සැඟවුණු අරුත් ඇති රජ පවුලේ ඇඳුම් 10 ක්

රාජකීය පවුල් කෙරෙහි මුලු ලෝකයාගේම ඇස් යොමු වී තිබේ. කෙසේවෙතත්, රජ පවුල් වල උදවියට තම පරම්පරාවේ වැදගත්කම් වලට මුල් තැන දීමට විශාල සංස්කෘතිකමය වාරණ වලට යටත් වීමටත් සිදුවෙනවා. ඒ කියන්නේ ඔවුන් විසින් අනුගමනය කල යුතු විශේෂ රාජකීය පිලිවෙත් සහා සම්දාප්‍රයන් පවතියි. සාමාන්‍ය ජනයා මෙන් කැමති කැමති විලාසිතා කරන්නත් ඔවුන්ට ඉඩ නොලැබෙන බව සඳහන් වෙනවා. ඉතින්, ඒ නිසාම රාජකීය පවුලේ සාමාජිකයින් හට ඔවුන්ගේ මුතුන්මිත්තන් සියවස් ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ පෘඩ සංස්කෘතික වටිනාකම් අනුව ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් විලාසිතා වඩාත් සැලකිල්ලෙන් හා අර්ථවාන්විතව භාවිත කිරීමට සිදුවී තිබෙනවා. කොහොමවුණත්, මිල මුදල් වලින් අඩුවක් නැති නිසාම විලාසිතා කියන්නේ මේ අයට දවසට භාවිතා වන ඇඳුමක් විතරයි කියලයි බොහෝ දෙනෙක් කතාබහ වෙන්නේ.
මේ කියන්න යන්නේ රාජකීය පවුල් සාමාජිකයින්ගේ ඇතැම් ඇඳුම් පැලඳුම් වල සැඟවුණු අරුත් සම්බන්ධ පුවතක් ගැනයි.

1. ජෝර්ජ් කුමරුගේ උපත දන්වා සිටීමේ චාරිත්ර්යේදි කේට් ආදිපාදවරිය හැඳ සිටි ගවුම් විලාසිතාව

කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කේට් කුමරිය විසින් 2013 ජූලි මස තම කුළුඳුල් දරු ප්‍රසූතියෙන් පසු ප්‍රථම වරට ජනතාවට කුමරුගේ උපත දැන්වූ අවස්ථාවේදී හැඳ සිටියේ සරල නිල් පැහැති පොල්කා තිත් ව‍ටුණු ගවුම් විලාසිතාවකි. ඇගේ එම විලාසිතාව ඇයගේ සැමියාගේ මව වූ ඩයනා කුමරිය සිහිගැන්වීමට සමත් වූ ආදරණීය විලාසිතාවක් ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලැබූහ. එම ගවුම් විලාසිතාව පෙනුමින් ඊට වසර 30 කට ඉහතදී විලියම් කුමරුගේ උපත සිදුවී රෝහලෙන් පිටවී යන විට ඩයනා කුමරිය හැඳ සිටි ගවුම් විලාසිතාවට අතිශය සමානකමක් දැකිය හැකි වීමද විශේෂත්වයකි. නමුත්, ඩයනා කුමරිය සිහිගන්වමින් ඇය සිදුකල පළමු විලාසිතාව මෙය නොවේ.

2018 වසරේදී ලුවි කුමරුගේ උපත සිදුවීමෙන් පසු රෝහලෙන් පිටවී යන අවස්ථාවේදී ඇය හැඳ සිටියේ සුදු ලේස් කොලරයක් සහිත රතු ගවුම් විලාසිතාවක් වූ අතර එය 1984 වසරේ හැරී කුමරුගේ උපතින් පසුව ඩයනා කුමරිය රෝහලෙන් පිටවී යන අවස්ථාවේ සැරසී සිටි ගවුම් විලාසිතාවට ඉතා සමාන බවින් යුත් වූ එකක් විය.

