හර්ෂණ බෙත්මගේ අලුත් බිරිය ගැන දැන් කියන අමුතු කතාව

මේ දවස්වල රටේ තියෙන තත්ත්වයත් එක්ක අපේ පවුලේ හැමෝම හැමෝම රටේ නීතියට හිසනමලා මගේ විවාහ උත්සවය ගන්න සැලසුම් හදල තිබුණා ඒත් ඒ සැලසුම් එකක්වත් හරිගියේ නෑ විවාහ උත්සවය චාමෙට ගන්න තමයි සිද්ධ වුණේ කළා කරුවන් වශයෙන් අපි ආදර්ශවත් වෙන්න ඕනෑ උත්සවයක් ගනිද්දි. කොහොම හරි ලස්සනට චාම්ව අපේ විවාහ උත්සවය කළා.

  • වෙඩින් එක හින්ද හර්ෂණගේ යාළුවො තරහ වුණේ නැත්ද?
  • මෙහෙමයි රටේ දැන් තියෙන තත්වයත් එක්ක ක්‍ෂේත්‍රයේ සියලූම යාළුවන්ට කියන්න බැරිවුනා නමුත් තෝරාගත් පිරිසක් ආවා පනහකට තමයි සහභාගි වෙන්න නීතියෙන් අවසර දීල තිබුණේ. ඒ නිසා ක්‍ෂේත්‍රය තුළ සීමිත වැඩිපුරම හිතවත් යාළුවන් පිරිසක් එකතු කර ගත්තා අනිත් අය තරහා වෙන එකක් නෑ ඒ ගැන
  • මනාලියගේ විස්තර පොඩ්ඩක් කිව්වොත්?
  • ඇය මට මීට අවුරුදු දෙකකට කලින් මුණගැහෙන්නේ අරුණි මාව මුලින්ම අඳුර ගත්තේ මගේ බිස්නස් පාට්නර් විදිහට ඊට පස්සේ අරුණි මගේ හොඳම මිතුරියක් බවට පත්වෙනවා. මගේ ජීවිතයේ සියලූ දේ මම අතහැරල දාලා ලෙල්ලටම වැටිලා හිටපු අවස්ථාවක අරුණි මට ඒ සියල්ල සාර්ථක කරගන්න උදව් කළා අරුණි මට අලුත් පණක් දුන්නා අරුණි කියන්නේ ගොඩක් දේවල් හොඳින් වටහාගත්ත කෙනෙක් සහ විශ්වාස කරන කෙනෙක්. ඇය වගේ කෙනෙක් මට ලැබීමම වාසනාවක්, අරුණිගේ ගම කඩුවෙල අරුණිගේ පවුලේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි ඉන්නේ ව්‍යාපාරික පවුලක් එයාලගෙම කෙනෙක් වගේ මට ගොඩක් ආදරෙයි
  • ඇයි ඇයව තෝරාගත්තේ…?
  • ඇත්තටම අරුණි අරුණි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. ඕනෑම දෙයක් ෂණිකව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. පවුලක් කියන්නේ මොකක්ද? ගෘහණිය කියන්නේ කවුද? ආදරය කියන්නේ මොකද්ද සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියන දේවල් ගැන අරුණිට හොඳ අවබෝධයක් තියෙනවා
  • හර්ෂණගේ රගපෑමට අරුණිගෙන් බාධාවක් නැත්ද?
  • නැහැ ඒකට හේතුව මම රංගන ශිල්පියෙක් වෙලා ඉඳිද්දී තමයි අරුණි මාව දන්නේ ඒක තමයි මම මුලින් කිව්වේ අරුණිට හොඳින් යමක් වටහා ගැනීමේ හැකියාව තියෙනවා කියලා අරුණි මාව හොඳින් තේරුම් අරන් ඉන්නේ ඒ නිසා තමයි අරුණිගෙයි මගෙයි බැඳීම මෙච්චර දුරක් ඇවිත් අන්තිමේ ලස්සන දවසක් ආරම්භ කරන්න පවා පුළුවන් වුණේ
  • හර්ෂණගේ ජීවිතේ දෙවැනි වතාවට වෙනස් කළේ අරුණිද?
  • දෙවැනි වතාව කියන්නේ මෙහෙමයි ජීවිතේ ගොඩක් දේවල් හරි විදියට වෙනස් කළේ අරුණි. මම වැටෙන්න ඕනෑ අන්තිම තැනටම වැටුණා. මම ස්වභාව දහම විශ්වාස කරනවා. දෙවියන් බුදුන් විශ්වාස කරනවා අපි හරිනම් කිසිම දවසක අපිට වරදින්නේ නැහැ. ඒකට හොඳම උත්තරය තමයි අරුණි
  • ජීවිතය ගැන පසුතැවීම් කලකිරීම්, රිදීම් තියෙනවාද?
  • සත්තකින්ම නැහැ. ජීවිතයේ ඉගෙන ගත්තු දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඒ හැමදෙයක්ම හොඳ අත්දැකීම්, ජීවිතය කියලා දුන්න ඒ පාඩම් මම හොඳින් ඉගෙන ගත්තා. මම ඉන්න ක්‍ෂේත්‍රය සහ මම ඇසුරු කරන විවිධාකාර පුද්ගලයන් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වුණා. මගේ ජීවිතයේ ජීවිතයේ කිසිම තැනක කලකිරීම්, වෛර කිරීම් එහෙම කිසිම දවසක නැහැ අඩුම තරමේ මම කිසිම දවසක ගොසිප් සයිට් එකකට පත්තරයකට යටි සිතින්වත් වෛර කරනවා කියලා නැහැ. ඇත්තටම එහෙම වෛර කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ
  • හර්ෂණට අලූත් ආරාධනා එහෙම එන්නේ නැත්ද?
  • අලූත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තිබුණා පස්සේ ඒ ටෙලි නාට්‍ය දෙකම රූගත කිරීම් කරන්නේ නැහැ කියල මට දැනුම් දුන්නා. ගිය මාසයේ මුල සින්දුවක විෂුවල් එකක් කරන්නත් තිබුණා ඒකත් නැවතුණා සියලූම වැඩ අඩාල වෙලයි තියෙන්නේ
  • බිරිඳ රගපෑමට ඒවිද?
  • මම හිතන්නේ නැහැ ඇය එකට කැමති වේවි කියලා මොකද එයා රගපෑමට කිසිම ආසාවක් නැහැ. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක්. එයා ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා හැබැයි එයාගේ අදහස වෙනස් වෙවිදනම් කියන්න දන්නේ නෑ