සබන් භාවිතය නතර කිරීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 05ක් මෙන්න

සුන්දරත්වය ආරක්ෂා කරගන්න සමේ පිරිසිදුකම පවත්වාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සමේ පිරිසිදුකම ගැන කතාකරද්දී සබන් කියන්නේ අපි අතරේ ඇති ප්‍රධාන භාවිතයන් වලින් එකක්. ස්නානය කරන විට හෝ ඇඟ සෝදා පිරිසිදු කරගන්නා විට ඔබ දිනපතා භාවිතා කරන්නේ සබන් ද?

සම සඳහා භාවිතා කරන දේවල් බොහෝ තිබුණත් ඒවායේ සමට හිතකර අහිතකරබව ගැන අපි එතරම් සැලකිලිමත් වෙනවා හරිම අඩුයි. සබන් කියන්නේත් එවගේ දෙයක්. සුවඳවත් හැමදේම සමට සුදුසුයි කියලා නිගනමය කරන්න බැහැ. සිරුර පිරිසිදුකරගැනීමේදී සබන් භාවිතා කිරීම ඔබ නොසිතන තරම් හානියක් ඔබේ සමට ඇතිකරයි. සිරුර අපවිත්‍ර කරන කුණුදුහුවිලි ඉවත්කරාගැනීමට ජලය පමණක් ප්‍රමාණවත් බව සඳහන් වෙනවා. සබන් භාවිතය අනවශ්‍යයයි කියා සිතෙන තරමට ප්‍රතිලාභ ‍රැසක් ඔබට සබන් භාවිතය නතර කිරීමෙන් ලැබෙනවා.  ඇත්තටම සබන් භාවිතය නතර කලොත් ඔබේ සිරුරට මොනවා වේවිද?

01. සමේ හොඳ නීරෝගිබවක් ඇතිවේ

සබන් නොමැතිව ජලය භාවිතයෙන් පමණක් ස්නානය කිරීමෙන් හෝ ඇඟ සෝදා ගැනීමෙන් සමේ ඇති ආරක්ෂක ස්තරය හානි නොවි එහි සමබරතාව පවත්වාගැනීමට හැකියාව ලැබේ. සබන් කුණු දුහුවිලි ඉවත්කිරීමට දායක වුවද සමේ ස්නේහක ග්‍රන්ථින් මඟින් ශ්‍රාවය කරන ස්වභාවික තෙල් ශ්‍රාවයන් පවා සමෙන් ඉවත් කර දමයි. දිනපතා නිතර සබන් භාවිතය නිසා සමේ pH අගය අසමතුලිත වි යා හැකි අතර ඒ හේතුවෙන් සම වියළීයාමට පටන්ගැනීම සහ සම පීඩාවට පත්වීම සිදුවිය හැකිය.

02. ශරීර දුගඳ ඇතිනොවේ

සබන් භාවිතයෙන් සිරුර පිරිසිදු කරගත් පසු සබන් සුවඳ ‍රැඳී තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයක් පුරාවට පමණයි. ඉන් ඔබේ සම දුගඳ ඇතිකරවන බැක්ටීරියාවන්ට ගොදුරුවීමේ හැකියාව වැඩිකරවයි. සබන් වල අඩංගු රළු අමුද්‍රව්‍ය විශේෂ වල බලපෑමින් සමේ තෙල් ශ්‍රාවයන් සහ සම මත ජීවත් වන බැක්ටිරියා සමතුලිතතාවයට හානි ඇති කරවිය හැකි අතර එහි බල පෑමින් සම මතුපිට අධිකව තෙල් ශ්‍රාවය වීමට පටන්ගැනීම සහ අධිකව බැක්ටීරියා වර්ධනය වීමට පටන්ගත හැකිය. බැක්ටීරියා නාශක සබන් වර්ග භාවිතය නිසා අහිතකර විෂබීජ වර්ග මෙන්ම හිතකර බැක්ටීරියාවන් ද විනාශ කර දමයි.

