සපත්තු හැමදාම අලුත්වගේ තියාගන්න ක්‍රම 10 ක්

ඇත්තටම අපේ ආසම සපත්තුවලට මඩ වැදිල දූවිලි වැදිල පරණ පාට උනහම දැනෙන දුකනම් කියල නිමකරන්න බෑ. මොකද අපි සපත්තු ගන්නේ යම්කාලයක් පාවිච්චි කරන්නයි.
වාසනාවකට සපත්තු දිගකල් පවත්වාගන්න ඔයාට මුදල් වැඩිය වියදන් මෙන්නේ නැති ක්රම තියෙනවා. ඒ ක්රම මොනාදකියල අපි බලමු.

ඔයාගෙ ඇකිලුණු ලෙදර් හෝ බූට් සාත්තු නැවත යථා තත්ත්වයට පත්කර ගන්න නම්…

ඔයා ඒ සපත් තුකුට්ටම හොඳ ඝනකම මේස් දාගෙන කකුලට දාගන්න. ඊට පස්සේ කොන්ඩ යවියලන යන්ත්‍රයක් ( හෙයාර්ඩ්රයර් ) එකක් අරන් තත්පර 30 විතර සපත්තු දෙකට රස්නය වදින්න දෙන්න.. හැබැයි ටිකක් දුරින් ඩ්රයර් එකෙන් හුළං අල්ලන්නත් වගබලා ගන්න. සපත්තුවල රස්නේ නිමුනට පස්සේ ඔයාට ඒක පාවිච්චියට ගන්න පුළුවන් .

2. වෙල්වට් රෙදි ඔයාගෙ සපත්තුවල පෙනුම අලුත් කරාවි.

ඔයා මේවගේ සපත්තු සේදුවට පස්සේ වෙල්වට් රෙදි කෑල්ලකින් ඒක හොඳින් ඔපදාන්න. ඒ කෙන් සපත්තු දෙකට අලුත් පෙනුමක් එනවා .කවුරුවත් හිතන එකක්නැ ඔයා මේ දාන්නෙ පරණ සපත්තු කියලා.

3. මේ වගේ හමින් නිමවපු සපත්තුවල තෙල් පැල්ලම් ආවොත්..

ඒ තෙල් පැල්ලම තියෙන තැනට ටැල්ක් පවුඩර් නැත්නම් පුයර ටිකක් ඉහල පැය 4 ක් 5ක් තියෙන්න අරින්න. ඊට පස්සේ බුරුසුවකින් හොඳින් පිහදාන්න. ටැල්ක් පවුඩර්වලට තෙල් වගේ දේවල් උරාගන්නා නිසා ඔයාගෙ සපත්තුවේ තෙල් තිබ්බද කියලවත් හොයාගන්න නැති වෙයි. ඔයගෙ සපත්තු කුට්ටම දුඹුරු පාටනම් ඒකට කෝපි කුඩු පාවිච්චි කරන්න .

4.සපත්තු කුට්ටම සුදෝ සුදු කරගමු ද..

ඔව්.ඔයා දැක්කා හරි. ටූත්පේස්ට් දත් සුදු කරගන්න විතරක් නෙමේ අපිට සපත්තු සුදු කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සපත්තු වලට ගන්න ටූත් පේස්ට් එකත් සුදුපාට වෙනවානම් හොඳයි. මොකද ඒකෙ පාට සපත්තුවලට අල්ලන්න ඉඩ තියෙනවා. පරණ දත් බුරුසුවක් අරන් ටූත් පේස්ට් දාලා සපත්තුව හොඳින් අතුල්ලන්න. හැබැයි මේකට ලෙදර් කොටස්නම් සුදු වෙනඑකක් නෑ.

  1. තෙත බරියන් උන ලෙදර් සපත්තු වේලන්නේ මෙහෙමයි…

ඒකට හොඳම දේවල් තමයි පත්තර කඩදාසියි වගේම බේකින් සෝඩා. පත්තර කඩදාසි හොඳට ගුලිකරල සපත්තුව ඇතුලට ඔබන්න. පත්තර කීපයකින් සපත්තුව ආවරණය කරන්න. මේකට වැඩිය වර්ණ පිංතූර තියෙන කඩදාසිනම් ගන්න එපා. මොකද පාට අල්ලන්න බලයි. මේ පත්තර කඩදාසි පැය දෙකෙන් දෙකට මාරු කරන්න. ඔයාට ඉර එළිය නැතුවම සපත්තු වේලගන්න පුළුවන්.

  1. ඔයාගෙ හම් සපත්තු වාශ්ප අල්ලලා අළුත් කරගනිමු ද?

සපත්තු පාවිච්චි කරන්න කරන්න ටික ටික වෙනස් වෙනවා. ඉතින් මේ ක්‍රමය කලොත් ඔයාගෙ හම් සපත්තුවල ආයුකාලය වැඩි කරග්න්න පුළුවන් වේවි කරන්න තියෙන්න වාෂ්ප සහිත අයන් එකක් අරන් ඒ වාෂ් ටිකක් දුරින් සපත්තුවට වැදෙන්න සලස්වනඑක විතරයි.

  1. ඇදුනු ලෙදර් සපත්තුවලට…

කේතලේට වතුර ටිකක් දාල උණු කරල ගන්න.. මේනටන උණු වතුර සපත්තුව උඩට වත්කරන්න. තත්පර කීපයක් එහෙමම තියලා ඒක වේලෙනකම් ටිකක් වෙලා කකුලේ දාගෙන ඇවිදින්න.

  1. ඔයාට සපත්තුවල ගඳ අයින් කරගන්න ඕනද

එහෙනම් 6% ත් 9/%ත් වගේ සාන්ද්‍රණයක් සහිත විනාකිරි ටිකකින් පුළුන් කොටසක් පොඟවලා සපත්තුවල ඇතුල පිහිදාන්න. ඊට පස්සේ එළියෙන් වේලෙන්න තියන්න. ඔයාගෙ සපත්තුවල දුගඳ නැති වේවි.

9. කැන්වස් සපත්තු පිරිසිදු කරගන්නේ මෙහෙමයි..

සපත්තු කුට්ටම පොඩ්ඩක් තෙත් කරල මුලු සපත්තුව පුරාම බ්ලීචින් පවුඩර් බ්රශ් එකක් ආධාරයෙන් ගාගන්න. හොඳින් වේලුනාට පස්සේ මේක පිහදාලා නැවත ජලයෙන් සෝදා වියලා ගන්න.

  1. ජලයෙන් තෙත් නොවන සපත්තු කුටමක් ඕන නම්…

සපත්තු දාර ව්ටේම කිප පාරක් ලින්සීඩ් තෙල් (හණඇට) ආලේප කරන්න.