‘හැමෝම ආස මම හදන බටු කරිය කන්න’ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි ෆොන්සේකා කියන කතාව

නිරූපණ කලාවෙන් මතුවුන ශ්‍රිමාලි මේ දිනවල බොහෝ දෙනා කතා කරන චරිතයක්. ඉස්සරහට යන්න ටෙලිනාට්‍යයෙන් තම කලාව ආරම්භ කරගත් ඇය මොණර කඩදාසි, රාවනා, සකර්ම, තණමල්විල කොල්ලෙක්, ආදි ටෙලිනාට්‍ය රැසකින් හමුවෙනවා. ඇය විවාහක රූ රැජින කිරුළටද හිමිකම් කියු සුන්දර යුවතියක්. ඉතින් අද අපි කතා කරන්න සුදානම ඇය ගැනයි.

ශ්‍රිමාලි මේ දිනවල බොහෝ ජනප්‍රිය සකර්ම ටෙලි නාට්‍ය හරහා නේද? “ඔව් මේ දිනවල මගේ වැඩ කටයුතු ඒ ටෙලිනාට්‍ය එක්ක කෙරිගෙන යනවා. අලුත් ටෙලිනාට්‍ය වගේකුත් කරන්න අදහසක් තියෙනවා. මම කලාවට එන්නේ ඉස්සහට යන්න, ටෙලිනාට්‍ය හරහා වුනත් මේ දවස් වල මගේ වෙනස්ම චරිතයක් නිසයි මම කතා බහට ලක් වෙලා තියෙන්නේ. මොකද සකර්ම කතා මාලාවේ සුමාලි කියන්නේ වෙනම චරිතයක්. ස්වාමියා නැතිව ජිවිතේ තනියම සුමාලි ගෙවන ජිවිතේ හරිම කර්කෂක කටුක එකක්. පහුගිය කාලය පුරාවට මම රංගනයෙන් දායක වුන චරිත වලට වඩා වෙනස්ම එකක්. ඇත්තටම මම හරි ආසාවෙන් මේ චරිතය කරනවා.”

ශ්‍රිමාලි සුන්දරත්වය රකින නිළියක් වගේම ආදරණිය මවක්. රංගනය එක්ක පවුල් ජිවිතේ ගෙවන විදිහ ඇයගෙන් අපි අහද්දි ඇය අපිට කිවේ මෙහෙම අදහසක්, “රංගන කටයුතු එක්ක ඇත්තටම මට ගෙදර දොර වැඩ මග හැරුණ තැන් තිබුනා. හැබැයිමම දුවට මවෙ මග හැරෙන්න ඉඩ දුන්නේ නෑ. මම රූපලාවණ්‍ය නිර්මාණකරණය දේවල් පවා කලා. මගේ දුව ඉගෙන ගන්න ව⁣යසේ නිසා මම එයාට අවධානය දෙන්න දෙපාරක හිතන්නේ නෑ.”

අපිට දැනගන්න ලැබුනා ශ්රීමාලිට රසට උයන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා ඇත්ත ඒක ? මම එහෙම කියන්න දන්නේ නෑ. හැබැයි මම හදන කෑම කන ගොඩක් අය කියනවා කෑම රසයි කියලා. මට රසටම හදන්න පුළුවන් බටු තමයි. ඒවගේම තව සලාද එහෙමත් රසට හදන්න පුළුවන්. අපේ ගෙදරට කන්න එන හැමෝම වගේ කියන්නේ බටු කරියක්නම් අනිවාර්යෙන් හදන්න කියලා”

ඔබ ඔබේම රූපලාවණ්‍යගාරයක් පවත්වාගෙන ගියත් වෘත්තීය එක්ක ඒකට මොකද වුනේ, “ඇත්තටම මගේ වෘත්තීය රංගනය. ඉතින් ඒ නිසා මම රංගන කටයුතු කරනගෙන යද්දි මට තව දේකට යොමු වෙන්න අපහසු නිසා මම සැලුන් එක වැහුවා. දැනට රංගන කටයුතු කරගෙන ජිවිතේ ගෙවනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශ්‍රිමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.