සැපවත් ජීවිත ගත කරන ලොව ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ දරුවෝ 09ක් මෙන්න

දෙමාපියන්ගේ වත්පොහොසත්කම් අනුව දරුවෙකුට ලැබෙන ළමා කාලය ගොඩක් එකිනෙකාට බොහෝ වෙනස් අත්දැකීමක් වෙන්න පුලුවන්. දෙමාපියන් ධනවත් නම් ඒ වයසේ පසුවෙන සාමාන්‍ය ළමයෙකුට වඩා විශේෂ දේවල් වගේම අත්දැකීම් ලබන්න ඒ දරුවන්ට අවස්ථාව උදාවෙනවා. තරු දරුවෝ කියන්නෙත් එහෙම පිරිසක්. කුඩා වයසෙදි සාමාන්‍ය ළමයෙකුට ලැබෙන්න තියා හිතන්නවත් බැරි මිලෙන් අධිකම දේවල් භුක්ති විඳින්න තරම් මේ දරුවන් වාසනාවන්තයින් වෙනවා.  ඇතැම් අය මේ වගේ තරු දරුවන් ‘spoiled kids’ එහෙමත් නැතිනම් අධික සැපපහසුකම් මැද හැදී වැඩුණු නිසා බරක් පතලක් නොතේරෙන අය විදියටත් හඳුන්වනවා. කොහොම වුණත් ඉතින් ඒ වගේ අධික සැපපහසු ජීවිත ඔවුන්ට ලැබිලා තියෙන්නේ වාසනාව නිසා කියලයි අපිට නම් හිතෙන්නේ! මේ ඉන්නේ දෙමාපියන්ගේ ධනවත්කම නිසා අතිශය සුඛෝපභෝගී ජිවිතයක් කුඩා කාලයේ ඉඳන්ම ගත කරපු ළමයි 9 ක්.

01. Justin Combs

ඔහු ඇමෙරිකානු ජාතික ජනප්‍රිය ‍රැප් ගායක Sean Combs ගේ පුත්‍රයායි. ඔහු ඇමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ද වෙනවා.ඔහුට වරක් ඩොලර් 360,000 වටිනාකමකින් යුත් ජර්මන්Maybach වර්ගයේ මෝටර් රථයක් තෑගි ලෙස ලැබී තිබුණා.

02. Emme Anthony

වයස අවුරුදු 12 ක් වන Emme ජනප්‍රිය ගායන ශිල්පීන් යුවලක් වන Jennifer Lopez ගේ සහ Marc Anthony ගේ දියණියයි. ඇයට ලැබි තිබූ කුඩා ඇඳුම් ආයිත්තම් කට්ටලයේ ඉදිරි පෙළේ පමණක් ඩොලර් 2400 කට අධික වටිනාකමක් ඇති ආයිත්තම් ඇතුලත් වී තිබුණි. ඒ අතර ඩොලර් 310 ක් පමණ වටිනා බෲච් එකක් මෙන්ම ඩොලර් 2100 ක් පමණ වටිනා බෑගයක් ද තිබී ඇත. ඇය නරක් වීමට හේතුව දැන් ඔබ දන්නවා!

03. Suri Cruise

Tom Cruise සහ Katie Holmes ගේ දියණිය ලොව වැඩිම ආකර්ෂණයක් දිනාසිටින තරු දරුවෙක් ලෙසයි හැඳින්වෙන්නේ.කාටත් නොදෙවෙනි වෙන්න අඳින්න විලාසිතා  කරන්න කැමති කෙනෙක් ලෙසත් ඇය ජනප්‍රියයි. වරක් ඇය  ලෝකප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණ සමාගමක් වන Dolce & Gabbana වෙතින් ඩොලර් 2000 කට වඩා වටිනාකමකින් යුතු  ට්‍රෙන්ච් කෝට් එකක් මිලදී ගත් බව සඳහන් වෙනවා.

04. Valentine Paloma Pinault

මෙක්සිකානු-ඇමෙරිකානු නිලියක් ,නිෂ්පාදිකාවක් සහා අධ්‍යක්ෂකවරියක් වන Salma Hayek සහා ප්‍රංශ බිලියනපතියෙකු වන Fransisco Henri Pinault ගේ දියණියයි. ඇය සතු නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 12 ක් වන අතර ලොව ධනවත්ම දරුවන්ගේ ලැයිස්තුවේත් ඇය සිටිනවා. නිවාඩු ගත කිරීම සඳහා ශාන්ත බාර්ට්ස් හි සුවිශේෂි කැරිබියන් ප්‍රාන්තය ‍තෝරගනියි. ලොස් ඇන්ජලීස් නගරයේ ඇය සතුව ඩොලර් මිලියන ගණනක් වටිනා වතුයායක් ඇති බවත් සඳහන් වෙනවා.නමුත්, ඇයගේ මව සහා පියා සතු වත්කම් වල ප්‍රමාණය අනුව ඉදිරියේදී ඇය මීටත් වඩා ධනස්කන්ධයකට හිමිකම් කියනු ඇති බව තමයි පෙනී යන්නේ.