2. මේගන් මාර්කල් ගේ මංගල ඇඳුමේ වේලය

ඇයගේ හිසේ රඳවා තිබූ සේද රෙද්දෙන් නිමවූ වේල මීටර් 5 ක් දිගින් යුත් වූ අතර එහි විවිධ එම්බ්රොරයිඩ අලංකරණ මසා තිබිණි. මුලු පොදුරාජ්යි රටවල් 53 ම තම විවාහය දා එම උත්සවයේ කොටස්කරුවන් වනු දැකීම ඇයගේ අපේක්ෂාව විය. එම විශේෂ ඉල්ලීමට අනුව එම රටවල් 53 ම ආවේණික මල් වර්ග වල හැඩයන්ගෙන් ඇයගේ වේලය නිර්මාණය කිරීමේදී අලංකරණ ලෙස භාවිතා කිරීමට කටයුතු කර තිබිණි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව නිරූපණය කරමින් නිල් මානෙල් මල, වේල්සය නියෝජනය කරමින් ඩැෆොඩිල් මල ආදි වශයෙන් මල් වර්ග භාවිතා වී තිබුණා.

3. ඩෙන්මාර්කයේ මේරි කුමරියගේ රූබි මැණික් ඔ‍ටුන්න

විශේෂ උත්සව සඳහා සහභාගී වන බොහෝ අවස්ථාවන් වලදී මේරි කුමරිය විසින් මෙම රූබි (රතුගල් මැණික්) සහා දියමන්ති එබ්බවූ ඔ‍ටුන්න පලඳිනු ලබයි. මෙම පලඳනාවට ඇත්තේ ඉතා දිගු සහා අපූරු ඉතිහාසයකි.මෙම පලඳනාව මුලින්ම භාවිතා කර ඇත්තේ ඩිසයරේ ක්ලැරී නම් නැපෝලියන් බොනපාට් සමඟ සබඳතා පැවැත්වූ කාන්තාවක් විසිනි. මෙම පලඳනාව බොහෝ රටවල් ගණනාවකම සහා විවිධ පවුල් අතරේ කාලයෙන් කාලයට අතින් අතට පත් වූවක් ලෙස සැලකේ. කෙසේවෙතත්, වර්තමානයේ එහි හිමිකාරීත්වය ඇත්තේ ඩෙන්මාර්ක් රජ පවුලටයි. එය පරම්පරා ගණනාවක් ඔස්සේ දිගුකලක් පවත්වාගෙන ආ යුරෝපීය රාජකීයයත්ව සම්ප්‍රධාය සංකේතවත් කරන්නක් බව සැලකේ.

4. ඉයුජිනි කුමරියගේ පිට නිරාවරණය කර තිබූ මංගල ඇඳුම

ඉයුජිනි කුමරිය ඉතා කුඩා අවධියේදීම scoliosis තත්වය හෙවත් පැතිකුදය හේතුවෙන් සැත්කමකට භාජනය වූවාය. එම සැත්කම නිසා ඇයගේ කොඳු ඇට පෙළ දිගේ සැත්කම් කැලලක් ඇති අයුරු දැකිය හැකියි. මෙම සැත්කම් කැලල කාලයත් සමඟ ඇයගේ අනන්‍යයතාවයේම කොටසක් බවට පත් විය. ඒ නිසාම තම මංගල දිනයේදී එය ලෝකයෙන් වසන් කිරීමට ඇයට අවශ්‍ය නොවීය. එහිදී ඇය විසින් ඇයගේ මෝස්තර නිර්මාණ ශිල්පිණියගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් තම මංගල ඇඳුමේ පිට නිරාවරණය වී ඇති ආකාරයේ විලාසිතාවක් යොදාගැනීමට කටයුතු කර තිබිණි. ඇය සිතාමතාම සිදුකල මේ ක්‍රියාවෙන් ඇත්තම ලස්සන එවැනි සුලු කැලැල් වලින් කිසිසේත් අඩුවී නොයන බව හොඳින් පසක් වේ. මේ පින්තූර ඊට සාක්ෂි දරයි.

