සැඟවී ජීවත්වන මින් පෙර නොදු‍ටු සත්ව විශේෂ 11 ක්

‘සොබාදහම අතිශයින්ම පුදුමාකාරයි’ මිනිසූන්, සතුන්, දිය ඇලි , කඳු පන්ති, සාගර ,ගිණි කඳු වගේම විවිධ මහද්වීප හා රටවල් ඇතුලු පෘථිවියේ පවතින සෑම සුන්දර ස්ථානයක්ම සොබාදහමේ නිර්මාණයන්ය, ඇත්තෙන්ම මේවා නිර්මාණය වී තිබෙන්නේ කෙසේ ද? ඔව් ඔබ නිවැරදියි මේ සියලු දේම සොබාදහමේ හාස්කම් වලින් ඇති වුණු දේවල්. විශේෂයෙන්ම සත්ව ලෝකය දෙස අවධානය යොමුකල විට ඒ බව වඩ වඩාත් ඔප්පු වෙනවා ඒතරමටම විශාල විවිධත්වයක් සහා විශේෂතා ‍රැසක් සත්ව ලෝකයේදී අපට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. දු‍ටු නුදු‍ටු වගේම සොයානොගත් බොහෝ සත්ව ප්‍රබේධ ලෝකයේ පවතිනවා එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේදීත් විද්‍යාත්මක පර්යේෂණ වලින් තවදුරටත් අලුත් සත්ව විශේෂයන් ලොවට හඳුන්වාදෙමින් සිටිනවා.
එසේ හඳුනා ගැනුණු ලොව මවිත කල ආකාරයේ අලුත් සත්ව විශේෂ කිහිපයක් තමයි මෙහි දැක්වෙන්නේ මොවුන් ලොව අතිශය දුර්ලභ සත්ව විශේෂයන් ලෙසයි සැලකෙන්නේ.

1 Ili Pika නම් සත්ව විශේෂය


මේ දුර්ලභ සත්වයා හඳුන්වන්නේ මැජික් හාවා නැතිනම් ‘Magic rabbit’ යනුවෙනි. මේ සත්වයාගේ ඡායාරූපයක් මුල් වරට ලබාගැනීමට හැකිවී තිබුණේ මින් වසර 20 කට පෙරයි. මොවුන්ව මුලින්ම සොයාගැනුනේ චීනයේ පිහිටි ටියෑන් ෂාන් නම් කඳු ප්රයදේශයෙන්ය.

2 පිනෝකියෝ ගෙඹි විශේෂය (The Pinocchio frog)

නාසයේ උල් හැඩැති ස්වභාවයක් තිබෙන මේ ගස් ගෙඹි විශේෂය හඳුන්වනු ලබන්නේ ‘spike-Nosed Tree frog’ ලෙසයි. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ පිරිමි සත්වයෙකු ගැහැණු සත්වයෙක්ව ආකර්ෂණය කරගැනීමට උත්සාහ කිරීමේදී හෝ යම් අනතුරක් බව හැඟුණු විටදී මෙම උල් හැඩති ඉන්ද්රිඋය ඉහළට දිගු වීම සිදුවීමයි. හරියට කතන්දර වල සඳහන් වෙන පිනෝකියෝගේ වගේ!

3 නාසය කොට වඳුරු විශේෂය (The snub-nosed Monkey)

අතිශය දුර්ලභ ගණයේ සත්වයෙක් වෙන මෙම වඳුරු විශේෂය මුලින්ම හඳුනාගැනුනේ උතුරු මියෙන්මාරයේ දී 2010 වසරේදීය. ඔවුන්ගේ අසාමාන්යඋය නාසය පිහිටා ඇති ආකාරය නිසා වැස්ස ඇති වෙලාවන්හි ඔවුන්ට නිතරම කිවිසීම ඇති වෙනවා.

4 The pink hand fish මාලු විශේෂය

වසර කිහිපයකට පෙර අත් හැඩැති වරල් සහිත මාලු විශේෂ 14 ක් සොයාගැනීමට විද්යාහඥයින් පිරිසකට හැකිවී තිබුණා.ඔවුන් අතරින් වර්ග 9 ක්ම වර්තමානයේ වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා.

5 Honduran white bats නම් සුදු පැහැති වවුල් විශේෂය

මේ කුඩා වවුල් විශේෂය ජීවත් වන්නේ මධ්යබම ඇමෙරිකාවේයි. ඔවුන්ගේ වාසස්ථාන වී ඇත්තේ හෙලිකෝනියා පත්රජ වල ගො‍ටු වී ඇති කොටසයි. ඔවුන් ආහාරයට ගන්නේ පලතුරුයි. ඒ වගේම එක් සත්වයෙක් අඟල් 1.5 ක්(සෙ.මි.4.7)පමණ ශරීර ප්රමමාණයකින් වර්ධනය වේ.

