සුපිරි ගායක ගායිකාවන් ජීවත් වන අධි සුඛෝපභෝගී නිවාස 15ක්

ගායනයෙන් මුලු ලොවක් වසඟ කරගෙන සිටින මේ සුපිරි ගායන තරු වලට අයත් සුපිරි නිවාස වල ඡායාරූප කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. ඒවායේ විශාලත්වය සහා අධි සුඛෝපභෝගී බව දකින ඕනෑම කෙනෙකුට  පුදුමයක් වගේම ඉරිසියාවක් වුණත් ඇතිවෙන එක ගැන අහන්නත් දෙයක් නොවෙයි! බලන්නකෝ එවායේ ඇති ලස්සන.

01. රිහානා ගේ නිවස

රිහානාට අයත් මේ නිවස මිලදි ගැනීමට ඇය විසින් යුරෝ මිලියන 5 ක් වැය කර තිබෙනවාලු. එහි නිදන කාමර 6 ක්, පිහිනුම් තටාකයක් වගේම සිනමා ශාලාවකුත් තිබෙන බව සදහන්. චිත්‍රපටියක් නරඹන්න හිතුණොත් පහළ තට්‍ටුවට යන්න විතරයි ඇයට තියෙන්නේ.

02. එඩ් ෂීරන් ගේ නිවස

ගිත දර්ශක වල ඉහළින්ම ‍රැඳී සිටින මේ පොප් තරුවට අයත් සුපිරි නිවාස සංකීර්ණය තමයි මේ තිබෙන්නේ.

03. ජේම්ස් කෝර්ඩන් ගේ නිවස

‘Gavin and starcey’ නිර්මාණය හරහා ඔබ හමුවූ සුපිරි නලු ජේම්ස් ගේ ඇමෙරිකා එස්ක්සත් ජනපදයේ පිහිටි මෙම සුපිරි නිවස සඳහා මසකට වැය කරන කුලී මුදල ඩොලර් 80,000 කි. මෙම මන්දිරයේ මුලු තක්සේරු වටිනාකම ඩොලර් මිලියන24 ක් බවයි සඳහන් වෙන්නේ. මේ කුලී ගාස්තුව එක්ක ඔහුට infinity pool එකක් සහා කෝකියෙකුත් ලැබිලා තියෙනවා. මන්දිරයේ ඉදිරි පෙනුමේ ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ.

04. ටේලර් ස්විෆ්ට් ගේ නිවස

නිව් යෝර්ක් හි පිහිටි ඇයට හිමි නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පැවතෙන නිසා ඇයට වෙනත් ස්ථානයක පදිංචියට යාමට සිදුවී තිබෙනවා. ඇයට ජීවත් වන මෙම අලුත් අපාර්ට්මන්ට් එක සඳහා ඇය විසින් මසකට ඩෝලර් 40,000 ක කුලියක් ගෙවන බව සඳහන් වෙනවා. ඇයට නම් මේ මුදල ඉතා සුලු එකක් බවයි පෙනෙන්නේ. මේ අපාර්ට්මන්ට් එක තුල නිදන කාමර 6 ක්, නාන කාමර 6 ක් සහිත අතිශය විශාල ඉඩකඩක් සහිත ස්ථානයක් බව පැවසේ.

05. ඇඩේල් ගේ නිවස

මෑතකදී ඇය විසින් ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සුපිරි නිවාස සංකීර්ණය මිලදී ගෙන තිබුණා. මෙම නිවසේ වටිනාකම ඩොලර් මිලියන 9.5 ක් පම්ණ වි තිබෙන බව සඳහන් වේ. එහි විශාල නිදන කාමර 4 ක් සහා පිහිනුම් තටාකයක් ද සහිත බව පැවසේ. කෙසේ වෙතත් මෙහි මුල් වෙළඳපොල මිල වූ ඩොලර් මිලියන 9.9 ක මුදල යම් ප්‍රමාණයකින් අඩු කරගන්නට මෙම සුපිරි බ්‍රිතාන්‍ය තරුව සමත් වෙලා තිබෙනවාලු.

06. කිම් කාර්ඩේෂියන් සහ කේන් වෙස්ට් ගේ නිවස

අතිශය සුඛෝපභූගි ජීවිත ගත කරන තරුවක් ලෙසයි මොවුන් දෙදෙනා වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ. දෙවරක්ම ප්‍රතිසංස්කරණය කරවූ මෙම නිවස සඳහා ඔවුන්ට වියදම් වී ඇති මුදල ඩොලර් මිලියන 20 ක් පමණ වන බවයි සඳහන් වෙන්නේ. නමුත්, ලොස් ඇන්ජලිස් වල හිඩන් හිල්ස් නම් ප්‍රදේශයේ පිහිටි මෙම මන්දිරයේ සවිකර ඇති ජල කරාම වල මිල ඩොලර් 20000 ක් පමණ වටිනාකමකින් යුත් ඒවා බවත් සඳන් වෙනවා. මෙම මන්දිරය අක්කර 3.5 පමණ වන විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇති අතර එහි පිහිනුම් තටාක 2 ක්, සම්බාහනාගාර (ස්පා) 2 ක්, බාර්බක්‍යූ දමන ස්ථාන 2 ක් සහා මිදිවත්තක් සහිත බව සඳහන් වේ. හිතාගන්න බැරි තරමට සුඛෝපභෝගියි!

