‘සුන්දරත්වය රැක ගන්න මම මූනේ මී කිරි ගානවා’ ජනප්‍රිය නිලි යුරේනි නොෂිකා කියන කතාව

යුරේනි නොෂිකා තාරුණ්‍යයේ හැඩකාර කටකාර දඟකාර යොවුන් රංගන ශිල්පිනියක් වගේම වර්තමානයේ දක්ෂ නිවේදිකාවක්. අද අපේ කතාව ගෙනියන්නේ ඇය සමඟයි. යුරේනි තාරුණකම රැකගන්න ගොඩක් වෙහෙසෙන නිසාම අ⁣පි ඇය සමඟ කාන්තාවකගේ සුන්දරත්වය ගැන කතා කරන්න හිතුවා.

යුරේනි හිතන විදිහට කාත්තාවකගේ අගය වැඩිවෙන්න ලස්සන හේතුවක් වෙනවද? “ඔව් අනිවාර්යයෙන් කාන්තාවකගේ සුන්දර රැකෙන්න රැකෙන්න කාන්තාවකගේ අගය වැඩිවෙනවා. පවුලක් තුළ රැකියාවක් කරන තැන සමාජයේ ඕනිම තැනක තම තත්වය රදවගන්න සුන්දරත්වය කියන දේ බලපානවා. මම දකින විදිහට කිසිම ගැහැණියක් අවලස්සන නෑ. එකම දේ සල්ලි නැති කම විදිහට මම දකින්නේ. මොකද සල්ලි තියෙනවනම් නියපොත්තේ ඉදන් සුන්දරත්යට රැකගන්න කරන්න දේවල් තියෙනවා.”

යුරේනි කේෂ්ත්‍රයේ රැදි සිටිනේනේ සුන්දරත්වය නිසාද? “නෑ එහෙම දෙයක් නෑ හැබැයි මගේ තියෙන සුන්දරත්වය වගේම හැකියාව උත්සහවන්තකම විර්යය යන හැමදේම එකතු වෙලා මට මේ කේෂ්ත්‍රයේ රැදි ඉන්න පුළුවන් වුනා. පෙනුම විතරක් තිබිලා බෑ කියලා මම වුනත් දන්නවා.”

ලස්සන කියන්නේ කවුරුහරි සුදු වෙන එකටද, “වර්තමානයේ සුදු කියන්නේ ලස්සන කියන දේ තමා. බොහෝ දෙනා අද සුන්දරත්වය විදිහට දකින්නේ කෙටි කාලයකින් තමන්ගේ සම සුදු කරගන්න එකට. හැබැයි මමනම් කිසිම වෙලාවක තාරුණ්‍යයේ තරුණ ජිවිත කෙටි කාලින මෙම සුදුවිමේ ක්‍රියාවලියට අනුමත කරන්නේ නෑ. මොකද ඒකෙන් සිද්ධ වෙන අතුරු ප්‍රතිඵල ගැන කවුරුත් දන්නේ නෑ.”

යුරේනි තමන්ගේ ලස්සන රැකගන්න මොනාද කරන්නේ ඇහුවොත්? “මම ⁣⁣ගොඩක් පාවිච්චි කරන්නේ ස්වාභාවික දේවල්. මම ශරිරයේ තෙතමනය ආරක්ෂා කරගන්නවා. වියළි සමක් ඇති වෙන්න දෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මම එළවළු ධාන්‍ය වැඩිපුර ආහාරයට ගන්නවා. පළතුරු කනවා. තව මට ⁣නිවාඩු හැම දවසකම මම ජිම් එකට යනවා. ඊට අමතරව මම මී කිරියි පැණියි වෙලාවක් ලැබුන ගමන් මුණේ ගානවා. ස්වාභාවික කේෂ තෙල් පාවිච්චි කරනවා.”

මේ හැමදේම එක්ක යුරේනි හිතන්නේ ලස්සනට ඉන්න සල්ලි ඕනිමද?, “කොහෙත්ම නෑ ලස්සන කියන්නේ පිරිසිදුකම. හදවතේ සිතුවිලි පිරිසිදුනම් ධනාත්මක අදහස් තියෙනවනම්, නිරෝගිකම ආරක්ෂා කරගන්න පුළුවන් ඒ කාන්තාව කොහොමත් සුන්දරයි. මම හිතන්නේ එහෙම. හැබැයි මම විස්වාස කරනවා මේ ලෝකේ හැම කාන්තාවක්ම ලස්සනට සුන්දරව ඉන්න ඕන” කියලා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන යුරේනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.