හැමෝගෙම ආදරේ දිනාගත් නාඩගම්කාරයෝ කතාවේ රත්නේගේ සුන්දර පින්තූර එකතුවක්

ලංකාවේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පියන් සහ රංගන ශිල්පිනියන් රැසක් සහ නවක මුහුණු රැසක් අලුතෙන් කළා ලොවට හඳුන්වාදුන් මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාධාන් විසින්. ඉතින් මේ නාඩගම් කාරයෝ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් ඉන්නවා, ඒ තමයි කුකුලා ලකුණ මුදලාලිගේ ගෙදර වැඩට ඉන්න කොල්ලා රත්නේ. පුංචි චරිතයක් වුනත් ඔහුගේ රංගන කුසල තාවනිසා රත්නේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්න රත්නේ කියන චරිතයට පන පොවන්නේ ශාරද් චන්දුම සිවගුරුනාදන් විසින්. ශාරද් කියන්නේ නාඩගම් කාරයෝ අධ්‍යක්ෂක ජයප්‍රකාශ් ශිවගුරුනාධාන්ගේ වැඩිමල් පුතනුවන්.

ශාරද් නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යට පෙර ‘මලී-2’ කොටස වූ ‘අත්තම්මා’ නාට්‍යයෙ රංගනයෙන් දායක වුනා, ඒ වගේම පහ සමත් සිනමාපටයේ වගේම කෝටිපතියෝ ටෙලිනාට්‍යයේ ‘සලිත’ කියන චරිතයටත් සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ශාරද් තාමත් පාසල් යනවා ඉතින් ඔහුගේ අධ්‍යාපන කටයුතු පිලිබඳ ශාරද් අපිට කිවුවේ මෙහෙමයි ”මම ඒ ලෙවල් වලට කරන්නෙ ගණිත අංශයෙන්. විෂයක් හැටියට ගත්තොත් ගණිතය, භෞතික විද්‍යාව, තොරතුරු සන්නිවේදන තාක්ෂණය තමයි ඇතුළත්. මෙයින් වඩා මම ආස භෞතික විද්‍යාවට. අධ්‍යාපනයෙන් මට තියෙන්නේ ටිකක් වෙනස් ඉලක්කයක්. මම ආසයි, භෞතික විද්‍යාවේ තියෙන එක එක දේවල් පාවිච්චි කරලා අපේ සිනමාවේ ප්‍රයෝජනයට යම් යම් උපකරණ සොයා ගන්න” කියලයි, ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නාඩගම් කාරයෝ කතාවේ රත්නේගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.