හරහා ඇය ජනතාව අතරට පැමිණෙනවා. පසු කාලිනව ඇය කලා ලෝකයේ දකින්න ලැබුනේ නෑ.

ඉතින් ඒ ගැන අපි ඇයගෙන් අසා සිටියා. ඇයි කලාවට සමුදුන්නේ කියලා ඉතින් ඇය අපට දුන්නේ මේ වගේ පිළිතුරක් “ඇත්තටම මම කලාවට සම්බන්ධ නොවුනේ වැඩිපුර කාලයක් මගේ ව්‍යාපාරයට යොමු කරන්න සිද්ධ වුන නිසා මම අවුරුදු එක හමාරක් විතර දකින්න ලැබුනේ නෑ. රාධා කියන මගේම සාරි ෂොප් එකක කරන නිසා ඒ කටයුතු එක්ක මම ගොඩක් කාර්යබහුල ⁣වුනා. ඒත් ආයේත් කලාවට සමබන්ධ වෙනන මම බලාපොරොත්තු වෙනවා.” කියලයි.

නිතිය පිළිබඳ උපාධියක් තියාගෙන ඇය එයින් ප්‍රයෝජනයක් නොගන්නේ ඇයි දැයි අපි ඇයගෙන් අසා සිටියා. ඉතින් ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක් “නිතිය ඉගෙන ගත්තා කියලා උසාවියේ නඩු කතා කරන්නම් ඕනි කියලා මම හිතන්නේ නෑ. අනික මම නඩු කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම ඉගෙන ගත්ත නිතිය පිළිබඳ දේවල් මම වෙන විදිහට ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද නිතිය කියන්නේ උසාවියම නෙවෙයි.” කියලයි.

කිෂානි කියන්නේ ගොඩක් සුන්දර කාන්ටාවක්. ඇගේ ඇස්වල තියෙන අමුතු ලස්සන නිසාම ඇ⁣ය බොහෝ දෙනාගේ හදවත් ඇදබැද තබා ගන්න සමත් වෙනවා. ඉතින් කිෂානි දකින බොහෝ දෙනා ඇයගේ සුන්දරත්වය වර්ණනා කරන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. “ගොඩක් අය කියන්නේ මගේ ඇස් ලස්සනයි කියලා. ඒ වගේම සමහර අය මගේ ෆිගර් එක ලස්සනයි කියලත් කියනවා. සුන්දරත්වය කියන්නේ සාපේක්ෂ දෙයක් මට ලස්සන දෙයක් තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. ඉතින් මම ලස්සන ගැනනම් වැඩිය හිතන්නේ නෑ” කියලයි.

ආදරය ගැන කිෂානි හිතන්නේ කොහොමද ? “ආදරය කියන්නේ හැමෝටම ඕන දෙයක් ඉතින් මමත් ආදරේ විඳිනවා. මොකද ආදරය කියන දේ කාලයත් එක්ක මම බලාපොරොත්තු වෙන දෙයක් අම්මා වුනත් කියන්නේ ආදරේට ආදරේ කරන්න කියලා. මට ඒකට ගෙදරින් බලපෑමක් නෑ. ඉතින් මම කාලයට ඉඩ දිලා බලාගෙන ඉන්නවා” කියලයි.