සත්ව ලෝකයේ සිදුවන පුදුම හිතෙන උපත් 10 ක්

මිනිසුන් වගේම ඇතැම් සත්වයින් ද තම පැටවුන් වෙනුවෙන් විශාල කැපකිරිමක් කරනු ලබනවා. සමහර සත්ව වර්ගයා බෝ කිරිමේදි ගැහැණු සත්වයින් හට විශාල වේදනා සහා අපහසුතාවන් වලට මුහුණ දීමට සිදුවේ. ඇතැම් සත්වයින්ගේ ගර්භනී කාලය වසර ඉක්මවන අවස්ථා ඇත. ඇතැම් සත්ව වර්ග වල ගැහැණු සතුන්ට වඩා පැටවුන් ‍රැකබලාගැනීම සිදුකරන්නේ පිරිමි සත්වයින් විසින්ය. ගැහැණු සත්වයා විසින් නොව පිරිමි සත්වයා විසින් පැටවුන් බිහි කරන සත්ව විශේෂයන් ද සත්ව රාජධානිය තුල හඳුනාගැනීමට ලැබේ. මේ සෑම අරුම පුදුම සත්ව උපතක් ම සොබාදහමේ ඇති විවිධත්වය සහා අපූර්වත්වය නැවත නැවත පසක් කිරීමට සමත් ය. දරුවන් වෙනුවෙන් දෙමාපියන් කොතරම් කැපකිරීමක් සිදුකරනවා ද යන්න පිලිබඳව සත්ව ලෝකයේ දැකිය හැකි නිදසුන් කිහිපයක් ගැනයි අද ඔබට පැවසීමට සූදානම් වන්නේ. පැටවුන් බෝ කිරීමේදී ඇතැම් සත්වයින් විසින් විශාල අපහසුතාවන් වලට මුහුණ දෙති. මේ පුවත සත්ව ලෝකයේ දැකිය හැකි එවන් අසාමාන්‍ය සත්ව උපත් 10 ක් ගැනයි.

කිවි පක්ෂියා

එක් ගැහැණු කිවි පක්ෂියෙකු ජීවිත කාලයම ගත කරන්නේ එක් පිරිමි පක්ෂියෙකු සමඟ වීම විශේෂත්වයකි. කිවි බිත්තරයක් සහා ගැහැණු පක්ෂියෙකුගේ ප්‍රමාණාත්මක අනුපාතය දු‍ටුවන් මවිතයට පත්කරවන සුලුය. සාමාන්‍යයෙන්, කිවි බිත්තරයක් ගැහැණු සතෙකුගේ ශරීර ප්‍රමාණයෙන් 15%-20% ක් පමණ ප්‍රමාණයක් ගනියි. එය පෙනුමෙන් ඉතා විශාල වේ. බිත්තර ‍රැකීම සිදුකරන්නේ පිරිමි පක්ෂියා විසින් මිස ගැහැණු පක්ෂියා විසින් නොවෙයි. නමුත්, ඔබ දන්නවාද මොවුන් ලොව වඳවී යන සත්වයින්ගේ ලැයිස්තුවේ සිටින සත්ව විශේෂයක් බව?

තාරා හොට ප්ලැටිපසා

බිත්තර දමන ක්ෂීරපායි සතුන් අතලොස්සෙන් එක් සත්ව වර්ගයක් වන ප්ලැටිපසාගේ ගර්භනී සමය වන්නේ දින 28 කි. එම කාලසීමාවෙන් පසු, ගැහැණු සත්වයා විසින් පොලොවේ වලක් හාරා එහි බිත්තර තැන්පත් කිරීම සිදුකරයි. දින 10 ක් පුරාවට ඇය විසින් බිත්තර පුපුරන තුරු ඒවා ‍රැකීම සිදුකරනු ලබයි. අලුත බිහි වූ ප්ලැටිපස් පැටවෙකු මාස 3-4 ක් පමණ කාලයක් පුරාවට මවගෙන් කිරි උරාබොයි. එම කාලයෙන් පසුව ඔවුන් ස්වාධීනව ආහාර සොයාගැනීමට පිටවී යති.

