සුපිරි රියදුරෙක් වෙන්න මෙන්න මේ කරුණු 9ය අනිවාර්යෙන් දැනගන්න

ඔබේ රිය ධාවන කුසලතාව වැඩිදියුණු කරගත් විට වාහනයක් පැදවීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව ඔබට වැටහේවි. දක්ෂ රියදුරෙකු ලෙස ආරක්ෂාකාරිව ගමනාන්තයට ලඟාවිමට මේ උපදෙස් පිලිපදින්න.

1 රිය ධාවන පුහුණු පාඨමාලාවක් හදාරන්න

ආරක්ෂක රිය ධාවන පුහුණුව නවකයින් පමණක් නොව වෘත්තිය රියදුරන් පවා ඇතැම් විට සහභාගී වන වැඩසටහන්ය. අන් අයගේ ආරක්ෂාව වගේම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් යම් දෙයක් ඉගෙන ගැනීමට යොමු වීම ලැජ්ජාවක් නොවෙයි. ඒ නිසා නොපමාව හොඳ පාඨමාලාවකට යොමු වන්න.

2 ඔබේ වම් පාදයෙන් තිරිංග තදකරන්න.

වම් කකුලෙන් තිරිංග යෙදීම එකවර කිරීම අපහසු අතර එය නිතර භාවිතය හරහා පුහුණු කරගත යුතුයි.සාමාන්යවයෙන් මෙම උපක්‍රමය භාවිතා කරන්නේ රේස් ධාවකයින් විසින්ය. එන්ජිමේ වේගය එසේ තිබියදි පහසුවෙන් වාහනය හැරවීමට, ධාවනය වන වේගය එසේම පවත්වාගැනීමට සහා මෝටර් රථයක් අවශ්යීය ප්‍රමාණයට වඩා හැරවීම පාලනය කිරීම වැනි හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීමට මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේ.

3 අනිත් වාහන වල වේගයෙන්ම ඉදිරියට ගමන් කරන්න

රියදුරු පුහුණු පාසලේදි ඉගෙනගන්නා නිතියක් වුණත් අනුගමනය කරන්නේ ඉතා සීමිත පිරිසකි. තදබදයක් ඇති විටකදි අනික් වාහන වල වේගයට වඩා අඩුවෙන් හෝ වේගයට වඩා වැඩියෙන් ධාවනය කිරීම අනතුරුදායක විය හැකියි.එමඟින් වාහන ගැටීම් වැනි අනතුරු ඇතිවිය හැකියි.තදබදය අනුව වේගය පාලනය කරගැනීම වැදගත්ය.

4 නිවැරදි ඉරියව්වෙන් ඔබේ අත් සුක්කානම මත තබාගන්න.

ඔරලෝසුවේ 10 සහ 2 ඉලක්කම් පිහිටන ආකාරයෙන් සුක්කානම මත අත තබාගත යුතු බව මතයයි. නමුත්, වර්තමානයේදි උපදේශකවරුන් පවසන්නේ එය 9 සහ 3 ඉලක්කම් ලෙස හෝ 8 සහා 4 ඉලක්කම් ලෙස සුක්කානම මත අත තබාගැනීම වඩාත් සුදුසු වන බවයි. එමඟින් රිය ධාවනයේදි හොඳ පාලනයක් ඇති කරගත හැකියි දිගු වේලාවක් කාර්යක්ෂම ලෙස දෑත් තබාගෙන සිටිය හැකි ඉරියව්වන් ලෙසත් හැඳින්විය හැකියි.

5 මෝටර් රථයක් අධික ලෙස හෝ අවම ලෙස හැරවීම සිදුනොකල යුතුයි. (Oversteer and understeer)

අවම ලෙස මෝටර් රථය හැරවීමේදී (understeering), ඉදිරිපස රෝද වල ඉදිරියට ඇදීමේ ස්වභාවය නැතිනම් සංකර්ෂණය ඉවත්වී යන්නේ වාහනය හරවන විට ත්වරණයේ වේගය වැඩි වන නිසායි. අධික ලෙස හැරවීමේදී (Oversteer ), ඉහත සඳහන් සිදුවීම වාහනයේ පි‍ටුපස රෝද වලට ඇතිවේ. ඔබ ධාවනය කරමින් සිටින්නේ ජලය සහිත හෝ අයිස් සහිත පාරක නම්, අධික වේගයෙන් ධාවනය නොකරන්න. සාමාන්‍ය වේගයක් පවත්වාගැනීමෙන් මෙම ගැටලු දෙකම වළක්වාගත හැකිවේ.

• අවවාදයයි! – understeering හෝ Oversteering අවස්ථාවකදී ගෑස් නිදහස් කිරීම හෝ බ්රේාක් පැඩලය තද කිරීම නොකල යුතුයි.

6 නිවැරදිව රථය ගාල් කරන්න

සමාන්තර ආකාරයෙන් ගාල් කිරීම වඩාත් සුදුසුයි.වාහනයක් නිවැරදිව ගාල් කිරීමට ‘parking sensors’ බොහෝ ප්‍රයෝජනවත් ය. ගාල් කිරීමේදී ඒවා මඟින් ආරක්ෂාකාරීව රථය ඉදිරිපසටත් පි‍ටුපසටත් ගමන් කරවීමට හැකියාව ලැබේ.

7 ‘Handbrake turns’ සඳහා ‘handbrake’ එක භාවිතා කරන්න.

වම් කකුලින් තිරිංග තද කිරීමට සමාන උපක්‍රමයක් ලෙස මේ සඳහා ද යම් පුහුණුවක් ඇති කරගත යුතුයි. වියළි ඇස්පැල්ට් මාවත් වල භාවිතා කිරීමෙන් රෝද ගෙවී යා හැකියි.

8 Downshifting සඳහා කකුලේ ඇඟිලි සහා විලිම්බුව භාවිතා කරන්න.

ඉහළ ගියරය පහළට එකකට මාරු කිරීමේදි ගෑස් පැඩලය ඔබේ විලිම්බුවෙන් සහා තිරිංග ඔබේ කකුලේ ඇඟිලි වලින් ද එක වර තදකරන්න.එවිට ගියර් මාරු කිරීම සඳහා ගතවන කාලය අඩුකර ගත හැකියි. එහිදී, පි‍ටුපස රෝද බර වී වාහනය හැරවීමට පෙර ඉක්මනින් සහා ක්‍රමවත්ව downshift කරගත හැකියි.

9 වාහනේ පැති කණ්ණාඩි නිවැරදිව සකස් කරගන්න

පැති කණ්ණාඩි තුලින් ඔබට පෙනෙන්නේ දර්ශණ ඇලවුණු ස්වරූපයකින් නම් ඒවා නිවැරදිව සකස් කරගෙන නොමැති බව පෙනී යයි. රියදුරුගේ පැත්තේ කණ්ණාඩිය මඟින් වාහනයේ කාලක් දර්ශණය වියයුතුයි.
මගියාගේ පැත්තේ කණ්ණාඩියෙන් පෙර මෙන් වාහනයේ පි‍ටුපස කාල කොටස දර්ශණය විය යුතුයි. ඉදිරියේ ඇති කණ්ණාඩියෙන් වාහනයේ පි‍ටුපස ජනේලය කෙලින්ම දර්ශණය විය යුතුයි.