‘සෙනාලි නිතරම මට කියන්නේ හැංගිලා ඉන්නේ නැතුව එලියට එන්න කියලා’ කඩවසම් නළු හේෂාන් කියන කතාව

අපේ කළා ලෝකයේ වැඩිපුරම ඉන්නේ රංගන ශිල්පිනියන්, රංගන ශිල්පියන් ඉන්නේ බොහොම සුළු පිරිසක් පමණයි. ඉතින් මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් පිළිබඳ තමයි අපි අද කතා කරන්න යන්නේ. ‘සිරි දළදා ගමනය’ ‘යශෝධරා’ වැනි නිර්මාණ හරහා කලාවට පැමිණි ඔහු මේ වනවිට නිවේදකයෙක් වගේම ටෙලිනාට්‍ය රංගනය හරහාත් දැන් ජනප්‍රියයි. ඉතින් මේ වනවිට ලංකාවේ බොහොමයක් තරුණියන්ගේ අවදානය දිනාගෙන ඉන්න මේ දක්ෂ තරුව තමයි හේෂාන් මනුල කියන්නේ. මනුල දැන් අලුත් මුහුණුවරකින් කලාවට ඇවිල්ලා ඉතින් ඒ පිලිබඳ ඔහු කිවුවේ මේ වගේ කතාවක් ”ආ.., ඔව් මම අලුත් නාට්‍යයකින් නැවත කලාවට පිවිසිලා ඉන්නවා ඒ ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කරන ‘රේස්’ ටෙලිනාට්‍ය. මේ නිර්මාණයට මම මුලින්ම බෑ කිවුවා මොකද මට මුලින්ම කතා කලේ ‘රාධික’ කියන චරිතයට. මම නිරූපණ කටයුතු කරන සමහර බ්‍රෑන්ඩ්වල ගිවිසුම් තියෙනවා. ඒකත් එක්ක මට විලන් චරිතයක් කරන්න බෑ. ඊට පස්සේ මේ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා මගෙන් ඇහුවා උවිඳු කියන චරිතයට මගේ කොන්ඩේ කපන්න පුලුවන්ද කියලා. මම ඒකට කැමති වුනා.” කියලයි.

මේ නිර්මාණයට හේෂාන් සම්බන්ද වෙන්නේ හරිම අපූරු ක්‍රමයකට ඉතින් ඒ ගැන හේෂාන් අපිට කිවුවේ මේ වගේ කතාවක් ”සෙනාලි ෆොන්සේකා තමයි මගේ නම මේ නිර්මාණයට යෝජනා කරලා තිබ්බේ. සෙනාලි කියන්නේ ප්‍රසිද්ද අය ගොඩක් ඇසුරු කරන කෙනෙක්. මේ චරිතයට ගැලපෙනම කෙනා මම කියලයි ඇය කියලා තියෙන්නේ. සෙනාලි වුනත් මට කියන්නේ හැංගිලා ඉන්න එපා එලියට එන්න කියලා. හොඳ වැඩ කරලා එලියට එන්න මමත් ආසයි ඒකයි මෙහෙම ඉඳලා හිටලා හරි එලියට එන්නේ” කියලයි.

හේෂාන් මනුල කියන්නේ අඩු මුදලට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් ඔහුට වටිනාකමක් මේ වනවිට ඔහු විසින් හදාගෙන තියෙනවා ඉතින් ඒ පිලිබඳ ඔහු කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම පසුගිය කාලයේ මුදල ගැන හිතන්නේ නැතිව ලංකාවේ මම නම ගිය අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කළා. ඒත් එහෙම කලාම හැමෝම කතා කරන්නේ ඒ ගණන් වලට. මුදල ගැන හිතන්න ඕනේ නෑ කිව්වොත් ඒක වැරැදියි. වෘත්තීයමය ගරුත්වය කියන දේ රැඳිලා තියෙන්නේ මුදල එක්ක. අඩුවට වැඩ කරද්දී කිසිම දෙයක අගයක් නෑ. මම කරන දේ දෙයට උපරිම කැප වෙලා කරනවා. වැඩ කරන වෙලාවට අඩු ගානේ මම ෆෝන් එකවත් අතට ගන්නේ නෑ. මම රංගනයට ගොඩක් කැමතියි එත් මම අඩු ගණන්වලට වැඩ කරන්නේ නෑ එක මගේ ප්‍රතිපත්තියක් ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආසා කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හේෂාන් මනුලගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.