සොබාදහමෙන් තෑගී ලැබුන අපූරු මිනිසුන් 20ක් මෙන්න

ලෝක ජනගහනයෙන් රතු හිසකෙස් ඇති පුද්ගලයින්ගේ ප්‍රතිශතය 1%-2% අතර වේ. කොළ පැහැති ඇස් ඇති පුද්ගලයින්ගේ ප්‍රතිශතය ද ඊට සමානයි. මේවා හැමෝටම පිහිටන ලක්ෂණ නොවන නිසාම ඒවා අතිශයින්ම සුවිශේෂියි. මෙවැනි සුවිශේෂි ස්වභාවික පිහිටීම් ලක්ෂණ නිසාම පුද්ගලයින් එකිනෙකා අතර ඇති විවිධත්වය තවත් වැඩිවෙනවා. ඒ වගේම තමයි එවැනි ලක්ෂණ පිහිටා ඇති පුද්ගලයින් විශේෂ අය බවට පත්වෙනවා. බොහෝ දෙනා එවැනි සුවිශේෂි ලක්ෂණ පිහිටීම් සොබාදම් මාතාවගේ ආශිර්වාදයක් ලෙස අර්ථකතනය කරනවා.

මේ ඉන්නේ ඒ වගේ ලොව පුරා හමුවූ පුද්ගලයින් පිරිසක් ඔවුන්ගේ සුවිශේෂි ශාරිරික පිහිටීම් වල ඡායාරූප පළ කර තිබූ අවස්ථා එකතුවක්. මේ පින්තූර එකතුව “සුන්දරත්වය යනු විවිධත්වයයි” යන මතය තවදුරටත් තහවුරු කරනවා කියලයි හිතෙන්නේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

01. කොළ පැහැති ඇස්

02. මේ කුඩා දැරිය වඩාගෙන සිටින මේ කුඩා ළදරුවාගේ වයස අවුරුදු 4 ක් ලු. ශරීර ප්‍රමාණයෙන් විශාල නිසා ඒ බව කියන්නත් බැහැ නේද?

03. කොළ  පැහැති ඇස් හිමිකාරියක්

04. කුරුමිට්ටන්ගේ (elf) මෙන් ස්වභාවික කන් පෙති පිහිටා ඇති දරුවෙක්

05. පාදයේ මැද ඇඟී එකිනෙක බැඳි ඇති නෑනලා දෙන්නෙක්. තම බිරිඳගේ සහ නංගිගේ පාද වල ඡායාරූපය එක්තරා පුද්ගලයෙක් පළ කර තිබුණේ මෙහෙමයි. ඔවුන් දෙදෙනා එය හඳුනාගැනීම සමරලා තිබෙන්නේ එක සමාන ටැටූ විලාසිතාවක් කරගෙනයි.

06. අමුතු විදියට නවන්න පුලුවන් ඇඟිලි පිහිටීමක් ඇති පුද්ගලයෙක්

07. මේ කුඩා දරුවාට ස්වභාවිකව නාස් පොල්ලක් පිහිටලා නැතිලු

08. අනෙක් ඇඟිල්ල මතට පැටවී පිහිටා ඇති කුඩා ඇඟිල්ලක්

09. තාත්තගේ කකුලේ Size එක 9 යි, පුතාගේ කකුලේ Size එක 23 !

10. සමේ අඳින ඕනම රටාවක් මතුපිටට ඉලිප්පී පෙනෙන අමුතුම ආකාරයේ චර්ම ස්වභාවයක ඇති කාන්තාවක්.

11. අසාමාන්‍ය ලෙස ඉහළට වැවුණු ඇහි බැමි රෝම කූපයක්

12. අඟල් 2.5 පමණ දිගින් යුත් බාහුවේ පිහිටි දිගු රෝම කූපයක්

13. ඇල්බයිනෝ හෙවත් ඇලි පුද්ගලයෙකුගේ ඇසක සමීප දසුනක්

14. අසාමාන්‍ය උපන් ලප පිහිටීමක්

15. 13 හැවිරිදි මෙම දරුවාගේ අත A4 කඩදාසියක ප්‍රමාණයට සමානය

16. එකම හිසක වෙනස්ම කෙස් වර්ග දෙකක පිහිටීමක්

17. අලුහම් (vitiligo) තත්වයක් ඇති සුරූපි තරුණියක්

18. ස්වභාවිකව සුදු කෙහෙ ‍රැළි පිහිටා ඇති තරුණියක්.

19. පාදයේ මහපට ඇඟිල්ලට සමාන සේ දකුණු අතේ මහපට ඇඟිල්ල පිහිටා ඇති දරුවෙක්. ඔහුගේ වම් අතේ මහපට ඇඟිල්ල සාමාන්‍ය ලෙස පිහිටා තිබීමත් විශේෂත්වයක්.

20. ඇඟිලි පුරුක්  (knuckles) නොමැතිව උපත ලද අයෙක්