සුරූපි කාන්තා හමුදා නිළධාරිනියන් සහිත රටවල් 10

රටේ ආරක්ෂාව වෙනුවෙන් තම තම දිවි දෙවෙනි කොට සේවය කරන කාන්තා සෙබලියන්ගේ දායකත්වය ඉතා විශ්ෂටය. කාන්තා සෙබලියන්ගේ ඉතිහාසය වසර 400 කට වඩා පැරණිය. රටේ විවිධ ගැ‍ටුම් , අර්බුධ, කලකෝලාහල ඇතුලු යුධමය වාතාවරණ වලදී කාන්තා සෙබලියන් ලබාදෙන ශ්‍රමය සහා සේවය සුලුප‍ටු නොවේ. නමුත්, කාන්තාව යනු සුන්දරත්වයේ සංකේතය බඳුයි. කොතරම් හැඩි දැඩි සහා වගකීම් සහගත කාර්යක නිරතවුවත් මේ නිල ඇඳුමින් ඔවුන්ගේ සුන්දරත්වය වසන් කල නොහැකිය! ඔවුන් අතරින් ඇතැම් අය රූප සුන්දරියන්ටත් වඩා සුරුපී බව ඔබට ඇතැම් විට සිතේවි. විවිධ රටවල් වල දැකිය හැකි කාන්තා යුධ හමුදා බලකායන් අතරින් ලොව සුරූපීම කාන්තාවන්ගෙන් සැදුම්ලත් කාන්තා යුධ හමුදාවන් සහිත රටවල් 10 ක් ගැනයි මේ .

10. ඇමෙරිකානු හමුදාව

ඇමෙරිකානු හමුදා සෙබලියන්ගේ කණ්ඩායමට මේ ලැයිස්තුවේ හිමිවී තිබෙන්නේ දස වන ස්ථානයයි. විප්ලවකාරි වාතාවරණ පැවැති සමයන් වල පවා කාන්තා සෙබලියන් සටනින් දායක වී ඇත. ඇතැම් අවස්ථාවල පිරිමින් මෙන් වෙස්වලාගනිමින් පිටස්තර දේශයන්හි ගැ‍ටුම් වලට කාන්තා සෙබලියන් පිටත්කර හැරි අතීතයක් ද ඇමෙරිකාවට ඇත. 2012 වසර වන විට එරට මුලු කාන්තා සෙබලියන් ගණන දැක්වූයේ 165000 ලෙස වන අතර හමුදා සේවය යටතේ සක්‍රීය නිලධාරිනියන් ලෙස 35000 ක් පමණ සෙබලියන් ප්‍රමාණයක් සේවය කරති.

09. චෙක් ජනරජයේ යුධ හමුදාව

චෙකොස්ලෝවැකියානු නීතියට අනුව කාන්තාවන් සටනට එක් කරගැනීම සිදුනොකල අතර දෙවන ලෝක යුද්ධ සමයේ ඇති වූ අවශ්‍යතාවන් සමඟ ඔවුන් හමුදා සේවයට ඇතුලත් කරගැනීමට අවසර ලබාදීම සිදුවී ඇත. දෙවන ලෝක යධ සමයේ කාන්තා සෙබලියන් විශේෂ හමුදා වෛද්‍ය කණ්ඩායම් යටතේ, දුරකථන මෙහෙයුම්කාරිනියන් ලෙස, සහා ගුවන් ප්‍රහාරක යානා තුවක්කු භටයින් ලෙස ද සේවයේ නිරත වී ඇත. වර්තමානයේ මෙම කාන්තා සෙබල හමුදාව එරට ආරක්ෂක හමුදා යටතේ අනුබද්ධිත අංශයක් ලෙස පවත්වාගෙන යයි.

