සෑම ගර්භනී කාන්තාවකටම මුහුණ දෙන්න වෙන දේවල් 13ක්

කාන්තාවකගේ ජීවිතයේ ඇයට ලැබෙන ඉහළම පදවිය වන්නේ මව් පදවියයි. ගර්භනී කාලයේදී මාස 9 ක් පුරාවට තම දරුවා කුස තුල දරාගෙන ඇය ගතකරන්නේ ඉතා සැපපහසු ජිවිතයක් නම් නොවෙයි. ‘මිනිත්තු පහෙන් පහට වැසිකිළි යාමට සිදුවීම, බැදුම් වර්ග වැනි විවිධ ආහාර වල සුවඳ නිසා නිතර ඔක්කාරය ඇති වීම, මස් පිඬු වේදනා ඇති වීම, රාත්‍රී නින්දේදී කෙණ්ඩා පෙරලීම් නිසා කැක්කුම් හටගැනීම’ ආදී බොහෝ අසීරුතාවන් ‍රැසකට ඇය මුහුණ දෙන්නීය. මවකගේ කැපකිරීම ඇත්තෙන්ම වචන වලින් විස්තර කල නොහැකි තරම්ය. මවක් වීමට සිටින කාන්තා ඔබ කොතරම් සූදානමකින් පසු වුණත් ගර්භනී කාලය යනු අනපේක්ෂිත ශාරීරික හා මානසික වෙනස්කම් ‍රැසක් ඇතිවන කාල සීමාවකි. ගර්භනී මවක් මුහුණ දෙන එවන් ආකාරයේ අමුතු අත්දැකීම් නිරූපණය කරන කාටූන් පෙළක් පහත දැක්වේ. ඔබ දැනටමත් මවක් නම්, ගර්භනී කාලයේදී ඔබ මුහුණ දුන් එවැනි වෙනස් අත්දැකීම් මේ පින්තූර අතර තිබෙනවාද කියා බලන්න.

1. සෑම විටම සෑම දේකටම හැඬීම.

2. පෙරට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිළි භාවිතා කිරීම.

3. මුල් කාලයේදි උදරය පිටතට නෙරා නොතිබීම ගැන නිතර වද වීම, සහා පසු කාලයේදි ඉදිරියට නෙරා ඇති උදරය සැඟවීමට හෝ අඩුකරගැනීමට අවශ්‍ය වීම.

4. රෑ මැද ආහාර ගැනීමට සිත්වීම.

5. ඔබ මින් පෙර අසා නැති ආකාරයේ කලයුතු හා නොකලයුතු දේවල් ගැන උපදෙස් රාශියක් ගැන අසන්නට ලැබීම.

6. බිම වැ‍ටුණු දෙයක් ඇහිඳීමට අමතක වී යාම.

7. සෑම කාන්තාවක්ම ගර්භනී ආකාරයෙන් පෙනීම. ගර්භනී කාන්තාවන්ව හැම තැනකදීම දැකීම.

8. මාස කිහිපයක් පුරාවටම හොඳ නින්දක් නොමැති වීම.

9. (antacids) වැඩිපුර භාවිතා කිරීම.

10. හිසකෙස් වඩාත් ඝනකමින් යුතුව අලංකාර ලෙස වර්ධනය වීම.

11. අධික ලෙස නින්දෙන් ගෙරවීම.

12 ඇතැම් අවස්ථා වල සිදුකරමින් සිටි කටයුත්ත අමතක වීම (සිහිකල්පනාව නැති වී යාම).

13 කිවිසුම් යාම නිසා මූත්‍රා පහවීම/ මූත්‍රා කිරීමට දැඩි අවශ්යනතාවයක් ඇති වීම.