සත්ව ලෝකයේ හැඩකාරයා ‘මොණරා’ ගැන කිසිවකු නොදන්නා කරුණු 10 ක්

මොණරා යනු කුඩාත් නොවන විශාලත් නොවන ශරීර ප්‍රමාණයකින් වර්ධනය වන පක්ෂියෙකි. ඔවුන් දකුණු අර්ධගෝලයේ පිහිටි රටවල් ආශ්‍රිතව දැකිය හැකියි. නිල් මොණර වර්ගය මොණර ප්‍රභේදයන්ගෙන් වඩාත් ආකර්ෂණීයම විශේෂය වන අතර ඔවුන් ඉන්දියාවේ සහා ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර වල දැකිය හැකියි. මොණරාගේ පිහා‍ටු එහෙම නැත්නම්, අලංකාර වෛවර්ණ පිල් නිසාම මේ පක්ෂියා වඩාත් ආකර්ෂණීය සත්වයෙක් ලෙස හැඳින්වෙනවා.  විශාල පිල්කලඹ, වර්ණවත් පිහා‍ටු, ඔ‍ටුන්නක් සහිත හිස පිහිටන්නේ පිහිටන්නේ පිරිමි සත්වයාට පමණි. ගැහැණු මොණරුන් (සෙබඩ ) සඳහා පියාපත් පිහිටන්නේ අවට දේශගුණයට අනුගතවීමට පහසු ලෙසයි.සෙබඩ එතරම් ආකර්ෂණීය සත්වයෙකු නොවන අතර ප්‍රමාණයෙන් කුඩා මෙන්ම කෙටි පිල් කලඹකට හිමිකම් කියයි. මොවුන් සැවුල් කුලයට (phasianidae) අයත් පක්ෂි විශේෂයකි. මේවාට අමතරව මොණරුන් ගැන කියවෙන තවත් තොරතුරු කිහිපයක් තමයි මේ .

01. ඉංග්‍රීසි භාෂාවේදී මොණරුන් රාශියක් හැඳින්වීම සඳහා ‘Peafowl’ යන වචනයත්, පිරිමි සත්වයා හැඳින්වීම සඳහා ‘Peacock’ ලෙසත් ,ගැහැණු සත්වයින් සඳහා ‘Peahen’ ලෙසත්, කුඩා පැටවුන් හැඳින්වීම සඳහා ‘Peachicks’ යන වචන භාවිතා වේ.

02. මොණරා සහා සෙබඩ වෙන්කර හඳුනාගැනීමට හැකි ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණ වල ඇති වෙනසයි. ඔවුන් ප්‍රමාණයෙන් විවිධ විය හැකි අතර සාමාන්‍යයෙන් සෙබඩකට වඩා දෙගුණයකින් විශාල ශරීරයකට මොණරෙකු හිමිකම් කියයි.

03. නිල් මොණර වර්ගයේ පිල් වල වර්ණ බහුලවම ‘නිල්-කොළ’ (metallic blue-green) යන වර්ණ වලින් යුක්ත වේ. කොළ මොණරාගේ පිල් කොළ සහා ලෝකඩ වර්ණයක් ගනියි. මේ දෙවර්ගයේම සෙබඩ හෙවත් ගැහැණු සත්වයින් ගේ ශරීර කොළ සහා දුඹුරු පැහැයක් ගනියි. ඔවුන් පිරිමි සත්වයාට සමාන පළලකින් යුක්ත වෙයි. නමුත්, පිල් කලඹකට හෝ හිසේ ඇති ඔ‍ටුන්න වැනි ලක්ෂණ  පිහිටන්නේ නැත. ඔවුන් විවෘත පහත් බිම් ආශ්‍රිත ලදු කැලෑ වල ජීවත් වෙති. රංචු සේ හෝ යුගල සේ දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදුකරති. රාත්‍රි කාලයේදී උස් ගස් මුදුන් වල ‍රැඳි සිටිති.

04. සංවාස කාලයෙන් පසු මොණරා තම පිල් ඉවත් කිරීම සෑම වසරකදීම සිදුකරයි. මෙම පිහා‍ටු ඇතැම් පිරිස් විසින් අලෙවි  කිරීම සිදුකරති. මොණරෙකුගේ උපරිම ජීවිත කාලය වසර 20 ක් පමණ වේ.ආසියාතික රටවල් තුල වෙසෙන මෙම පක්ෂීන් දඩයමට ලක්වීම තර්ජනයක් වී ඇත.මෙසේ දඩයම් කරන්නේ මොණර මස් සහා පිහා‍ටු ලබාගැනීමටයි.පෞද්ගලික විනෝදය පිණිස දඩයම් කිරීම් සහා ඇතැම් ආගමික විශ්වාස සහා පූජා ආදිය සඳහා මෙම පක්ෂීන් ඝාතනය කරදැමීම ද සිදුවේ.

05. මෙම පක්ෂියා නිතර දැකිය හැකි සත්වයෙකු නොවන අතර තම වටපිටාවට සංවේදී සහා ඉතා ලැජ්ජාශීලි සත්වයෙකි. කෙසේවෙතත්, බොහෝ ආසියාතික රටවල් වල නිල් මොණරා යනු වඳ වි යාමේ තර්ජනයට ලක් වී ඇති සත්වයෙකි.

