හදිසි අවස්ථාවකදී ඔබ අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු 9 ක්

ජීවිතයේ අප බලාපොරොත්තුවෙන් සිටින දේවල් වලට වඩා අනපේක්ෂිත දේවල් සිදුවීමේ ප්රලවණතාව වැඩි බව අප හොඳින් දන්නෙමු. ඒවාට මුහුණ දීමට පෙර සූදානමකින් සිටීම ඔබට වඩාත් ප්ර්යෝජනවත් වනු ඇති බවට කිසිඳු සැකයක් නැත. හදිසි අවස්ථාවකදි විපතකින් ඔබේ ජීවිතය ගලවා ගැනීමට ඔබ කටයුතු කල යුතු ආකාර 9 ක් පිලිබඳව පහත දක්වා ඇත.

1. දුරකථනයේ බැටරියෙන් ගින්නක් ඇතිකරන්න.

ඔබ කැලයක අතරමංවූවා යැයි සිතන්න! ඔබේ පිහිටට ඔබේ දුරකථනයේ බැටරිය භාවිතා කල හැකියි. ස්මාර්ට් දුරකථන සහා ටැබ් පරිගණක වල බොහෝ විට ඇත්තේ ලිතියම් වර්ගයේ බැටරි වේ. එවැනි බැටරියක් යම් තියුණු ආයුධයකින් සිදුරු කරන්න. එහිදී ඇතිවන් රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ක්ෂණිකව ගින්නක් ඇති කෙරේ. ඊට පෙර ලී කෝ‍ටු කිහිපයක් එක් ‍රැස කර තබාගනිමින් ගින්න වර්ධනය කරගැනීමට සූදානම් කරතබාගන්න. දුම නිසා ඔබ සිටින ස්ථානය අන් අයට පහසුවෙන් සොයා ගැනීමට හැකි වේවි.

2 දියවැලකින් බේරීමට

මුහුදේ ස්නානය කිරීම් කොතරම් විනෝදජනක වුණත් ඒ අතරේදී ඇතැම් භයානක සංසිද්ධීන් වලට මුහුණ දිමට සිදුවිය හැකි ඉඩකඩ වැඩියි. එනම් rip current, නැතිනම් දියවැල් වැනි මාරක රළ ස්වභාවයන් කොයිම හෝ මොහොතක ඇතිවීමට ඇති අවස්ථාව බොහෝ වීමයි. මුහුද මැද්දේ දිය නාමින් සිටින විට මෙවැනි තත්වයක් ඇතිවීමේදී අපේ ශරීරය ස්වභාවිකවම වෙරළ දෙසට පිහිනීම සඳහා යොමුවීම සිදුවේ. නමුත්, එසේ කිරීමෙන් සිදුවන්නේ අප රළට හසුවී ඒ සමඟ ඇදී යාමයි. එමනිසා, මුහුදේ පිහිනන අතරේ ඔබ දියවැලකට හසුවුණහොත්, සෘජුව වෙරළ දෙසට පිහිනීම නොකල යුතුයි. එහිදී ඔබ විකර්ණව (diagonally) හෝ රළට සමාන්තරව පිහිනමින් ඉන් මිදීමට කටයුතු කල යුතුයි. දියවැල් පළලින් අඩු නිසා ඒවා හරහා පිහිනමින් ඔබට ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකිවේවි.

