හැමෝම ආදරේ කරන හුරතල් කෙල්ල, චමීෂා දිසානායකගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

චමීෂා දිසානායක කියන්නේ ගොඩක් අය ආදරේ කරන චරිතයක්. සිරස ටීවී ඔස්සේ විකාශනය වුන රැස් ටෙලි නාට්‍යයෙ දසුනි කියන චරිතය හරහා පුංචි තිරයට පිසෙන ඇය, 12වන වියට පය තබන විටම වෙළඳ දැන්වීම් නිරුපන ශිල්පිනියක් බවට පත්වෙනවා. එතැන්සිට මේ දක්වා ඇය වෙළඳ දැන්වීම් 40කට වඩා වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය රැස් ටෙලි නාට්‍යට සම්බන්ද වෙන්නේ අහම්බයෙන්, එම නාට්‍යය‍යේ අධ්‍යක්ෂ අකිල අභයරත්න ‍මේ චරිතයට කර්ල් ‍කොණ්ඩයක් ති‍යෙන තරුණියක් තමයි ‍හොයමින් ඉඳලා ති‍යෙන්නේ. ඉතින් චමීෂා හඳුනන අයියා ‍කෙ‍නෙක් ඇය රඟපෑ සන්ලයිට් ‍වෙ‍ළෙඳ දැන්වීම ඔහුට ‍පෙන්නලා. ඊට පස්සේ තමයි චමීෂා මේ චරිතයට තෝරාගෙන තියෙන්නේ

චමීෂා කියන්නේ මව, පියා සහ වැඩිමහලු සොහොයුරි සමග හැදී වැදුන තරුණියක්, ඇය අද්‍යාපන හදාරන්නේ වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් කන්‍යාරාම‍යෙන්. ඒ වගේම ඇය මේ වනවිට මෝස්තර නිර්මාණකරණය පිළිබඳ උ‍පාධියක් හදාරලා තිබෙනවා. සමහර අය කියන්නේ චමීෂා කියන්නේ ගොඩක් ආඩම්බර කෙනෙක් කියලා නමුත් ඒ පිලිබඳ චමීෂා කියන්නේ මේ වගේ කතාවක්. – අනේ මම එහෙම නෑ. ඒ වුණාට සමහර මිනිස්සු මං අලි ඔළු‍වෙන් ඉන්නේ කියලා මං ගැන වැරැදියට හිතනවා. ම‍ගේ පාඩු‍වේ පැත්තකට ‍වෙලා ඉන්නයි මම කැමැති. මාව ළඟින් ඇසුරු කරන අය මම ‍කොයි ව‍ගේද කියලා ‍හොඳින් දන්නවා. ඉතින් ඔයාල හැමෝම ආදරේ කරන හුරතල් කෙල්ලෙක් වන චමීෂා දිසානායකගේ සුන්දර පින්තූර ටිකක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.