5. සත්කාරක රටේ සංස්කෘතියට ගරුකරමින් සැරසෙන කේට් කුමරියගේ විලාසිතා

බ්‍රිතාන්‍යය රාජකීය පවුලේ උදවිය නිරන්තරයෙන්ම වාගේ ලෝක සංචාරයේ යෙදෙති. ඒ අවස්ථාවන් හිදී සංචාරය කරන රටේ සංස්කෘතියට ගරු කිරීමක් ලෙස එම රටට අවේණික සංකේත සහා වර්ණ වලින් යුත් ඇඳුම් විලාසිතාවලින් සැරසීම කෙරෙහි ඔවුන් අවධානය යොමුකරති. 2017 වසරේ විලියම් කුමරු සහා කේට් කුමරියගේ ජර්මානු සංචාරය අතරේදී ඇය සැරසී සිටියේ එවැනි විලාසිතාවකිනි. ඇය හැඳ සිටි ගවුමේ රාජාලි පක්ෂීන් මුද්‍රිත රෙදි වර්ගයකින් මසා තිබිණි. රාජාලියා යනු ජර්මනියේ ජාතික පක්ෂියා වේ. මෙම ඇඳුම ජර්මන් ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කල ඇඳුම් විලාසිතාවක් වීම ද විශේෂය.

6. එලිසබෙත් මහ ‍රැජිනගේ මංගල ඇඳුම

එලිසබත් මහා ‍රැජිණ විවාහපත් වූයේ 1947 දීය. ඇයගේ මංගල ගවුම සේද රෙද්දෙන් නිමවූවක් වූ අතර මුතු සහා ක්‍රිස්ටල් භාවිතා කරමින් වසන්තයේදි පිපෙන මල් වර්ග එහි එම්බ්රෝයිඩර් කර තිබූ බව සඳහන් වේ. එසේ නිර්මාණය කල මංගල ගවුමේ අපේක්ෂිත අරමුණ වී ඇත්තේ දීප්තිමත් අනාගතයකට බලාපොරොත්තුවක් යන පණිවිඩය සංකේතවත් කිරීමට බව පැවසේ. සැන්ඩ්රොො බොටිසෙල්ලී විසින් 1482 වසරේදී පින්තාරු කල ‘Allegory of Spring’ නම් සිතුවම හරහා ද මෙම ගවුම් විලාසිතාව නිර්මාණයකරණයේදී මූලික අදහස් ලබාගත් බව සඳහන් වන අතර එම සිතුවම මංගල්‍යයක් සඳහාම සිතුවම් කල චිත්‍රයක් විය හැකි බව සැලකේ.

7. ඩයනා කුමරියගේ ඔ‍ටුන්න.

ටුඩෝර් යුගයේ සිට පැවත එන රදළ පරම්පරාවක් වන ස්පෙන්සර් පවුලට අයත් වූ ඩයනා කුමරියගේ පවුලට සතුව වටිනාකමින් ඉතා ඉහළ ආභරණ විශාල එකතුවක් ඇති බව පැවසේ. මෙය වඩාත් හොඳින් නිදර්ශණය වූයේ 1981 වසරේදී පැවැති ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යය දා ඇය පැලඳ සිටියේ ඇගේ පරම්පරා උරුමයෙන් ලද අලංකාර ඔ‍ටුන්න වීමත් සමගය. මෙම ඔ‍ටුන්නේ හිමිකාරීත්වය දරා ඇත්තේ ඩයනා කුමරියගේ මිත්තණිය විසින් වූ අතර එය 1930 වසරේදි පමණ නිමවන්නට ඇතැයි සැලකේ. ඩයනා කුමරියගේ සොහොයුරියන් දෙදෙනා විසින් ද තම මංගල දිනයේදි මෙම හිස් පලඳනාව පවුලේ සම්ප්‍රදායක් ලෙස පැලඳීමට කටයුතු කර තිබි ඇත. මහා ‍රැජිණ විසින් ඩයනා කුමරියට තෑගි කල Lover’s Knot නම් ඔ‍ටුන්නට වඩා ඇය වැඩි වශයෙන් භාවිතා කලේ මෙම ඔ‍ටුන්න බවයි පැවසෙන්නේ.

