සරණාගතයෙක් ලෙස ඔලිම්පික් ගිය සුරූපී යුස්රාගේ කඳුළු කතාව

ලෝකීය අර්බුද තත්වයක් යටතේ වුනත් මෙවර ඔලිම්පික් තරඟාවලිය ඉතාම උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. මේවර ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරන්නේ ජපානයේ ඉතින් අපි අද කියන්න යන්නේ මේ ඔලිම්පික් තරඟාවලිය පිලිබඳ ටිකක් වෙනස් කතාවක් ඒ තමයි මේ ඔලිම්පික් තරඟාවලියට ක්‍රීඩිකාවන් 29 දෙනකුගෙන් සමන්විත රටක් නැති ඔලිම්පික් කණ්ඩායමක් සහබාගී වෙනවා. ඔවුන් හඳුන්වලා තියෙන්නේ ‘සරණාගත ඔලිම්පික් කණ්ඩායම’ කියලා. ඉතින් මේ කණ්ඩායමේ ඉන්න සුවිශේෂීම ක්‍රීඩිකාව තමයි යුස්රා මදීනී, මේ වනවිට ඇය ජර්මනියේ පදිංචිව සිටියත් යුස්රා කියන්නේ සිරියානු ජාතික සරණාගත යුවතියක්. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහබාගී වීමත් සමගම ඇය පිලිබඳ හැමෝම කතාවෙන්න පටන් ගත්තා එයට හේතුව ඇය යුප්රා සහභාගී වූ ඉසව් ජයග්‍රහණය කරමින් පදක්කම් දිනූ නිසා නෙවෙයි ඇය සරණාගත කාන්තාවක්ව සිට බාදක ජය ගනිමින් ඔලිම්පික් පිහිනුම් ඉසව් තෙක් ආ ධෛර්යමත් ගමන නිසා.

යුස්රා කුඩා කාලයේ ඉඳලම පිහිනීමට ගොඩක් දක්ෂයි, ඇය උපත ලබන්නේ 1998 වසරේ මැයි මස පස්වන දිනයි. 2012 වසේදී ඇයට පිහිනීප පිලිබඳ මනා පුහුණුවක් ලැබුනා. ඒ වගේම යුස්රා සිරියාව නියෝජනය කරමින් පිහිනුම් තරඟ රැසකට සහබාගී වී ජයග්‍රහණ හිමිකරගන්න සමත්වුනා. ඉන්පසු 2015 සිරියාවේ ඇතිවූ ගැටුම් හේතුවෙන් යුස්රාගේ නිවාස වගේම ඇයගේ ඔලිම්පික් සිහිනයත් විනාශ වුනා. ඉන්පසු ඇය සිරියාවේ සිවිල් ගැටුම්වලින් බේරී සරණාගතයන් ලෙස යුරෝපයට පැන ගැනීමට අරමුණු කරගත්තා පසුව ඇය 2015 අගෝස්තුවේ යුස්රා ඇගේ සොහොයුරිය ස්ථාත් පළමුවෙන් ලෙබනනයටත්, ඉන්පසු තුර්කියටත් පලාගියා. ඉන්පසු ඇය සහෝදරියද සමග ජාවාරමිකරුවන්ගේ උදවුවෙන් බෝට්ටුවකින් ග්‍රීසියට යෑමට අවස්ථාවක් උදා කර ගත්තා. ඉන්පසු ඇය ග්‍රීසියට යමින් සිටියදී ඇයගේ බෝට්ටුව මුහුද මද නතර වුනා. ඒ විතරක් නෙවෙයි බෝට්ටුව වතුරෙන් පිරෙන්න පටන්ගත්තා. ඉන්පසු යුස්රා සහ ඇයගේ සහෝදරිය ඇතුළුව පිහිනීමට හැකි කිහිප දෙනෙකු එක්ව සැතපුම් ගණනාවක්ම එම බෝට්ටුව තල්ලු කරමින් යලි බෝට්ටුවේ එන්ජිම පනගන්නාතුරු පැය ගණනාවක්ම පිහිනා තිබ්බා.

ඉන්පසු ග්‍රීසියේ ලෙස්ටෝස් දූපත බලා පැමිණිමට යුස්රා ඇතුළු පිරිස සමත් වුනා. 2015 සිට ජර්මනියේ දී පිහිනුම් ශූරියක වීමට යුස්රා පුහුණු වූ අතර ඇයට ජර්මන් පුහුණුකරුවන් කීප දෙනකුගෙන් ඒ සඳහා නිසි පුහුණුවක් ලැබුනා. ඉන්පසු ඇය 2016 රියෝ ඔලිම්පික් උළෙලට සම්බන්ද වනවා. නමුත් එම අවස්ථාවේදී ද ඇයට පදක්කමක් ලබා ගැනීමට හැකි වුනේ නෑ. ඉදිරියේ දිනෙක ඇය ඔලිම්පික් රන් පදක්කමක් දිනාගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාස කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.