6 The Grimpoteuthis හෙවත් (Dumbo octopus) නම් බූවල්ලා

ගැඹුරු මුහුදේ ජිවත් වන මේ සත්ව විශේෂය පෙනුමින් ඉතා අමුතු ස්වභාවයක් ගනියි. මෙම සත්වයාට මෙම අන්වර්ථ නාමය ලැබී තිබිමට හේතුව වන්නේ එම සත්වයාගේ කකුල් අතර පිහිටි තුනී සම මත පිහිටා ඇති කුඩා වරල් ද්විත්වයයි. එය පෙනුමෙන් පාවෙන අලියෙකුගේ කන් වලට සමාන පෙනුමක් ඇති නිසා එසේ නම් යොදා ඇත. මේ සත්වයා ‘Dumbo’ නම් ඇනිමේෂන් චිත්රයපටියේ අලිපැටවාට ඇති සමානකමත් ඊට හේතු වී තිබෙනවා.

7 The salp නම් මාලු විශේෂය

මොවුන් ජලය මතුපිට පාවෙන එසේත් නැතිනම් ‘plankotonic tunicates’ වර්ගයට අයත් මාලු විශේෂයකි. ඔවුන් ජලයෙ ඇති කාබන්ඩයොක්සයිඩ් ඔවුන්ගේ විනිවිද පෙනෙන සිරුර හරහා පොම්ප කරමින් ආහාරයට ගන්නා නිසා ජලයෙන් ඒවා ඉවත් වී යනවා. මේ සේවය නිසාම අපි ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි කියලයි පර්යේෂකයින් පවසන්නේ. ඔවුන් ජලයේ පමණක් නොව වාතයේ ඇති කාබන් ප්‍රමාණයත් අවම කරනු ලබනවා.

8 The pink-eyed Caedicia නම් තණකොළපෙත්තා

මොවුන්ගේ ඇස් රෝස පැහැති දීප්තිමත් බෝංචි හැඩයෙන් යුක්තවේ. මොවුන් දැකගත හැකිවන්නේ පැසිපික් උස්බිම් ප්රමදේශයේ ‘මුල්ලර්’ නම් කඳුවැටියේදියි.

9 The Cherax Pulcher නම් කකුළු විශේෂය

මෙම වර්ණවත් කකුළු විශේෂය හඳුනාගෙන තිබෙන්නේ ඉන්දුනීසියාවෙනි. ඒ පසුගිය වසරේදියි.

10 The Albino Chinese Soft-shell turtle නම් කැස්බෑ විශේෂය

මෙම කැස්බෑ විශේෂය තම දිගු බෙල්ල සහා බටයක් ආකාරයෙන් පිහිටා ඇති නාස් පුඬු මඟින් ජලය යටදී හුස්ම ගැනීම සිදුකරයි. හරියට දිය යටදී හුස්ම ගැනීමට මිනිසුන් භාවිතා කරන ‘Snorkel’ උපකරණයක් වගේ!

11 The Nendo tube-nosed fruit bat නම් වවුල් විශේෂය

මෙම සත්වයාගේ ඇස් අසාමාන්ය ය කරුණාවන්ත පෙනුමක් සහිතයි.ඔවුන්ගේ නාස් පුඬු බටයක් ආකාරයෙන් පිහිටා තිබෙයි. මේ වවුල් විශේෂය මුලින්ම සොයාගෙන තිබෙන්නේ 2009 වසරේදී පැපුවා නිව් ගිනියාවෙනි. ප්‍රසිද්ධ ‘Star wars’ චිත්රමපටි මාලාවේ එන ‘Jedi Master’ චරිතයට ඇති සමාන බව නිසාම මේ සත්වයා ‘Yoda Bat’ යන අන්වර්ථ නාමයෙන්ද අන්තර්ජාලයේ ඇතැම් පිරිස් හඳුන්වනු ලබනවා.

12 The Amazon river dolphin නම් ඩොල්ෆිාන් විශේෂය

මොවුන් කුඩා කාලයේදී ලා අලු වර්ණයකින් යුක්ත වන අතර ක්ර මයෙන් වර්ධනය වන විට සමේ පැහැය රෝස පැහැයට හැරෙනවා. මොවුන් අනෙක් ඩොල්ෆිනන් විශේෂ මෙන් මිත්‍රශීලි නොවන අතර පහසුවෙන් පුහුණු කිරීමද කල නොහැකියි. එම නිසා සත්වෝද්‍යාන වලදි මොවුන් දැකගැනීමට අවස්ථා නොලැබෙන තරම්ය.

13 බෝනස් Bonus

මෙම පින්තූරය ලොව පුදුමයට පත් කල එකක් වුණා. ඇත්තෙන්ම මෙය Photoshop සංස්කරණයක්. නමුත්, යෝධ දැල්ලන් ලෝකයේ ඇත්තෙන්ම ජීවත් වෙනවා. ඔවුන්ගෙන් ගැහැණු සතෙක් ප්‍රමාණයෙන් මීටර් 13 ක් (අඩි 43) ක් සහා පිරිමි සත්වයෙක් මීටර් 10 (අඩි 33) ක් පමණ විශාලත්වයකින් වර්ධනය වෙනවා.