‘සැමියා කැමති නෑ මාව ඒ විදියට දකින්න’ ජනප්‍රිය නිවේදිකා මධූ බෝගහවත්ත කියන කතාව

කාලයක් අපේ තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය, වගේම ආදරේ දිනාගෙන හිටපු චරිතයක් තමයි මධූ බෝගහවත්ත කියන්නේ. ඇය ගොඩක් ජනප්‍රිය නිවේදිකාවක්. නමුත් මෑත කාලයේ අය වැඩිය වෙන්න නෑ. ඒ වගේම දැන් ඇයගේ හඬත් අසන්න නෑ. කෙටියෙන්ම කියනවනම් මේ වනවිට ඇය නිවේදන වෘතීයට සමුදීලා. ඒ වගේම ඇය අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි Handloom saree නිර්මාණය කරන්න. ඉතින් ඇය ඇයගේ දිවිය ගෙවෙන විදිය පිලිබඳ කිවුවේ මේ විදියට ” මම නිවේදන කටයුතු වලට සමුදුන්නේ 2009 වසරේදී. නිවේදනයෙන් අයින්වෙලා තමයි මම විවාහවුනේ. ඉතින් විවාහ වෙලා ගෙදර ඉන්නකොට මම දැක්කා මගේ හස්බන්ඩ් ගේ අම්මා Handloom කරන විදිය, ඉතින් මම ඒ සේරම ඉගන ගත්තා. දැන් මම ‘saree factory’ කියලා බ්‍රෑන්ඩ් නේම් එකකින් Handloom සාරි නිර්මාණය කරනවා” කියලයි.

මධූ විවාහ වෙන්නේ සුසාර දිනාල් සමගින් ඔහු රුපවාහිනේ ක්‍ෂේත්‍රයේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙක්. ඉතින් ආයේ නිවේදන වෘතියට එන්න අදහස් නැද්ද කියා ඇසු පැනයකට ඇය දුන්නේ මේවගේ පිළිතුරක් ”ඇත්තටම මං පවුලේ බැඳීම්වලට ගොඩාක් ආදරය කරන කෙනෙක්. අනිත් හේතුව මට වැඩ වැඩිවෙනකොට මම ගොඩක් stress වෙනවා. නිවේදන කටයුතුවලින් අයින් වුනාට පස්සෙ අපරාදේ අයින් වුනේ කියලා හිතුනා, ඒත් ඉස්සර වීකෙන්ඩ්වල, අවුරුදු දවස්වලට ගෙදර නැහැ ඒත් දැන් ඒ හැම විශේෂ මොහොතකම මගේ පුතා, සැමියා සහ පවුලේ අය එක්ක ගතකරනකොටනම් හිතෙනවා නිවේදන කටයුතු වලින් ඈත්වෙන්න මං ගත්ත තීරණය හරියටම හරි කියලා. අනික මගේ සැමියා සුසාර වුනත් මාව බිරිඳක් විදිහට මිසක් නිවේදිකාවක් විදිහට දකින්න වැඩිය කැමැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම නැවත නිවේදන වෘතීයට එන්නේ නෑ” කියලයි. ඉතින් කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු මධූ බෝගහවත්ත ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.