සමහර සිදුවීම් කලින් සිදුවෙලා තියෙනවා වගේ දැනෙන්නේ ඇයි

එකම වර සිදුවන දේවල් (coincidences)අහඹු දේවල් නොවන බව පැවසෙනවා. තවත් කෙනෙකු සමඟ එකම අවස්ථාවක නොසිතූ ලෙස එකම දේ සිදුකරපු අත්දැකීමක් ඔබටත් ඇති. නමුත් එය එසේ සිදුවුණේ කොහොමද කියා ඔබට සිතාගන්නට නොහැකි වන්නට ඇති. උදාහරණයක් විදියට ඔබ ඔබේ හොඳම මිතුරාට අමතන්නට සැරසෙද්දීම ඔහු/ඇය විසින් ඔබට ඒ මොහොතේම ඇමතීම , නොසිතූ ලෙස හමුවන අයෙකු සමඟ ඇතිවන සංවාදයකින් ඔබ ඔබේ ජීවිතය වෙනස්කරගැනීමට සිතීම , එහෙමත් නැතිනම් ඔබ ගැටලුවකට මැදිව් සිටින විට ඔබ පාරේ යම් පුවරුවක හෝ පොතක ඊට උත්තරය දැකීම වැනි සිදුවිම් ජීවිතයේ ඇතිවිය හැකියි. නමුත්, ඒ සිදුවීම එසේ වූයේ කෙසේද කියා ඔබට තවමත් සිතාගත නොහැකි හැඟීමක් දැනෙනවා වෙන්නට පුලුවන්.

 මෙම සංසිද්ධියට පැහැදිලි උදාහරණයක් වන්නේ නළු ඇන්තනි හොප්කින්ස්ගේ කතාවයි. වරක්, නලුවෙකු වූ Anthony Hopkins හට ඔහුට රඟපෑමට ලැබුණු “The Girl from Petrovka” නම් චිත්‍රපටියේ ඔහුගේ චරිතය ගැන හොඳ අදහසක් ලබා ගැනීමට George Feifer විසින් රචිත එහි මුල් ග්‍රන්ථය කියවිය යුතු යැයි තීරණය කලේය. නමුත්,  එහි පිටපත් කොහේවත් නොවීය. නමුත් අහම්බයෙන් දිනක් උමං මාර්ගයක ගමන් කර සිටියදී කාට හෝ අමතකවී ගිය පිටපතක් බංකුවක් උඩ තිබියදී ඔහුට හමු විය. පසු කාලයකදි, Hopkins මුනගැසුණු Feifer පවසා තිබුණේ ඔහු විසින් රචිත පොතේ පිටපතක් ඔහු සතුවවත් නොමැති බවත්, තිබු අවසන් පිටපත ඔහුගේ මිතුරෙකුට දුන් බවත්, නමුත් ඔහු එය උමං මාර්ගයේ ගමන් කරන විට අමතක වී නැති කරගෙන ඇති බවත් ය.

  • මෙය සිදුවූයේ කෙසේද?

ලෝකයේ සියලුම සිදුවීම්, සියලු මිනිසුන්, සහ සියලු තොරතුරු නොපෙනෙන නූල් ජාලයකින් බැඳී බවත් වරින් වර එය පියවි ඇසට ඉස්මතු වන අවස්ථා ඇති බව පෙනී යයි. සුප්‍රසිද්ධ මනෝ චිකිත්සක කාර්ල් ගුස්ටව් ජුන්ග් පවසන්නේද එය සත්‍යයක් බවයි. මෙය මෙම සංසිද්ධිය ‘සමමුහුර්තතාව’ (synchronicity) ලෙස හැඳින්වෙන අතර එය බොහෝ විට අපගේ විශ්වයේ ඇති අද්භූතම දේ ද විය හැකිය.

ජුන්ග් ගේ නිගමනය පරිදි පුද්ගලයා සහ ඔහු අවට පරිසරට අතර ඇත්තේ අතිශය සමීප සම්බන්ධතාවකි. සවිස්තරාත්මකව පැවසුවහොත් අවකාශය, කාලය , සවිඥානික බව සහ අවිඥානික බව අතර ඇති සබඳතාවයයි. පුද්ගලයාට අදාළ වන නිශ්චිත වෛෂයික (ආත්මරූපි) අර්ථයන්ගේ බලපෑම යටතේ කාලයෙහි ඇතැම් අවස්ථාවන්හිදී, ශක්තිමත්ම ආකර්ෂණයන් ඉස්මතු වේ. මෙම ආකර්ෂණය නිසා මාරක අනතුරු, විනාශය, ඇදහිය නොහැකි වාසනාව හෝ ප්‍රාතිහාර්යයක් ලෙස අප හඳුන්වන අනපේක්ෂිත අහඹු සිදුවීම් සියල්ලම ඇති වේ.

ඔබ හා ඔබ අවට සිටින පුද්ගලයින් අතර මෙම සම්බන්ධතාවය සමීප වන තරමට,කුඩාම දේවල් කෙරෙහි පවා වැදගත්කමක් ඇති බවත් ඒවා කෙරෙහි ඔබේ ඇති අවධානයත් වැඩිවේ. උදාහරණයක් ලෙස එය වෙළඳදැන්වීමක්, ගීතයක්, පුද්ගලයින් මුණගැසීම්, ඡායාරූප , සංවාදයක් හෝ එසේත් නැතිනම් යම් සුවඳක් හෝ විය හැකියි. නමුත්, මෙම සංසිද්ධිය 100% ක් සත්‍යයක්ම බව විශ්වාසය තැබීම සිදුකල නොහැකිය. එසේවුවද, ඇතැම් අවස්ථාවල මෙම ගුප්ත දෙය යම් සිදුවීමකට අනුව කටයුතු කිරීමට, තීරණ ගැනීමට මෙන්ම  අපගේ ජීවිත රැඩිකල් ලෙස වෙනස් කිරීමට අපට උපකාරී වේ. “හොඳ අහම්බයක් යනු ක්‍රියාවෙහි එක් ආකාරයක් පමණි” යනුවෙන් දොන් ජුවාන් පැවසීම පුදුමයක් නොවේ. සමමුහුර්තතාවක් ඇතිවීමේ සම්බාවිතාව ඇතිකිරීමට නම් පුද්ගලයින් වඩාත් අවධානයකින් යුතුව විවෘතව කටයුතු කල යුතු බව ඔහුගේ අදහසයි.

මෙම ලිපිය පවා සමමුහුර්තතාවයේ ප්‍රතිඵලයක් විය හැකිය. සමහර විට ඔබ සියලු අමුතු අහඹු සිදුවීම් සඳහා පැහැදිලි කිරීමක් සොයමින් හෝ ලකුණක් බලාපොරොත්තුවෙන් සිටින්නට ඇත. අද ඔබට යම් අවබෝධයක් ඒ ගැන ලැබෙන්නට ඇතැයි අපේ විශ්වාසයයි.