08. පෝලන්ත හමුදාව

පෝලන්ත හමුදා සෙබලියන් 2500 ක පමණ එරට ආරක්ෂක හමුදාවන් යටතේ සේවය කරති. පෝලන්ත පාබල හමුදාව, නාවික හමුදාව සහාඅ ගුවන් හමුදාව සහා ඇමෙරිකානු විශේෂ කාර්ය බලකායන් හි ගැහැණු පිරිමි භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් යටතේ සේවයෙහි නිරත වීමේ අවස්ථාව එරට කාන්තා සෙබලියන් හට හිමිවී ඇත.

 07. බ්‍රිතාන්‍ය හමුදාව

මේ ලැයිස්තුවේ ඔවුන් හට හිමි වී ඇත්තේ හත්වන ස්ථානයයි. එරට ආරක්ෂක හමුදාවන්ට අයත් අංශයක් ලෙස ඔවුන්ගේ සේවාව ස්ථාපිට කරන මෙන් ඔවුන් ඉල්ලා සිට ඇත්තේ 1990 වසරේ සිටයි. නමුත්, අද දක්වාම ඔවුන් බ්‍රිතාන්‍ය යුධ හමුදාව, රාජකීය නාවුක හමුදාව සහා රාජකීය ගුවන් හමුදා රෙජිමේන්තුව හි කාර්යේ නියුතු යුධ ඒකකයක් ලෙස හඳුන්වනු නොලබයි. කෙසේ වෙතත් ඔවුන්ගේ සේවාව වෙන් වූ ඒකකයක් ලෙස පවත්වාගෙන යයි.

06. පාකිස්ථානු හමුදාව

කාර්යන් හි සක්‍රිය ලෙස නියුතු කාන්තා සෙබලියන් සහිත එකම මුස්ලිම් රට ලෙස පාකිස්ථනු කාන්තා හමුදා කණ්ඩායම් හඳුන්වනු ලැබේ. පාකිස්ථානය ගොඩ නැගුණු 1947 වසරේ පටන් පාකිස්ථානු යුධ හමුදාවන් සඳහා කාන්තා සෙබලියන් බඳවාගැනීම සිදුවි ඇත. වර්තමාන පාකිස්ථානු කාන්තා යුධ සෙබල සේනාංකය ප්‍රමාණයෙන් ඉතා විශාල එකක් දක්වා වර්ධනය වී තිබේ. 2006 වසරේදි පළමු යුධ ගුවන් නියමුවරියන් සහිත කණ්ඩායම PAF විශේෂ හමුදා මෙහෙයුම සඳහා පිටත් කර හැරිනි. යුධ මෙහෙයුම් සඳහා ඔවුන්ව විශේෂ පුහුණු කරවීම් සඳහා යොදාගනු ලබයි. ජංගම සහා පාබල හමුදා ක්‍රියාන්විත සඳහා ඔවුන්ව පුහුණු කරනු ලබති. යුධ මෙහෙයුම් අතරේදී ඔවුන් හට සේවයේ නියුතු වීමට තහනම් වන එකම ආරක්ෂක අංශය වන්නේ පාකිස්ථානු නාවික අංශය වීම ද විශේෂත්වයකි.

05. ඊශ්‍රායලයේ හමුදාව

සතුරු ආක්‍රමණ සීමාවන් හි කාන්තා පාබල යුධ සෙබලියන් ස්ථනගත කරන ලොව එකම රට වනේ ඊශ්‍රායලයයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වන අය හමුදා සේවයට බැඳීම අනිවාර්ය කර තිබිණි. එරට හමුදා කණ්ඩායම් ‍රැසක් කාන්තා සෙබලියන්ගෙන් සමන්විතය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් හි 31% ම සිටින්නේ කාන්තාවන් ය.