06. මොණරාගේ හඬ ඉතා පහළ ස්වරමානයකින්(pitch) යුක්ත වන නිසා මිනිසුන්ට එය හඳුනාගැනීමට ඉතා අපහසුය.ඔවුන් තම පිල් එක්තරා ආකාරයකට සොලවමින් විහිදුවන අවස්ථාවලදී නැගෙන හඬ ධාවනය වෙමින් පවතින මෝටර් රථයක හඬට සමාන හඬකි.ඩෙසිබල් 70-108 ත් අතර හඬ පරාසයක ශබ්දයක් හඳුනාගැනිම හා ඊට ප්‍රතිචාර ලෙස ශබ්ද නිකුත් කිරීමේ හැකියාව සෙසු මොණරුන්ට ඇත. නමුත්, මිනිස් කනට එම ශබ්ද ඇසෙන්නේ සුලඟට වල් කොළ සෙලවෙන ශබ්දයක් ලෙසයි.

07. ඔවුන් සර්වභක්ෂකයෝ වෙති. මොණරුන් ආහාරයට ගන්නේ කුඩා ක්ෂීරපායී සතුන් වර්ග, කෘමීන් වර්ග සහා ශාක කොටස්ය. එකිනෙකාට වඩාත් සමාන ලක්ෂණ සහිත මොණරුන් ප්‍රභේද දෙකක් හඳුනාගැනීමට හැකිය: නිල් මොණරුන් ඉන්දියාව සහා ශ්‍රි ලංකාව ආශ්‍රිතව දැකිය හැකි මොණරුන් විශේෂයකි. කොළ මොණරා ජාවා සහා මියෙන්මාරය වැනි රටවල් වල දකින්නට ලැබෙන ප්‍රභේදයකි. ඊට අමතරව කොන්ගෝ මොණරුන් ලෙස හඳුන්වන අප්‍රසිද්ධ මොණර විශේෂයක් ද ඇත. ඔවුන් අප්‍රිකානු වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙති

08. සෙබඩගේ හිසේ විශේෂිත සංවේදක පිහිටා ඇති අතර ඒවායින් දුර සිටින පිරිමි සත්වයෙකුගේ කම්පනයවීම්/සෙලවීම් (vibrations) හඳුනාගැනීම සිදුකරයි. සෙබඩක් අසලදී මොණරෙකු තම පිල් විදහීමට පටන් ගනියි. එය තත්පරයකට 26 වතාවක් තරම් වේගයකිනි. එහිදී නැගෙන ‘සටසට’ ශබ්දය පීඩන තරංගයක් නිර්මාණය කරන අතර සෙබඩට එය දැනෙන්නට පටන්ගනියි. එසේ සංවේදක හරහා දැනෙන්නට පටන් ගැනීමත් සමඟ සෙබඩ මොණරා සිටින ස්ථානයට  පැමිණෙයි.  මොණරා ගේ රංගනයට ආකර්ෂණය නොවුණේ නම් සෙබඩ ඔහුව නොසලකාහරිමින් දිගින් දිගටම පොලොව හාරමින් කෑම සෙවීමේ නිරත වේ. මොණරා හට ආකර්ෂණය වන සෙබඩක් බිම හිඳගනිමින් ඔහුට කැමැත්ත ප්‍රකාශ කරයි.

09. මොණරුන් නොමැතිව සැරිසරන සෙබඩ රංචු කිහිපයක් හැඳින්වෙන්නේ ‘harem’ යන ඉංග්‍රීසි වචනයෙනි. එහි අර්ථය අන්තපුරය යන්නයි. ගැහැණු සත්වයින් කණ්ඩායමක් සෙබඩ රංචුවක් සේ හැඳින්වේ (bevy).

10. සොබාදහම් සංරක්ෂණය පිලිබඳව අන්තර්ජාතික එකමුතුව (International Union for Nature Conservation) හි රතු ලැයිස්තුව හෙවත් ලෝකයෙන් වද වි යන ජීවී විශේෂ ගැන සඳහන් වන ලේඛණයට අනුව කොළ මොණරා යනු ලොව වඳ වී යමින් සිටින සත්ව විශේෂයක් බව දක්වා තිබේ. ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම ඊට බලපෑ ඇති ප්‍රබල හේතුවයි. පසුගිය 20 වන සියවසේ අග බාගයේදී මෙම සත්වයින්ගේ ගහනය ශීඝ්‍රලෙස පහත ගොස් ඇත. වර්තමානයේ සිටින කොළ මොණර පක්ෂීන්ගේ ගහනය 10000-20000 ත් අතර ප්‍රමාණයක් විය හැකි බව අනුමාන කෙරේ. කොන්ගෝ මොණර විශේෂය ද අවදානමට ලක් වී සිටින සත්ව විශේෂයක් බව එම ලැයිස්තුවේ දැක්වේ. හොර රහසේ සිදුවන දඩයම් කිරීම් සහා කැලෑ විනාශය ඔවුන්ගේ ගහනය අඩුවීමට හේතු වී ඇත. මෙම මොණර ප්‍රභේදයේ වැඩුණු සතුන් ගේ ගහනය 10000 කටත් වඩා අඩු බව අනුමාන කෙරේ.