8. සාරා ෆර්ගසන් ගේ මංගල ඇඳුම සහා මල් ඔ‍ටුන්න

ඇයගේ මංගල ගවුම යනු සංකේතවත් කිරිම් වලින් පිරුණු එකක් බවයි සඳහන් වෙන්නේ. ගවුමේ ඉහළ කොටසේ ඇයගේ නමේ මුල් අකුර වු ‘S’ අකුර බීඩ්ස් වලින් සහා මීමැස්සන් සහා ක‍ටු පඳුරු නිර්මාණයන්ගෙන් අලංකාර කර තිබිණි. ඒවා ඇයගේ කුල ලාංඡනය සංකේතවත් කෙරීය. විවාහ සහතිකයට අත්සන් තැබීමට පෙර ඇය විසින් අලංකාර මල් ඔ‍ටුන්නක් පැලැන්දාය. එම කාර්ය අවසන් වූ පසු ඇය විගසින් එය ඉවත් කර ඇය පැලඳ සිටි අලංකාර ඔටූන්න නිරාවරණය කලාය. එය ඇයට තෑගි කර ඇත්තේ මහා ‍රැජිණ වීම ද විශේෂත්වයකි. උත්සවය අතර තුරදී ඇය මල් ඔ‍ටුන්න ඉවත් කිරීම ඇය රාජකීය පවුලට සම්බන්ධ වූ අයෙකු බව සංකේතවත් කිරීමක් ලෙස භාවිතා කර ඇත.

9. ඩයනාගේ ‘චෝකර්’ මාලය හිස් හෙඩ් බෑන්ඩ් එකක් ලෙස පැලඳු අවස්ථාවක්.

ඩයනා කුමරිය ඇයගේ විප්ලවකාරිබව ලක්ෂණ හා අව්‍යාජත්වය නිසාම වඩාත් කැපී පෙනුණු චරිතයක් විය. ඇය විසින් වරක් මහා ‍රැජිණ ඇයට ලබාදුන් දියමන්ති සහා එමරල්ඩ් එබ්බවූ ‘චෝකර්’ මාලය හෙඩ් බෑන්ඩ් එකක් ලෙස පැලැන්දාය. කෙසේ වෙතත් මෙම ක්‍රියාව ඇයගේ ස්වාධීනත්වය සහා නිදහස් විලාසිතාවන් අනුගමනය කිරීමට ඇයගේ තිබූ උනන්දුව නිරූපණය වූ අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනා පවසන්නේ.

10. මේගන් ගේ දියමන්ති පෙන්ඩනය

2018 වසරේදි ඇයගේ නවසීලන්ත සංචාරයේදී ඇය විසින් දඟර ගැසුණු හැඩයේ දියමන්ති පෙන්ඩනයක් පැලැඳ සිටින අයුරු දැකිය හැකිවිය. මෙම ආභරණ අදහස නිර්මාණය සඳහා මුල් වී ඇත්තේ ‘ටා මෝකෝ’ නම් සාම්ප්ර දායික කලාවයි. එය ඉපැරණි මාඕරි ජනයාගේ ටැටූ නිර්මාණ ක්‍රමයකි. ඇය එම පෙන්ඩනය නවසීලන්ත සංස්කෘතික උරුමයන්ට ගරුකිරීමක් ලෙස පැලඳ සිටි බව පුවත් වල වාර්තා වී තිබිණි. එය නිමවා තිබි ඇත්තේද නවසීලන්ත ආභරණ නිර්මාණකරුවෙකු විසිනි.