සමාජ සම්මත බිඳදමමින් තම ප්‍රේමය ජයගත් සුපිරි තරු යුවල් 7 ක්

මිනිසා සාමාජානුයෝජනය වන විට  නොලියවුණු සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර  හා සම්ප්‍රදායන් පිලිබඳව ඉගෙන ගනිති. එවන් අධ්‍යාපනයක් ලබාදෙන ප්‍රබල මූලාශ්‍රය වන්නේ අප ජීවත් වන සමාජයයි. සමාජය යනු මිනිසුන්ගේ එකතුවක් වුවත් එය වෙනම ඒකකයක් බඳුය. සමාජය විසින් පිලිගන්නා මත, විශ්වාස, පිලිවෙත් හා සම්ප්‍රදායන් ‍රැසකි. මිනිසා ඒවාට අනුගතව ජීවත් විය යුතු බව මූලික අපේක්ෂාවයි. ඒවාට පටහැනිව කටයුතු කරන්නන් සමාජය විසින් විවේඡනයට ලක්කිරීම ,ඔවුන් දෙස අමුතු කෝණයකින් බැලීම සහා සමාජයෙන් කොන් කිරීම සිදුවිය හැක.

නමුත්, සෑම දෙනාම සමාජ සම්මත වලට අනුව තම ජීවිත හැඩගස්වාගැනීමට සූදානම් නැත. එවැනි විප්ලවකාරී , නිර්භීත පුද්ගලයින් අප අතරම සිටිති. තමන්ගේ හදවත කියන දේට ඇහුම් කන් දෙමින් සමාජ සම්මතයන් පරදා ප්‍රේම සටනින් ජයගත් සුපිරි තරු යුවල කිහිපයක් ගැනයි අද අපි පැවසීමට සූදානම් වෙන්නේ. විවාහයකදී සමාජ සම්මතයට අනුව වැඩි සැලකිල්ලක් දක්වන වයස, ආගම, ජාතිය, උස-කොට බව, පෙනුම වැනි ගැලපීම් මායිම් නොකල එවන් ආදරණීය යුවල 7 ක් ගැනයි මේ. සම්මත නොසලකා විවාහ දිවියට පත්වුණත් අදටත් මොවුන් ප්‍රීතිමත් යුග දිවියක් ගත කරන බවයි අපට නම් දකින්නට ලැබෙන්නේ.

Hugh Jackman – Deborra Lee Furness

විවාහය පදනම විය යුත්තේ ආදරය, ගැලපීම් සහා හැඟීම් මිස සමාජ සම්මතයේ එන තත්වය, වයස, මිලමුදල් ආදිය මත නොවේ. නමුත්, Hugh ඊට බොහෝ වෙනස් කෙනෙකු බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුගේ බිරිඳ වන Deborra ඔහුට වඩා ටිකක් වැඩිමහල් කාන්තාවකි. නමුත්,මේ හැමදෙයටම වඩා ඔහුගේ හිතේ  Deborra වෙනුවෙන් ඇති අවංක ආදරය කෙළවර වුණේ විවාහයකිනි.

Liv Tyler – Dave Gardner

සාමාන්‍යයෙන් සහකාරියට වඩා සහකරු උසින් වැඩි අයෙකු විය යුතු බව සමාජ සම්මතයයි. නමුත්, ආදරයේදි උස-කොට බලපාන්නේ නැති බව Liv සහා Dave දෙපළ දකින ඕනම කෙනෙකුට වැටහෙනු ඇත. සුරුපි Liv තම සැමියාට වඩා පෙනුමින් උස් වුණත් එය ඔවුන්ගේ ආදරයට බාධාවක් වී නැත.

Vincent Cassel – Tina Kunakey

විවාහයේදී වයස ගැලපිය යුතු බව විශේෂයෙන් අවධාරණය කරන්නකි. නමුත්, සැබෑ ආදරයේදි වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා සහා Tina යුවල ඔප්පු කර තිබෙනවා. Vincent වර්තමානයේ පසුවන්නේ 52 වන හැවිරිදි වියේ වන අතර ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 20 කි. වයස පරතරය කොහොම වුණත් ඔවුන් දෙදෙනා ඉතා සතුටින් ජීවත්වන විවාහක දෙපළක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

Hafbor Julius Bjornsson-  Kesley Henson

‘Game of Thrones’ ටෙලිකතාමාලාවේ ‘the mountain’ නම් චරිතය ඔබට මතකද? ඔහුගේ ඇත්ත නමට වඩා බොහෝ දෙනෙකු ඔහුව අමතන්නේ මේ නමින්. ඔහු ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල පුද්ගලයෙකු වන නිසා ඔහුගේ බිරිඳට ඔහුව නොගැලපෙන බව බොහෝ අය පැවසුවත් ඔවුන් දෙදෙනාට නම් ඒ මත ගැන තැකීමක් වත් නොමැති බවයි පෙනෙන්නේ. ඔවුන්ගේ විවාහ ජීවිතයට ශරීර පෙනුම බාධාවක් වී නැත.

