‘හස්බන්ඩ් ඉන්නේ රට වුනාට මම ගෙදර ඉන්නේ තනියම නිවෙයි’ දඟකාර නිලි උදාරි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න තරුණයන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. ඇයගේ සුන්දරත්වය නිසාම ලංකාවේ බොහොමයක් ප්‍රේක්ෂකයන් ඇයට වශීවෙලා කිවුවොත් නිවැරදියි. ‘බොඳමීදුම්’ නාට්‍යයේ සංසලා කියන චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය පසුව ‘සිහින පියාපත්’ නාට්‍යයේ ‘මන්දාකිනි’ ලෙසත්, ‘ආදර දෑසක්’ නාට්‍යයේ ‘මධූ’ ලෙසත් ඇය ආදරේ දිනාගන්න සමත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ‘පායන්න හිරු සේ’ ‘මහින්දාගමනය’ ‘සිහිනය දිගේ එන්න’ ‘ආදරණීය කතාවක්’ නම් සිනමාපට හරහාත් ඇය ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා. ඉතින් මේ දවස්වල උදාරිගේ දවස් ගෙවෙන විදිය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”හ්ම්.. මෙහෙමයි ගොඩක් කාර්ය බහුල කාලයක් තමයි මම ගතකලේ. මගේ සිනමාපටයක් ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි. ඒ වගේමේ මේ දවස්වල රටේ තත්වේ තරමක් නිසා ආරක්ෂාකාරීව ඉන්නවා” කියලයි.

උදාරි මේ වනවිට විවාහකයි ඉතින් ඇයගේ කැදැල්ලේ තොරතුරු අපි එක්ක බෙදාගත්තේ මෙහෙමයි. ‘මගේ දොනී තමයි මගේ ජීවිතේ. මගේ හස්බන්ඩ් දැන් සිංගප්පුරුවේ ඉන්නේ. ඉඩ ලැබෙන හැම වෙලාවේම එයා එනවා මාවයි දුවයි බලන්න. දැන් දූ ටිකක් ලොකුයි වැඩිදුර ඉගෙන ගන්න සිංගප්පූරුවට යන්නයි දු කැමැති. මම දැන් ඉන්නේ තනියම නෙවෙයි මම ඉන්නේ මගේ තාත්තා එක්ක. හැබැයි දැන් නිර්මාණවලට මගේ මුළු කාලයම වැය කරන්නට වැඩි නිදහසක් දැන් ලැබෙනවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන උදාරිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.