3. කිඹුලෙකුගෙන් බේරී පලා යන ආකාරය

ඔබ සෘජු රේඛාවක් ආකාරයෙන් ඉදිරියට දිවීම සිදුකිරිම නොකලයුතුයි. එවිට ඔබට වඩා වේගයකින් කිඹුලාට ඔබ අසලට පැමිණිමට හැකියාව ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ කොට පාද සහා දිගු ශරීරය නිසා ඔවුන් උදාසීන කමකින් ගමන් කරනු ලබයි. ඒ හේතුවෙන් බොහෝ විට ඔවුන් තම මානයෙන් ඉවත් වී යන ගොදුරු පසුපස හඹායාමට උනන්දු නොවෙති.නමුත්, කිඹුලෙකු ඔබේ පසුපස පන්නා ඒ නම් ඔබ අනුගමනය් කලයුතු පියවර මෙසේය. හැකිතාක් Zigzag ක්රේමයට වේගයෙන් ඉදිරියට දුවන්න. හැකිතාක් කිඹුලන් ගැවසෙන ජලාශ හා ගංගා වලට නොබැස සිටීම නුවණට හුරුවේවි.

4. ජෙලි‍ෆිෂ් දෂ්ඨකිරිමකදී

  • ජෙලි‍ෆිෂ් දෂ්ඨකිරීමක් සිදුවූ විට නියුරෝන කම්පන තත්වයක්, ආසාත්මිකතා සහා දරුණු විෂ ශරීරගතවීමක් සිදුවිය හැකියි.
  • තුවාලය හැකි ඉක්මනින් සෝදා පිරිසිදුකරගනිමින් එහි ඉතිරි වි ඇති ග්රාතහිකා (අඬු) ඉවත් කරගන්න. අලුතින් තුවාල ඇති වීම වළක්වාගැනීමට අනෙක් අත ආවරණය කරගනිමින් ඒවා ඉවත් කරගන්න.
  • තුවාලය සහිත ස්ථානය ලුණු වතුරින් සෝදාගන්න. පිරිසුදු ජලය කිසිඳු විටකදී භාවිතා නොකල යුතුයි. එමඟින් දෂ්ඨ කල ස්ථානයේ සෛල සක්රිකය වීමට ඉඩ ඇත.
  • විෂ ඉවත්කිරීමට, ඇපල් සයිඩර් විනාකිරි හෝ මද්යසසාර ස්වල්පයක් භාවිතා කරන්න
  • හොඳින් ජලය පානය කරන්න. එමඟින් ඔබට යථා තත්වයට පත්වීමට උපකාඅරයක් ලැබේවි.ඉක්මනින් වෛද්යඟවරයෙකු මුණගැසීමට කටයුතු කර ඖෂධ ප්රකතිකාර ලබාගන්න

5. නීති ත්‍රිත්වය මතක තබාගන්න

  • මෙම නීති මඟින් නිරූපණය වන්නේ යම් අවස්ථාවන් හිදි පුද්ගලයෙකුගේ ජීවිත අපේක්ෂාව රඳාපවතින උපරිම සීමාවන් පිලිබඳවය.
  • වාතාශ්‍රය නොමැතිව මිනිත්තු 3 ක් ජීවත්විය හැකියි
  • සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි කාලයක් ගත වීමෙන් පුද්ගලයා සිහිසුන් වීම සිදුවිය හැකියි.
  • ජලය නොමැතිව දින 3 ක් ජීවත්විය හැකියි
  • ඉන්පසුව, සිරුර දරුණු ලෙස විජලනයට පත් වීම සිදුවේ.
  • ආහාර නොමැතිව සති 3 ක් ජීවත්විය හැකියි.
  • ඒ තාක් කාලයක් සිරුරට ගැටලුවක් නොමැතිව ජීවත් විය හැකිය. ඇතැම්, විට ශරීරය ඊට අනුගත වී ප්‍රතිනිර්මාණය විම නිසා මාසයක් වුවත් ආහාර නොමැතිව සිටිය හැකි තත්වයකට පත්වීමට ද ඉඩ ඇත.

6. තුවාලයකට ප්‍රතිකාර කිරීම

තුවාලය වෙලීමට බැන්ඩේජ් පටි නොමැති නම් ඒ සඳහා සුපර් ග්ලූ භාවිතා කල හැකියි. එමඟින් තුවාල විවරයන් එකිනෙක පියවෙන සේ ලංකල හැකි අතර තුවාලය ආසාදනය වීමද වැළැක්වේ. නමුත්, හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙකු වෙත යාම වඩාත් නුවණට හුරු වනු ඇත.

