සුපිරියටම ඉගනගත් හොලිවුඩ් නිළියන් 10ක් මෙන්න

බොහෝ රසිකයින් තමන් ආදරය කරන තරු ගෙවන ජීවන රටාව, ක්‍රියාකාරකම් සහ ඔවුන් වටා ගෙතුනු ඕපාදූම මොනවාදැයි දැන ගැනීමට වැඩි කැමත්තක් දක්වයි.නමුත්, ඔබ ආදරය කරන ඇතැම් තරු ඉතා ඉහළ අධ්‍යාපන පසුබිමක් ඇති අයයි. ලස්සන මුහුණ සහ සරාගී පෙනුමක් ඇති මේ සුපිරි හොලිවුඩ් නිළියන්ට මේවගේ අධ්‍යාපන පසුබිමක් තිබෙනවා කියලා ඔබ මින් පෙර දැනගෙන සිටියේ නැහැ නේද?

01. Brook Shields

අවුරුදු 54 ක් වුවත් ඇයගේ පෙනුම  තවමත් හරිම ආකර්ෂණීයයි. Blue lagoon චිත්‍රපටයේ ඇගේ රංගනය මතභේදයකට තුඬු දුන් සිදුවීමක් වුණු අතර ඇය ඒ වන විට පසු වූයේ 14 වන වියේයි.ඇය නිළියක් මෙන්ම නිරූපිකාවක් ද වේ. 1987 දී ඇය ප්‍රංශ සාහිත්‍ය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය  ලබා ඇත්තේ ප්‍රින්ස්ටන් සරසවියෙනි.

02. Lucy Liu

Ally McBeal ටෙලිකතාමාලාව හරහා ප්‍රේක්ෂක අවධානය දිනාගත් නිළියක් වන ඇය උපත ලබා ඇත්තේ 1968 ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදීය. ඇය මිචිගන් සරසවියෙන් චීන භාෂාව සහ සංස්කෘතිය පිලිබඳව මූලික උපාධිය ලබාගෙන ඇත.

03.Gabrielle Union

ඇය උපත ලබා ඇත්තේ 1972 වසරේ නෙබ්‍රස්කා හිදීයි. Bring it on as Isis චිත්‍රපටය හරහා 2000 වසරේ ඇය ක්ෂේත්‍රයට පිවිසියාය. සිට්කොම් කතාමාලාවක් වනFriends හි ඇයව දැකගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබුණා. ඇය 1996 වසරේ ලොස් ඇන්ජලීස් හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය එහිදී සමාජ විද්‍යා විශේෂ උපාධියක් හදාරා ඇත.

04. Rooney Mara

නිළියක් මෙන්ම මහජන හිතෛශී ක්‍රියාකාරිනියක් වන ඇය උපත ලබා ඇත්තේ 1985 දී නිව් යෝර්ක් නුවර බෙඩ්ෆෝර්ඩ් හිදීය. ඇය 2003 වසරේ බෙඩ්ෆෝර්ඩ්ස් ෆොක්ස් ලේන් උසස් පාසලින් සමත් වූ අතර ඉන් පසු ඉක්වදෝරය, බොලීවියාව සහ පේරු රාජ්‍යයේ විවිධ පාඨමාලා හදාරා ඇත. ඇය වසරක කාලයක් ජෝර්ජ් වොෂිංග්ටන් සරසවියේ අධ්‍යාපනය ලබා ඇති අතර ඉන් පසුව ඇය මනෝවිද්‍යාව පිලිබඳව හැදෑරීමට නිව් යෝර්ක් සරසවියට ඇතුලු වුණාය.

05. Gemma Chan

 2019 වසරේ නිකුත් වූ Captain Marvel  චිත්‍රපටයේ Minn-Erva චරිතය හරහා ඇයව ඔබ දකින්නට ඇති. බ්‍රිතාන්‍ය නිළියක් වන ඇය උපත ලබා ඇත්තේ 1983 දි ලන්ඩන් නුවරයි. ඇය 2004 වසරේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නීති උපාධිය ලබාගත්තාය. ඇයට ලන්ඩන් නුවර ප්‍රමුඛ පෙළේ නීතීඥ සමාගමක ‍රැකියා අවස්ථාවක් ද ඇයගේ උපාධිය නිසා හිමි වී තිබුණා. නමුත් ඇය ඇගේ රංගන ජීවිතයට මුල් තැන දීමට තීරණය කරමින් ඒ අවස්ථාව බාර නොගෙන සිටීමට තීරණය කර තිබෙනවා.