ජිරාෆ්

ජිරාෆ් ගැහැණු සතෙකුගේ සාමාන්‍ය ගර්භනී සමය මාස 15 කි. මෙම කාල සීමාව සම්පූර්ණ වූ විට ගැහැණු සත්වයා විසින් සිටගෙන සිටිමින් පැටවාට උපත ලබාදෙන්නීය. මේ හේතුවෙන් උපදින විට පැටවා අඩි 5 ක පමණ උසකින් පහළට වැටීම සිදුවේ. ඉන්පසු, පැය භාගයක් ගත වූ මෙම පැටවුන් හට සිටගැනීමට හැකියාව ලැබේ. පැය 10 ක් පමණ ගත වූ පසුව ඔවුන් සම්පූර්ණයෙන්ම සිටගත හැකි තත්වයට පත් වි මව සමඟ එහා මෙහා දිවීමට පවා පටන්ගනිති.

‘Humpback Whales’ නම් තල්මසුන් විශේෂය

මෙම සත්ව වර්ගයේ වැඩුණු සත්වයෙකු දිගින් අඩි 48-62.5 ක් පමණ වන අතර ආසන්න වශයෙන්  ටොන් 40 ක් පමණ බරකින් යුක්ත වේ.මෙම ගැහැණු සත්වයෙකුගේ ගර්භනී සමය මාස 11 කි. තල්මස් පැටවෙකු දිගින් මිටර් 4 ක් පමණ වන අතර ටොන් 1.5 ක් පමණ බරකින් යුක්ත විය හැකියි. මවු කුසින් බිහි වූ විගසම පිහිනීමේ හැකියාව මොවුන් හට පිහිටා ඇත. උපතින් සති 6 ක් ඉක්මවූ පසු තම මව සමඟ සැතපුම් 3000 ක් පමණ දුර පිහිනමින් ආහාර සෙවීමට මෙම පැටවුන් හට සිදුවේ.

‘Suriname toads’ නම් මැඩි විශේෂය

පත්‍රයක් බඳු ශරීර හැඩයකින් යුතු මෙම උභය ජීවීන් විශේෂය දකුණු ඇමෙරිකානු වනාන්තරවලට ආවේණික සත්ව වර්ගයකි. පැටවුන් බෝ කිරීමේදී, පිරිමි සත්වයා විසින් ගැහැණු සත්වයගේ පිට මත සරු බිත්තර තැන්පත් කිරීම සිදුකරයි. කාලයත් සමඟ එම බිත්තර ආවරණය වන සේ ගැහැණු මැඩියාගේ සම වර්ධනය වීම සිදුවේ. පැටවුන් බිහිවන්නේ මාස 4 ක කාලයක් ගත වූ පසුවයි. ගැහැණු මැඩියාගේ පිට මතදී පුපුරා එලියට පැමිණෙන්නේ පෙනුමින් සම්පූර්ණ ලෙස වර්ධනය වූ මැඩියන් වීම විශේෂත්වයකි.

මුහුදු අශ්වයා

මුහුදු අශ්වයින් මුලු ජීවිත කාලයම ගත කරන්නේ එක් ගැහැණු සත්වයෙකු සමඟය. පිරිමි සත්වයින් විසින් පැටවුන් බිහිවන තුරු බිත්තර ආරක්ෂා කරන සිමිත සත්ව විශේෂ යටතේ හඳුනාගැනෙන එක් සත්ව වර්ගයකි. එකතුවීමේදී ගැහැණු සත්වයා විසින් පිරිමි සත්වයාගේ සිරුරේ පිහිටා ඇති උදර මල්ලක් වැනි ශරිර කොටස තුල බිත්තර තැන්පත් කරනු ලබයි. පසුව, එම බිත්තර පෝෂණය කිරීම , ඒවා ‍රැකබලාගැනීම සහා කුඩා මුහුදු අශ්ව පැටවුන් හට උපත ලබාදෙන්නේ මෙම පිරිමි සත්වයා විසිනි. ගර්භනී මුහුදු අශ්වයෙකු දු‍ටුවොත් මත තියාගන්න ඒ පිරිමි සතෙක් බව!