7. තිබහා ඇති විට හිම ආහාරයට නොගත යුතුයි

හිම අධික ප්‍රාදේශයක ගමන් කරනා විට දී හිම ආහාරයට ගැනීම ඇතැම් හු සිදුකරති. තිබහා ඇති විට හිම ආහාරයට ගැනීම තිබහා සංසිදුවාගැනීමට ඇති හොඳම ක්‍රමයක් බව ඇතැම් අය සිතති. නමුත්, අසාද්‍ය තත්වයන් හීදි එසේ කිරීම සුදුසු නැත. එමඟින් ඔබට උගුරේ අපහසුතා හට ගැනීමට බොහෝ ඉඩකඩ ඇත. ඊට හේතුව නම් හිම නිසා ඔබේ ශරීරය අධික ලෙස සිසිල් වීමත් ඔබේ සිරුර උණුසුම්ව තබාගැනීමට සිරුරෙන් විශාල ශක්ති ප්‍රමාණයක් වැය වීමත් හේතු වේ. ඒ හේතුවෙන් ඔබේ අමතර ශක්තිය වැය වී ඔබව පහසුවෙන් ගල් ගැසී යාමටත් ඉඩ තිබෙනවා. හිම දියවන තුරු තබා පානය කිරීම ගැටලුවක් නැති බව ජිවිතාරක්ෂකයින් පවසති.

8. බඳුනක් ගිනි ගන්නා විට එය නිවාදමන ආකාරය

බඳුනක් හදිසියේම ගිනි ගනියි නම් එය වහාම නිවා දැමීමට කටයුතු කලයුතු වන්නේ එමඟින් ලිපත් පහසුවෙන් ගිනි ගැනීමට ඇති ඉඩකඩ වැඩි නිසාය. බොහෝ බඳුනක් ගිනි ගැනිමට හේතුව වන්නේ තෙල් අධික ලෙස රත් වීම නිසයි. තෙල් හොඳින් දහනය වන ද්‍රව්‍යක් නිසා ගින්න දරුණුව විශාල වී තෙල් හැම තැනම ඉහිරී යාමට ඉඩ ඇත. ගිනි දලු ඉතා කුඩා නම් බඳුනට බේකිං සෝඩා ඉසීම සිදුකරන්න. බේකිං සෝඩා මඟින් ඔක්සිජන් උරාගැනීම සිදුවේ. බඳුන ගිනි ගැනීම වැළැක්වීමට ඝනකම් කපු රෙද්දකින් පෑන් එක වසාගැනීම සිදුකරන්න. (සාමාන්‍ය බ්ලැන්කට්ටුෙවක් හෝ නවන ලද ටී-ෂර්ට් එකක් වැනි රෙදි භාවිතා කල හැක).

9. ගැඹුරු කැපුමකදී

යම් තියුණු දෙයක් ඇනීමෙන් ඇති වන තුවාලයකින් එහි ඇනී ඇති සියුම් ද්‍රව්‍ය කොටස් වහාම ඉවත් කිරීමට ඔබ කටයුතු කරනවා ඇත. නමුත්, ගැඹුරු තුවාල වලදී එසේ සිදුකිරීමට කිසිසේත් කලබල නොවිය යුතුය. එසේ ඇනී ඇති තියුණු වස්තුව නිසා නහර අවහිර වී තිබිය හැකි අතර ඒවා ඉවත් කිරිමට තැත් කිරීමේදී නහර තවදුරටත් කැපීයාමට පටන් ගැනීමෙන් අධික ලෙස රුධිරය වහනය වීමට ඉඩ ඇත. එබැවින් ගැඹුරු තුවාල අතින් ඇල්ලීමෙන් වැළකී වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම නුවණට හුරුය.