04. ග්‍රීසියේ හමුදාව

ග්‍රීසිය තුල වයස අවුරුදු 18 සම්පූර්ණ වු පිරිමි පුද්ගල්යින් මාස 9 ක් සේවයේ නිරත වීම එරට හමුදාවන් විසින් නිර්දේශ කර ඇත. කෙසේවෙතත්, එරට කාන්තා සෙබලියන්ගේ සේවය ස්වෙච්ඡා පදනම යටතේ සිදුවේ. ඔවුන් හට අනිවාරය් හමුදා සේවය ලබාදීමට බලකිරීමක් නැත. කෙසේ වෙතත් ග්‍රීසියේ කාන්තා හමුදවන් සුරුපී කාන්තාවන්ගෙන් සමන් විත බව ප්‍රචලිතය.

03. ඕස්ට්‍රේලියානු හමුදාව

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සඳහා කාන්තා සෙබලියන්ගේ සේවය ලබාගැනීම ආරම්භ වී ඇත්තේ 1899 වසරේ සිටයි. දෙවන ලෝක යද්ධ සමය වන තුරුම ඔවුන් හට සේව්ය කිරීමට අවසර ලැබී තිබුණේ ඕස්ට්‍රේලියානු යුධ හමුදා හෙද සේවා අංශය තුල පමනකි. නමුත් 1941-42 වසර වල සිදුවී වෙනස්වීම් සමඟ ඕස්ට්‍රේලියානු රාජකිය නාවුක හමුදාව, හමුදාව සහා රාජකීය ගුවන් හමුදාව වඩාත් පුළුල් කරවමින් ඒවා යටතේ කාන්තා යුධ සෙබල සේනාංක පිහි‍ටුවිමට තීරණය කෙරිණි.එතැන් පටන් ඕස්ට්‍රේලියානු යුධ සෙබලියන් එරට ආරක්ෂක අංශයන් යටතේ අත්‍යවශ්‍ය සේවා සපයන ආරක්ෂක අංශයක් ලෙස සැලකේ. 80 දශකයෙන් පසු යුධ භූමිකාවන් හි ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ලබාදී ඇති අයුරු අසන්නට ලැබේ. වර්තමාන එරට හමුදා අංශ ‍රැසක ඉහළ තානාන්තර සහා නිළතල වල රාජකාරි සිදුකරන බොහෝ දෙනෙකු කාන්තා යුධ සෙබලියන් වීම විශේෂත්වයකි.

02. රුසියානු හමුදාව

ලොව සුරූපී බවින් වැඩිම කාන්තාවන් ජීවත් වන රටවල් අතරින් රුසියාවට හිමිවී ඇත්තේ ඉහළ ස්ථානයකි. ඔවුන්ගේ අතිශය සුන්දර බව ඔවුන්ගේ හමුදා කාන්තා හමුදා සේනාංකයන් තුලද වඩාත් කැපි පෙනෙන ලක්ෂණයක් වන නිසාම ඔවුන් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී සිටිති. රුසියානු යුධ ඉතිහාසයේ කාන්තා සෙබලියන්ගේ දායකත්වය සුලු ප‍ටු එකක නොවන බවත් එය වඩාත් අමරණීය සේවාවක් ලෙසත් එරට සැලකේ. පක්ෂපාතීත්වය වෙනුවෙන් පැවති යුධ තත්වයන් ඇතුලු එරට යුධ ඉතිහාසය පුරාවටම වඩාත් කැපී පෙනෙන සේවාවක් ඉ‍ටුකල ශක්තිමත් කාන්තා සෙබල සේනාංකයක් අද දක්වාම පැවතෙයි. ලොව වඩාත් සක්‍රීයම හමුදාවන් අතරින් දෙවන ස්ථානයට පත්ව සිටින්නේ රුසියානු හමුදාවයි.

01. රුමේනියානු හමුදාව

ලොව ප්‍රබලතම හමුදා අතරින් එකක් නොවුණත් රුමේනියානු හමුදාවන්හි සේවය කරන කාන්තා සෙබලියන් ලොව ලස්සනම සහා සරාගි බවින් වැඩිම හමුදා සෙබලියන් ලෙස ප්‍රචලිතව සිටියි.