‘සජිත මැසේජ් කලාට මම රිප්ලයි කලේ නෑ’ සජිත්ගේ බුවිනිගේ ආදර කතාව පටන්ගත්ත විදිය පිලිබඳ බුවිණි කියන කතාව

ලංකාවේ සිනමාව කියන්නේ ගොඩක් අයගේ ආදරේ දිනාගෙන ඉන්න ක්‍ෂේත්‍රයක් ඉතින් මේ ක්‍ෂේත්‍රයේ නළු නිළියන්ට බොහෝදෙනෙක් ආදරෙයි. කුඩා කාලයේ ඉඳන්ම රිදී තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියන්නේ. කොහොම වුනත් නිතරම වගේ සිනමාවෙන් දකින්න ලැබුන සජිත් දැන් පුංචි තිරය හරහාත් දකින්න පුළුවන්. ඒ මේ දිනවල විකාශනය වන අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන ‘නාඩගම් කාරයෝ’ හරහා. සරාගේ චරිතය නිසා සජිත් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සජිත් විවාහ වෙන්නේ බුවනිකා මනීෂා හල්විටිගේ සමග. ඒ ආදර කතාව ගොඩක් සුන්දරයි ඉතින් ඒ හමුවීම පිලිබඳ බුවිණි කියන්නේ මේ වගේ කතාවක්. ” ඇත්තම කියනවනම් මට නෙවෙයි සජිතව මුලින්ම මුණගැහෙන්නේ සජිතට තමයි මාව මුලින්ම මුණගැහෙන්නේ. මම දැන් ලංකාවේ හිටියාට ඒ දවස්වල එංගලන්තයේ තමයි පදිංචි වෙලා හිටියේ. ඉතින් එහෙම එංගලන්තයේ ඉද්දි මට ලංකාවේ ඉන්න යාළුවෙක් ඉන්ස්ටර්ග‍්‍රෑම් හරහා මැසේජ් කරනවා. ඉතින් ඒ මැසේජ් වලට මුලින් රිප්ලයි කලේ නෑ ඒ වුණාට යාළුවා නිතර නිතරම මැසේජ් කරනවා මම ඒවාට රිප්ලයි කරන්න ගියේ නැහැ. පස්සේ තමයි මම දැනගත්තේ මේ මැසේජ් කරන්නේ සජිත අනුත්තර කියලා. කොහොම හරි මම එයාගේ පෙම්වතිය වෙනවා. හැබැයි ඇත්තටම මට ලංකාවේ කලාව පිළිබඳව සහ සජිතගේ පවුල පිළිබඳව ලොකු අදහසක් තිබුණේ නැහැ. ඒත් මම ලංකාවට ආවට පස්සේ තමයි දැනගත්තේ සජිත කාගේ කවුද කියන්න. හැබැයි ඒ වෙද්දී සජිත මගේ පෙම්වතා වෙලා ඉවරයි. ඉතින් ඔහොම ඉද්දි සජිත මට කිව්වා දැන් අපි අප්පච්චිව හම්බවෙලා කතා කරමු කියලා. සජිත ගේ අප්පච්චි ‘ධර්ම යුද්ධය’ චිත‍්‍රපටයේ රූගත කිරීම්වල යෙදිල හිටියේ. සජිත මාව අප්පච්චි ළඟට එක්කගෙන ගිහින් හඳුන්වල දුන්නා. ඒ වෙලාවේ සජිත තමයි මුලින්ම කිව්වේ මේ මගේ පෙම්වතිය කියල. මම නිශ්ශබ්දව හිටියා, එදා අප්පච්චි මගේ නිහඬකමට ගොඩක් කැමැති වුණා. පස්සේ සජිතට අප්පච්චි කියලා තිබුණේ බුවනිකා හොඳ දැරිවියක් කියලා එහෙම තමයි මම අසජිතගේ බිරිඳ වුනේ” කියලා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සජිත්ගේ සහ බුවිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.