03. ලිංගික ප්‍රදේශයේ සම ආරක්ෂා වේ

දිනාපතා ස්නානය කරන විට හෝ ඇඟ සෝදන විට සබන් භාවිතා කිරීම නිසා ඔබේ ලිංගික අවයව ආශ්‍රිත සම දැඩි ලෙස වියළී යාමට ලක්විය හැකි අතර එහි බලපැමින් ඇතැම් රෝග තත්වයන් පවා වර්ධනය විය හැකියි. ලිංගික ප්‍රදේශය පිරිසිදු කරගැනීම සඳහා උණුසුම් ජලය භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

04. සම බොහෝ කාලයක්  ‍රැළි නොවැටී නිරෝගීව පවතියි

සම පිරිසිදුකිරීම සහ සම නැවුම්ව තබන බව කියන ඇතැම් සබන් වර්ග වල අඩංගු අමුද්‍රව්‍ය නිසා ඔබේ සමට බොහෝ හානි ඇතිවිය හැකිය. ඒවායේ බලපෑම නිසා ඔබේ සමේ පිහිටන අම්ල ප්‍රාවරණයට හානි ඇතිවිය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස කුරුලෑ, චර්මදාහය වැනි විවිධ සමේ ගැටලු තත්වයන් වඩාත් උත්සන්න වීමට පටන්ගනියි. සබන් භාවිතයෙන් මුහුණ සේදීම නිසා සම අධිකව වියළී යාමට පටන්ගන්නා අතර වියළි සම ඉතා ඉක්මනින් ‍රැළි වැටීමට පටන්ගනියි. ඒ අනුව සබන් භාවිතය නතර කිරීමෙන් ඔබේ සාම් අකලට වියපත් වීම වළක්වාගන්න ඔබට හැකිවේවි.

05. විටමින් D ඌනතාවය හටගැනීමේ අවදානම අවම කරවනු ඇත.

ඔබ ඇතැම් විට මේ කරුණ ගැන මින් පෙර දැනුවත් වී නොසිටින්නට ඇති. සබන් භාවිතය සම තුලින් සිරුරට විටමින් D අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියට බාධා පමුණුවයි. සූර්ය ශක්තිය අපගේ සම හරහා විටමින් D බවට පරිවර්තනය කෙරේ. නිතරම ස්නානය කිරීමෙන් සමේ සමබරතාව ගිලිහීයාම සහ විටමින් D පෝෂණ ප්‍රමාණයන් යම් තාක් දුරකට සමෙන් ඉවත්වීයාම සිදුවිය හැකිබව ඇතැම් විශේෂඥවරුන්ගේ අදහසයි (නමුත්, ස්නානය කිරීමෙන් පසුවද විටමින් D සම මත ආරක්ෂිතව ඉතිරි වී තිබෙන බව ද තවත් වෛද්‍ය මතකයකි).

කෙසේවෙතත්,සමට සබන් භාවිතා කිරීම එතරම් සුදුසු දෙයක් නොවන බව මතකතබාගත යුතුයි.

සබන් වෙනුවට භාවිතා කල හැකි වෙනත් ආදේශක තිබේද?

  • පහත සඳහන් ක්‍රම භාවිතා කරමින් ඔබට ඔබේ සිරුර පිරිසිදුකරගත හැකියි
  • තෙල් අඩංගු ක්ලෙන්සර් (ක්ලෙන්සින් ඔයිල්)නිෂ්පාදන- සමේ ස්වභාවික තෙල් ආවරණයට හානි ඇතිනොකරමින් සමෑ කුණු දුහුවිලි සහ මැරුණු සම ඉවත්කර සම පිරිසිදු කරවයි.
  • ඩ්‍රයි බ්‍රෂ් ක්‍රමය- සමේ මැරුණු සෛල ඉවත්කරමින්  සෛල නැවත වර්ධනය වීම වේගවත් කර සමේ තරුණ සහ නැවුම් පෙනුම වැඩිකරවයි.
  • ස්වභාවික ස්ක්‍රබ් සත්කාර ක්‍රම (උදා: ඕට්ස්+මී පැණි+ සීනි ස්ක්‍රබ් සත්කාරය ආදි)-  භාවිතා කරමින් සමට හානි නොවී මැරුණු සම ඉවත්කරමින් සම හොඳින් පිරිසිදු කරයි.