06. Lisa Kudrow

Friends ටෙලිකතා මාලාවෙන් ඔබ් අහමුවූ ඇය උපත ලබා ඇත්තේ 1963 වසරේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේයි. ඇයගේ වෘත්තිය ගමනේ ඇය එමී සම්මාන 10 කට පාත්‍ර වූ අතර, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් නාම යෝජනා වාර 12 දීත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන නිර්දේෂිත නායක් ලෙසත් වරක් තේරී පත් වී තිබේ. ඇය ලොස් ඇන්ජලීස් හි ටාෆ්ට් උසස් පාසලේ තම උසස් අධ්‍යාපනය නිම කල අතර වස්සාර් කොලේජයෙන් ඇය ජීව විද්‍යාව පිලිබඳ විද්‍යාවේදී උපාධිය  ලබාගත්තාය.

07. Teri Hatcher

1964 වසරේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේදි උපත ලැබූ ඇය The new adventure of superman සහ Desperate housewives යන ටෙලිකතා මාලා ඔස්සේ අතිශය ජනප්‍රියත්වයක් ලැබුවාය. ඇය කුපර්ටිනෝ හි ඩී ඇන්සා කෝලේජයෙන් ගණිත ශාස්ත්‍රය සහ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධිය ලබාගෙන ඇත. ඇය ලොව සිටින උගත්ම නිළියක් ලෙස හැඳින්වේ.

08. Emma Watson

Harry potter චිත්‍රපටයෙන් මුලු ලෝකයේම ප්‍රේක්ෂක අවධානයට පත් වූ සුරූපී Emma උපත ලබා ඇත්තේ 1990 වසරේ පැරීසියේදියි. ඇයගේ වෘත්තිය ජීවිතයේ ඇය සම්මාන සහ ඇගයීම් ‍රැසකටම පාත්‍ර වී තිබෙනවා. ඇය බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්  ඉංග්‍රීසි සාහිත්‍ය විෂය පිලිබඳ මූලික උපාධිය ලබා ඇත.

09. Natalie Portman

1981 වසරේ ජෙරුසෙලම් හි උපත ලද ඇය ඇකඩමි සම්මානයකට පවා නිර්දේශ වු දක්ෂ නිලියකි. Closer චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඇයට හොඳම සහය නිලියට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ද හිමි වුණා. ඇය රංගනයේ යෙදී සිටින කාලයේදීම අධ්‍යාපන කටයුතු වල ද නියැලී සිටියාය. 2003 වසරේ ඇය හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිලිබඳ විශේෂවේදී උපාධිය ලබාගත්තාය. ඇය එම කාලයේ Alan Dershowitz ගේ පර්යේෂණ සහකාරියක් ලෙසත් කටයුතු කර ඇත. ඇය “ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට එරෙහිවීම” පිලිබඳ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආරාධිත කතිකාචාරිණියක් ලෙස කටයුතු කර ඇත.

10. Eva Longoria

Desperate housewives ටෙලිකතාමාලාවේ තවත් ජනප්‍රිය චරිතයක් වන ඇය උපත ලබා ඇත්තේ 1975 වසරේ ටෙක්සාස් ප්‍රාන්තයේයි. ඇය වඩාත් ප්‍රචලිත ගේබ්‍රියෙල්ලා සොල්ස් යන චරිතයේ නමිනි. ඇය ඉහළ ගෙවීම් මුදලක් ලබන නිළියක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්ව සිටියි. ඇය සුන්දරත්වයට නව මුහුණුවරක් එක් කල බුද්ධිමත් පෞරුෂයක් සහිත කාන්තාවකි. ඇය ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයෙන් ඇය ‘kinesiology’ හෙවත් සිරුරේ චලන යාන්ත්‍රණ අධ්‍යයන ක්ෂේත්‍රය පිලිබඳ උපාධියක් ලබාසිටියි. ඇය චිකානෝ ජනවර්ගය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරා ඇත්තේ කැලිෆෝර්නියා ස්ටේට් විශ්වවිද්‍යාලයෙනි.