කැන්ගරුවන්

ගැහැණු කැන්ගරුවන්ගේ උදරයේ එක් මල්ලක් පිහිටා තිබෙන බව කවුරුත් හොඳින් දනියි. එය සමේ ඇති නැම්මකින් සැදුම් ලත් කොටසකි. පැටවුන් වර්ධනය වන තුරු රඳවාගෙන සිටින්නේ මේ තුලය. අලුත ඉපදුණු කැන්ගරු පැටවෙකුගේ ප්‍රමාණය අඟලක් පමණ වේ. එම කුඩා ශරීර ප්‍රමාණය නිසාම මොවුන්ගේ ජීවිත ඉතා අවදානමකට පත්වීමට වැඩි ඉඩක් ඇත. පැටවුන් තම පළමු මාස 4 මවගේ කිරි උරාබොමින් ගත කරති. මෙසේ මාස 4 ක් පමණ ගත වූ පසු ඔවුන් මවගේ මල්ලෙන් පිටතට පැමිණ ඇවිදීමට සහා තණකොළ ආහාරයට ගැනීමට ඉගෙනගනිති. වයස මාස 10 සම්පූර්ණ වූ විට මෙම පැටවුන් නැවත මවගේ මල්ල තුල ගමන් කිරීම නවතා දමයි.

‘Cichlids’ නම් මාලු විශේෂය

ලොව විශාලතම පෘෂ්ඨවංශික මසුන් විශේෂයන් අතරින් එක් වර්ගයක් වන මෙම Cichlids නම් මාලුවන් තම බිත්තර තබාගන්නේ තම මුව තුල වීම විශේෂත්වයකි. එසේ සිදුකරන්නේ බිත්තර වල සුරක්ෂිත බව වැඩිකරගැනිමේ අරමුණින් බවයි සොයාගෙන ඇත්තේ. සංවාසයේ යෙදෙන සමයේදි ගැහැණු සත්වයින් විසින් බිත්තර දැමීම සිදුකර පසුව ඒවා සියල්ල තම මුව තුලට පුරවා ගනියි. ඒවා පෝෂණය කරන්නේ පිරිමි සත්වයා විසිනි. මෙසේ බිත්තර ‍රැකීම දින 7 ක් පුරාවට සිදුවේ. මෙම කාලය පුරාවටම ගැහැණු සත්වයාගේ මුව බිත්තර වලින් පිරී ඇති නිසා පැටවුන් බිහිවන තුරු ඇයට ආහාර ගැනීමට හැකියාව නොලැබී යයි.

‘Multipunks’ නම් මාලු විශේෂය

කුකු කැට්‍ෆිෂ් ලෙසත් හඳුන්වන මෙම මාලු වර්ගය සතුව අපූරු හැකියාවක් ඇත. එනම්  තම බිත්තර ඉහත සඳහන් කල Cichlid මාලුවන්ගේ බිත්තර අතර සැඟවීමට කටයුතු කිරීමේ සූක්ෂම හැකියාවයි. මෙය සිදුවන්නේ තත්පර කිහිපයක් වැනි සුලු ඇසිල්ලකිනි. Cichlid මාලුවන් බිත්තර දැමූ පසු එම ගැහැණු සතුන් ඒවා මුව තුලට පුරවා ගැනීමට නැවෙන අවස්ථාවේදි මෙම කුකූ කැට්‍ෆිෂ් මාලුවන් තම බිත්තර ඒ අතර සැඟවීමට කටයුතු කරයි. මෙම කුකූ කැට්‍ෆිෂ් බිත්තර ඉක්මනින් වර්ධනය වන නිසා හා පුපුරන නිසා (උපරිම දින 2-3 තුලදී )ඉන් බිහිවන කුඩා පැටවුන් ඉන්පසුව අවට ඇති Cichlid බිත්තර අනුභව කිරීමට පටන් ගනියි. Cichlid මාලු බිත්තර පිපිරීම සඳහා දින 7 ක කාලයක් ගත වේ.

‘Frilled shark’ නම් මෝරු විශේෂය

මෙම මොරුන්ගේ ගැහැණු සත්වයෙකුගේ ගර්භනී කාලය අවුරුදු 3 1/2 ක් තරම් ඉතා දිගු කාලයකි. එබැවින් මොවුන් අනිත් මෝරු විශේෂ මෙන් බිත්තර දැමීම නොව පැටවුන් බිහි කිරීම සිදුකරති. වරකට පැටවුන් 2-15 ක් අතර ප්‍රමාණයකට උපත ලබාදෙති. මවගේ ගර්භාෂයේ ඇති බිත්තර එතුලම පුපුරා ගොස් බිහිවන පැටවුන් මාස 42 ක් පමණ එහි පෝෂණය වෙමින් ජීවත් වෙති.