07. රීටා ඕරා ගේ නිවස

මෙම මෙගා පොප් තරුවට අයත් නිවස පිහිටා තිබෙන්නේ උතුරු ලන්ඩනයේය. ඉතාම ආකර්ෂණීය නිවාස පරිශ්‍රයක්! ඒ කොහොම වුණත් ඇය ලොස් ඇන්ජලීස් හි අලුත් නිවසක් මිලට ගැනිමට සිතාගෙන සිටින බවත් සඳහන්.

08. ක්‍රිස් බ්‍රවුන් ගේ නිවස

සුපිරි ‍රැප් ගායක ක්‍රිස් බ්‍රවුන්ට අයත් මෙම සුපිරි නිවස පිහිටා තිබෙන්නේ කැලිෆෝර්නියාවේ ඒගෝරා හිල්ස් නම් ප්‍රදේශයේ ය. මෙම මන්දිරයේ නිදන කාමර 6 ක්, නාන කාමර 10 ක් සහාමෝටර් රථ 75 ක් පමණ ගාල් කල හැකි රථ ගාලක් ,ටෙනිස් පිටියක්, මුහුදු ජලය සහිත පිහිනුම් තටාකයක්, බිලියර්ඩ් ක්‍රීඩා කාමරයක් සහා අයිස් ක්‍රීම් බාර් එකක් ආදී අධි සුඛෝපභෝගී  අංග ගණනාවකින් සමන්විත ය.

09. ජස්ටින් බීබර් ගේ නිවස

ජස්ටින් බීබර්ට අයත්  මෙම ‘salad spinner house’  නමින් හැඳින්වෙන නිවස පිහිටා ඇත්තේ බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේය.

10. කයිලි ජෙනර් ගේ නිවස

ඇය විසින් මිලදී ගෙන තිබෙන මෙම නිවසේ වටිනාකම් ඩොලර් මිලියන 2.7 ක් බව සඳහන් වේ. වර්ග අඩි 4900 ක් පුරා විහිදුණු මෙම නිවාස පරිශ්‍රය කැලිෆෝර්නියාවේ කැලබාසාස් හි ඇයගේ පවුලට අයත් නිවසල පිහිටි ඉඩමකි.නිවස පි‍ටුපස විශාල පිහිනුම් තටාකයකින් සමන්විත බව ද සඳහන් වේ. මෙම නිවස මුලු කාර්ඩේෂියන් පවුලටම එකට ජීවත් වීමට තරම් විශාල නිවසක් බවයි පැවසෙන්නේ.

11. කැල්වින් හැරිස් ගේ නිවස

ලොව වැඩිම ආදායමක් උපයන DJ ශිලිපියෙකු වන කැල්වින් හැරිස් ට අයත් මෙම නිවස පිහිටා ඇත්තේ බෙවර්ලි හිල්ස් ප්‍රදේශයේයි.

12. ලේඩි ගාගා ගේ නිවස

බෙවර්ලි හිල්ස් හි පිහිටි මෙම අධි සුඛෝපභෝගී නිවස ඇය විසින් මිලදී ගත් එකක් නොවේ. මෙම මන්දිරය සඳහා ඇය මසකට ගෙවන කුලී මුදල යුරෝ 16,000 ක් බවයි සඳහන් වෙන්නේ.

13. සයන් මලික් ගේ නිවස

ලන්ඩනයේ පිහිටි මෙම නිවස සඳහා ඔහු විසින් වැය කර ඇති මුදල යුරෝ මිලියන 2.2 බවයි පැවසෙන්නේ. එහි විශාල ගෘහස්ථ පිහිනුම් තටාකයක් ද තිබෙන බව සඳහන් . කෙසේ වෙතත් ඔහු වැඩි වශයෙන් ඇමෙරිකාවේ වීම නිසා මේ නිවස එතරම් භාවිතා නොවන බවත් සඳහන් වේ.

14. ක්ලෝයි කාර්ඩේෂියන් ගේ නිවස

ඇයට අයත් මෙම නිවස මින් පෙර අයත් වී තිබුණේ ජස්ටින් බීබර් හටයි. මෙය වර්ග අඩි 10,000 ක් තරම් විශාල භූමි ප්‍රදේශයක විහිදි ඇති නිවසකි. මෙය පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් වල පිහිටි කැලබාසාස් නම් ප්‍රදේශයේයි. එහි නිදන කාමර 6 ක් , නාන කාමර 7 ක් සහා විශාල පිහිනුම් තටාකයකින් සමන්විතය.

15. බ්‍රිට්නි ස්පියර්ස්

ඇයට අයත් බොහෝ නිවාස අතරින් ලොස් ඇන්ජලීස් හි පිහිටි Oaks suburban mansion නම් මන්දිරය වඩාත් කැපීපෙනෙයි. වර්ග අඩි 8500 ක අවකාශයක් සහිත මෙම මන්දිරයේ නිදන කාමර 7 ක්, හෝම් තියේටර් එකක්,  පිහිනුම් තටාකයක් සහා වයින් කුටියක් යන අංග ‍රැසකින් සමන්විත බව දැනගන්නට ලැබේ. මේ වගේ අධි සුඛෝපභෝගී නිවසක ජීවත් වෙන්න කවුද අකමැති නේද?