‘සමිතා හිනාවෙලා හිටියට මම හිතින් විඳවනවා’ ලංකාවේ කිම් ජානකී කියන කතාව

අවුරුදු හතරකට පෙර රංගන ජීවිතයට සමු දී ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස ජානකී විජේරත්න කරලියට පැමිණෙන්නේ දැඩි නිහඩ චරිතයක් ලෙස. තනිවම කොහෙවත් නොයන ආගමට දහමට ලැදි චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හදුනන ඇය පවසන්නේ රංගනය ඇයට වෙහෙසකාර දෙයක් වන අතර ඇයට රංගනයෙන් තෘප්තියක්ද නොලැබෙන බවයි. ඇය විශේෂයෙන් කතා කල කරුණ වන්නේ ඇගේ ජිවිතේ මිත්‍රත්තවයයි. ඇගේ හොදම මිතුරිය ජීවිතයට සමීප කලා ලෝකයේ දිදුළන තරුවකක වගේම කලාකාරියක් විදිහට ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. මොවුන් දෙදෙනාගේ මිත්‍රත්වය දැන් දශක එකහමාරකටත් වැඩි වු අතර ඇගේ අඹ යහළුවා ගායන ශිල්පි සමිතා මුදුන්කොටුවයි

ඉතින් ජානකී සමිතාගේ දකින විශේෂත්වය පිලිබඳ කියන්නේ මේ වගේ දෙයක්. ‘සමිතයි මමයි නෑදෑයො වෙනව. හැබැයි අපි ලොකුවට නෑකම් පැවත්තුවේ නෑ. අපි දෙන්නා සාමාන්‍ය යාළුවො විදිහට ඉන්නකොට අපිට හිතුනා අපි දෙන්නම එක වගේ කියලා. අදහස්, සිතුම් පැතුම් පවා. සමිතා තුළ තියෙන මම වැඩියෙන්ම අගය කරන ගුණය තමයි මොන ප්‍රශ්නය තිබුණත් ඒක ලෝකයට පෙන්වන්නෙ නැතිව හිනාවෙලා ඉන්න එක. ඇය මම වගේ ⁣විදවන්නේ නෑ. සමිතා ඇතුළතින් දුක් වුනත් එක මොහොතකින් ඒ හැම දෙයක්ම අමතක කරලා හිනාවෙනවා. සමිතා ළඟ තියෙන ඒ ආත්මශක්තිය කාන්තාවකට වටිනා දෙයක් විදිහට යි මම දකින්නෙ.” කියලයි.

”සමිතාගේ ලොකුම දුර්වලකම තමයි එයාගේ සෞඛ්‍ය ගැන හිතන්නෙ නැති එක. යාළුකම වැඩිකමටම අපි වෙලාවකට තරහ වෙනව. හැබැයි ටික වෙලාවකට. සමිතව රට තුළ ප්‍රසිද්ධ දක්ෂ ගායිකාවක් විදිහටනෙ. නමුත් ගායනයට, රංගනයට අමතරව සමිතට තියෙන දක්ෂතාවක් තමයි එයාට හැම කෙනෙක්ම අනුකරණය කරන්න පුළුවන්. එයා ළඟ ඉන්න කොට පාළුවක් දැනෙන්නෙ නැහැ. හැම වෙලාවෙම මොකක් හරි විහිළුවක් කරලා හිනාවෙනව. කියලත් ජානකී කියනවා. ඉතින් ලංකාවේ කිම් ලෙස හඳුන්වන හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනකීගේ සුන්දර පින්තූර එතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.