හැමෝම ආදරේ කරන සරා සුරංගනාවියක් වගේ හැඩකාර බුවිණි එක්ක ගෙවන සුන්දර ජීවිතය

ලංකාවේ මේ දවස්වල බාල මහලු හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සරාගේ චරිතයට පන පොවන රංගන ශිල්පියාත් මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් හැමෝම ආදරේ කරන සරාගේ චරිතයට පනපොවන්නේ සජිත ඇන්තනී විසින් ඉතින් මේ දවස්වල සජිත්ගේ කළා කටයුතු පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මේ දවස්වල මම ජනතාව අතර ඉන්නේ සරා විදියට ඉතින් ඒ නාට්‍යයේ රූගතකිරීම් වල නිරත වෙනවා ඒ වගේම මම අලුත් ගීතයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම සිනමාපට හතරක වගේම නාට්‍ය තුනකටත් මගේ රංගන දායකත්වය් ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” කියලයි.

මේ වනවිට සජිත විවාහකයි ඔහු විවාහ වෙලා ඉන්නේ බුවිනිකා සමග ඉතින් සජිත ඔහුගේ පවුලේ විස්තර පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි ” ඇත්තම කියනවනම් ආදරය විවාහය වගේ බැඳීම් වලට මම ගොඩක් ගෞරව කරනවා. මම ඒ දේවල් ඉගන ගත්තේ අපේ පවුලෙන්. මගේ පවුලේ අම්මා අප්පච්චී, අක්කා, අයියා, ඉන්නවා. මේ වෙනකොට අපි විස්තෘත පවුලක්. මට බුවීව වගේම මගේ අයියට එමී අක්කාවයි ආරන්‍යා චූටි දුවයි ලැබුනා. අක්කට මිලාන් අයියා ලැබුනා. පවුලේ පිරිස විශාල වෙන තරමට ඒ පවුල තවත් ශක්තිමත් වෙනවා. බුවී කියන්නේ සංසාරේ පතාගෙන ආව මට ලැබිය යුතුම කෙනා කියලා මට හිතෙනවා. ඇත්තම කියනවනම් එයා ලැබුන දවසේ ඉඳලා මගේ නිර්මාන වල ලොකු දියුණුවක් තියෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන බුවී ගේ සුදර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.