සැමියාගෙන් වෙන්වුන ජනප්‍රිය නිලි පියුමි පුරසිංහ තනිව ගෙවන සැපවත් ජීවිතය

ලංකාවේ කළා ලෝකයට පායන තරු බොහොමයක් කාලයක් යද්දී එක පාරටම අතුරුදහන් වෙනවා. ඉතින් ඒ වගේ අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉඳලා එක පාරටම අතුරුදහන් වුන තාරකාවියක් තමයි පියුමි පුරසිංහ, ‘නිලංජනා’, ‘බො​ඳ මීදුම්’, ‘වැඩ බැරි ටාසන්’ වැනි නිර්මාණ හරහා හැමෝගෙම ආදරය දිනාගෙන සිටි ඇය, ජනප්‍රියත්වයේ ඉහලම තලයක සිටියදී ඇය විවාහ වෙනවා, විවාහයෙන් පසුව ඇය රංගන ක්‍ෂේත්‍රයෙන් සමුගන්නවා. කොහොම වුනත් එම විවාහය වැඩිකලක් තිබෙන්නේ නෑ. විවාහ වී වසර කිහිපයකට පසුව ඇය එම විවාහයට සමු දෙනවා.

පියුමි මේ වනවිට රංගනයට සමු දී ව්‍යාපාර අංශයට යොමුවෙලා කටයුතු කරනවා. ඒ වගේම ඇය නැවත රඟපාන්නේ නෑ කියලත් පවසනවා. ඒකට හේතුව විදියට ඇය පවසන්නේ මේ වගේ කතාවක් ”අපොයි මමනම් ආපහු කිසිම නිර්මානයක රඟපාන්න කැමැති නැහැ. දැන් කළා ක්‍ෂේත්‍රය ගොඩක් වෙනස්‌. මේක ඇතුලේ කිසිම දෙයක්‌ පිළිවෙළකට සිදුවන්නේ නැහැ. මම රංගනයට යොමුවෙලා හිටපු හින්දා ඒ ගැන හොඳටම දන්නවා. ඒක හින්දා ආපහු ඒ ක්‍ෂේත්‍රයට යොමුවෙන්න මගේ කිසිම අදහසක්‌ නැහැ” කියලයි. ඉතින් ඇයගෙන් විවාහය පිළිබඳව ඇසූ පැනයකට පියුමි දුන්නේ මේවගේ පිළිතුරක් ”ඇත්තටම ඒක පුද්ගලික දෙයක්‌නේ. ඉතින් ඒ ගැන මම කතා කරන්න පොඩ්ඩක්වත් කැමැති නැහැ.හැබැයි ඒ ගැන අහන්න දෙයක්‌ නැහැ ඒ ගැන හැමෝම දන්නවා. මම දැන් විවාහක නැහැ තනියම ඉන්නේ කියලා. ඒක රහසකුත් නෙමෙයි. හැබැයි මම කලාවෙන් ඉවත්වුනේ ඒ නිසා නෙවෙයි” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න පියුමිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.