Mark Zuckerberg – Priscilla Chan

Mark Zuckerberg (R), founder and CEO of Facebook, and wife Priscilla Chan arrive on the red carpet during the 2nd annual Breakthrough Prize Award in Mountain View, California November 9, 2014. REUTERS/Stephen Lam (UNITED STATES – Tags: ENTERTAINMENT SCIENCE TECHNOLOGY BUSINESS) – RTR4DIFG

වෙනස් රටවල් දෙකක පුද්ගලයින් විවාහ පත් වීමත් සමාජය විසින් එතරම් අනුමත කරන බවක් දකින්නට නොලැබේ. Mark සහා Chan ගේ විවාහයත් ඒ වගේ විශාල මතවාදයකට තුඩු දුන් හේතුවක් වුණා. ඊට හේතුව වූයේ Chan යනු චීන ජාතික කාන්තාවක් වීමයි. බටහිර සහා ආසියාතික රටවල් අතර ඇති ජාතිවාදී මතගැ‍ටුම් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වෙතත්,ඔවුන් දෙදෙනා වෙනස් ජාතීන් දෙකක් නියෝජනය කිරීම ඔවුන්ගේ ප්‍රේමයට සහා විවාහ ජීවිතයට කිසිසේත්ම බාධාවක් නොවන බව ඔවුන් දෙදෙනා ඔප්පු කර පෙන්වා තිබෙනවා.

Peter Dinklage  – Erica Schmidt

පෙනුමින් කුරු පුද්ගලයින් බොහෝ විට සමාජයෙන් කොන් වීමට ලක්වෙනවා. නමුත්, කෙනෙකුගේ පෙනුම කියන්නේ සොබාදහමින් ලැබෙන දෙයක් මිසක් කෙනෙකුගේ වුවමනාවෙන් හෝ බලපෑමකින් ඇති වන්නක් නොවේ. Peter කියන්නෙත් තම කුරු බව නිසාම සමාජයෙන් කොන් වූ ,පීඩාවට ලක් වූ අතීතයක් තිබෙන වර්තමානයේ ප්‍රසිද්ධ නලුවෙකු බවට පත්ව සිටින පුද්ගලයෙකි. කුරු පුද්ගලයෙකුට ගැලපෙන්නේ කුරු පුද්ගලයෙකුම තමයි කියලා හිතන සමාජයට, එය එසේ නොවන බව ඔප්පු කර පෙන්වපු ආදර කතාවක් තමයි Peter සහා Erica ගේ ප්‍රේම සම්බන්ධතාවය. ඔවුන් දෙදෙනා සාර්ථක යුග දිවියක් ගත කරන තරු යුවලක් ලෙසයි වඩාත් ප්‍රචලිතව ඇත්තේ.

Prince Harry – Meghan Markle

ලෝකයේම අවධානය දිනගැනීමට සමත් වූ බ්‍රිතාන්‍ය Harry කුමරුගේ සහා Meghan Markle ගේ විවාහය බොහෝ දෙනාගේ විවේඡ්නයට ලක් වූ මාතෘකාව විය. ඊට හේතු වූයේ මේගන් යනු ඇමෙරිකානු ජාතික කාන්තාවක් වීමත්  මින් පෙර විවාහ වූ කාන්තාවක් වීමත්, දික්කසාද වූ කාන්තාවක් රාජකීය පවුලට සම්බන්ධ වීම නුසුදුසු බවත් ආදි මතභේදාත්මක හේතු නිසාවෙනි. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා හට එම බාධක ජයගෙන ඔවුන්ගේ ප්‍රේමය විවාහය දක්වා සාර්ථක කරගැනීමට හැකි විය. ඔවුන් දෙදෙනා ඉතා සතුටින් ජීවිතය ගත කරන යුවළක් ලෙස ද හැඳින්වේ.