‘සල්ලි තිබ්බා කියලා නළුවෝ වෙන්න බෑ’ ජනප්‍රිය නළු රුවන් පෙරේරා කියන කතාව

මේ දිනවල් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන ටෙලිනාට්‍ය තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ. ඒ වගේම මේ වනවිට විකාශන වුන සියලුම කොටස් විවුස් මිලියනය ඉක්මවා ගිහින් තිබුනා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ හැමෝම බලාගෙන හිටපු කොටසක් තමයි කුකුලා ලකුනගේ ආරක්ෂාවට ආව අලුත් බොඩිගාඩ් කැකුලා සරාගෙන් ගුටිකන කොටස. හැමෝටම දිරවන්නේ නැති මේ කැකුලන්දරගේ චරිතයට පන පොවන්නේ අපේ කළා ලෝකයේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක් වන රුවන් පෙරේරා විසින්. මේ දිනවල විකාශනය වන ‘ටීචර් අම්මා’ ,’තාදි’ ,’එන්කවුන්ටර්’, හරහාත් රුවන් පෙරේරා අපට දැකගන්න පුළුවන්.

නාඩගම්කාරයෝ කතාවේ වගේම ‘එන්කවුන්ටර්’ එකෙත් රුවන් රඟපාන්නේ මැර චරිත, මේ වගේ දුෂ්ඨයාගේ චරිත හැමෝටම රඟපාන්න බෑ. ඒ වගේම ගොඩක් ප්‍රේක්ෂකයෝ දුෂ්ඨයාගේ චරිත වලට පන පොවන නළුවන්ට බනිනවා ඉතින් ඒ පිලිබඳ රුවන් කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි යම්කිසි චරිතයක් බලලා පේ‍්‍රක්ෂකයෝ බනින්නෙ චරිතයට මිසක් ඒ චරිතය රඟපාන නළුවට නෙවෙයි. මැර චරිතයකට මිනිස්සු බනින්නේ නැතුව ඉන්නවා නම් එතන තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ .මොකද දරුණු චරිතයකට නොබැන ඉන්නවා කියන්නෙම පේ‍්‍රක්ෂකයන්ට ඒ චරිතය හොඳට දැනිලා නෑ. එතකොට ඒ රංගන ශිල්පියා සාර්ථක වෙලානෑ, හැබැයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කැකුලන්දරගේ චරිතයට පේ‍්‍රක්ෂකයෝ හොඳට බනිනවා මම හිතන්නේ බැනුම් කියලා කියන්නෙත් ප්‍රේක්ෂකයෝ ආදරේ ප‍්‍රකාශ කරන එක විදිහක් .” කියලයි.

නළුවෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි රත්නපුරෙන් කොළඹ ඇවිත් රංගන ශිල්පියෙක් වුණ එක ගැන රුවන් අපිට කිවුවේ මේ වගේ කතාවක්, ”මෙහෙමයි මම නළුවෙක් වෙන එක අහම්බයක් නෙවෙයි. මොකද මට පොඩිකාලේ ඉඳලම ඕන වුනේ නළුවෙක් වෙන්න. ඒ නිසයි මම කොළඹ ආවේ. රංගන ගැන ඉගනගෙන අත්දැකීම අරගෙන තමයි මම රංගනයට එකතුවුනේ. ඒත් අද නංගිලා මල්ලිලා ගොඩක් අහන්නේ කොහොමද ඉක්මනට නළුවෙක් වෙන්නේ කියලා. සල්ලි තිබ්බට ආසාව තිබ්බට නළුවෙක් වෙන්න බෑ එහෙම ඉක්මනින් වෙනදේවල් තාවකාලිකයි.” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කකුල්ලගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.