05. Haji Abdul Azim (බෲනෙයි රාජ්‍යයේ කුමරු)

රජ කුමාරයෙක්ට කරන්න බැරි දෙයක් නැහැයි හිතෙන තරමට සැපසම්පත් ධනය සහ බලය ඔවුන්ට උපතින්ම ලැබි තියෙනවා.  ඉතින්, Haji කුමරුත් ඒ වගේ අධි සුඛෝපභෝගි දිවියක් ගත කරන කෙනෙක්. කුඩා කාලයේ ඉඳන්ම ඔහු විනෝද සාද , අධි වේගි මෝටර් රථ වගේ දේවල් වලාට් ඩොලර් මිලියන ගණන් මුදල් වැය කරමින් සැප ජීවිතයක් ගත කරන කෙනෙක් කියලයි වාර්තා වෙන්නේ.

06. Blue Ivy Carter

සුපිරි ගායිකා Beyonce ගේ දියණියගේ ස්වැරොව්ස්කි ක්‍රිස්ටල් ඔබ්බවා ඇති නාන තටාකයම පමණක් ඩොලර් 5200 ක් පමණ වටිනා එකක් බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඇය කුඩා කාලයේ නැලවුණු තොටිල්ල ඩොලර් 3500 ක් තරම් වටිනා එකක් බවත් සඳහන් වෙනවා.

07. Barron Trump

අතිශය සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන හිටපු ඇමෙරිකානු  ජනාධිපති Donald Trump ගේ පුත්‍රයා තවමත් පසුවෙන්නේ 14 වන හැවිරිදි වියේයි. Trump කියන්නේ ජනාධිපතිවරයෙක් වීමට පෙර ඇමෙරිකාවම හොල්ලන් හිටපු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඉතින් Barron ට කුඩා කාලයේ ඉඳන්ම ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන ගණන් වල තෑගි කියලයි කියන්නේ.

08. Sheikh Hamdan Bin Mohammed Bin Rashid Al Maktoum (ඩුවායි හි කිරුළ හිමි කුමරු)

ඩුබායි රජ කුමරු වර්තමානයේ භාවිතා කරන ක්‍රිස්ටල් එබ්බවූ Mercedes රථයේ වටිනාකම ඩොලර් මිලියන 4.8 ක් පමණ වන බව සඳහන් වේ.ඔහු සතුව ලොව විශාලතම විනෝද නෞකාවක් වන ‘Dubai Yacht’ යානයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ වන බව පැවසේ.

09. Liesel pritzker

සුප්‍රසිද්ධ ධනවත් පවුලක් වන Pritzker පවුලේ සාමාජිකාවක් වන ඇය  ප්‍රසිද්ධ ව්‍යාපාරික Robert Alan Pritzker ගේ දියණියයි.වයස අවුරුදු 36 වන ඇය කුඩා කාලයේ ඉඳන්ම ගත කරලා තියෙන්නේ අපි කාටවත් හිතාගන්නවත් බැරි තරමේ සැපවත් ජීවිතයක් බවයි කියන්නේ. ලෝක ප්‍රසිද්ධ Hyatt hotels ජාලයේ උරුමකාරිය 2002 වසරේ ඇගේ සොහොයුරා ද සමඟ තම පවුලට විරුද්ධ  නඩුවක් ගොනු කර තිබූ අතර ඉන් වන්දි ලෙස ඇයට ඩොලර් මිලියන 560 ක් තරම් වාර්තාගත ඉහළ මුදලක් ලැබී තිබුණා.  ඒ මුදලින් ඇය මිලියන ගණන් වටිනා නිවාස සහ අධික මිල ගණන් වල ආභරණ මිලදි ගත් බව පැවසෙනවා. ඒ වගේම කාටවත් නොදෙවෙනි වෙන්න ඇඳුම් පැලඳුම් වෙනුවෙනුත් ඇය ගොඩක් වියදම් කරනවාලු.