හැමෝම ආදරේ කල ජනප්‍රිය ගායක දමිත් අසංක දැන් ගෙවන ජීවිතයේ චායාරූප 16ක්

ලංකාවේ කාලෙන් කාලෙට විවිද තරු ඇවිත් නැති වෙලා යනවා නමුත් සමහර තරු අපේ හදවත් වල ජීවත් වෙනවා තමන්ටම ආවේනික හඬ පෞර්ෂයක් ඇති හදවතේ ගායකයෙක් වන දමිත් අසංකත් ඒ වගේ චරිතයක් ඒ හඬට ලංකාවම ආදරේ කරනවා ඉතින් මේ පුංචි කතා බහ අපි හැමෝම ආදරේ කරන දමිත් එක්ක

01. දමිත් වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබට හිතෙන්නේ කොහොමද ?

මෙහෙමයි අපේ අතීතය ගත්තත්, වර්තමානය ගත්තත් අපිට පැහැදීමක් ඇතිවෙන්නේ ඒ ගෙවන තත්පරය මත. වත්මන් සංගීත ක්ෂේත්‍රය තත්ත්වය ගැන කලකිරීමෙන් කතා කරන පිරිසකුත් ඉන්නවා වගේම බොහොම උජාරුවෙන් කතා කරන පිරිසකුත් ඉන්නවා. මම ඉතින් ඔය දෙගොල්ලම මැද්දෙ මධ්‍යස්ථව ඉන්නවා. මොකද මම දන්නවා පිරිසක් කලකිරෙනකොට පිරිසකට තවත් පිරිසක් සංතෝස වෙනවා. ඕක අතීතයෙත් එහෙමයි, අනාගතයෙත් එහෙමයි. වර්තමානයේත් එහෙමයි නිසා මම ඕකට අර්ථ දෙන්නෙ නැහැ. කලකිරීමෙන් තොරව ධර්ම අවබෝධයෙන් ජීවිතයට ඉදිරියට රැගෙන යනවා.

02. දමිත් කාලක ඉදන් ආගම දහමට ටිකක් වැඩියෙන් යොමුවෙලා වගේ නේද?

මම අවුරුදු කීපයක ඉඳන් බුද්ධ දර්ශනය පිළිබඳව ගැබුරින් අධ්‍යයනයක ඉන්නවා. ආගමට වඩා මම දර්ශනයටයි කිට්ටු වෙලා ඉන්නේ. දර්ශනය ඉගෙන ගන්න ඕන මුලින්. ඒ වගේම මගේ ලොකු අශාවක් තියෙනවා විශ්වයේ තියෙන සියලුම ඇත්ත හොයාගන්න. ඒ පිළිබඳවත් මම අධ්‍යයනයක ඉන්නවා දැන් මගේ එකම අරමුණ ඒක

03. ගොඩක් කලාකරුවන් අද අසරණ පත්ව තිබෙනවා මේ අය වෙනුවෙන් සොයා බලන්න කිසිම කෙනෙක් නෑ නේද

ඇත්තටම ඒ ගැන ගැඹුරින් කතා කළයුතු වටිනා මාතෘකාවක්. කලාකරුවෝ ගැන රජයෙන් හෝ වෙනත් ආයතනයකින් හොයන්නෙ නෑ කිව්වම ඒවා අහන් ඉන්න කෙනාට හිනාවෙන්න තැනක් නැතුව යනවා. මොකද මම නම් හිතන්නෙ දැන් කලාකරුවන්ට කලාකරුවන්ම පිහිට වෙනවා. ඒ නිසා අපි කිසිම වෙලාවක කලකිරෙන්න හොඳ නැහැ. ඕනෑම කෙනෙක්ට දුක් කරදරයක් වෙන්නෙ කර්ම ශක්තිය එක්ක ඒක තමා ජීවිතේ කියන්නේ. ඉතින් ඒක වෙනස් කරගන්න පුළුවන් තමන්ටම තමයි. තමන් තමා හැමදේම කරගන්න ඕන

04. ඔබත් පසුගිය කාලයේ යම් යම් අසනීප තත්ත්වයෙන් පසුවුණා නේද?

ඔව්. මම පසුගිය කාලයේ විවිධ අසනීප ගණනාවකට මුහුණ දුන්නා. මම ඒවා උජාරුවෙන් කියන්නෙ නැහැ මට එහෙම කියන්න ඕනත් නෑ. අසනීප වෙනවා කියන පොදු ධර්මතාවයට මමත් මුහුණ දෙනවා. පසුගිය කාලයේ මට උගුරේ අසනීපයක් පවා ඇතිවුණා. වෛද්‍යවරුන් කිව්වෙ වැඩිපුර ගීත ගායනා කළ නිසා කියලා. ඒවත් එක්ක මම පරිස්සම් වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් සියල්ල කරගෙන යනවා. අසනීප ඇතිවෙනවා, නැතිවෙනවා කියලා දන්න නිසා ඒවා ගැන වැඩිය හිතන්න හොඳ නැහැ. ඒක තමා ලෝක ස්භාවය

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.