‘සංජානා එක්ක හිටියට එයා මගේ පෙම්වතිය නෙවෙයි’ ළඟදී විවාහ වෙන්න සැරසෙන සංගීත් කියන කතාව

කලාව කියන දේ දුවන ලේ වල පවා කැටිවෙලා තියෙද්දි ඔහුට කලාව යනු අලුත් දෙයක් නොවෙයි. කලාවේ ගමන මෙන්ම ඡායාරූපකරණයේ ගමනක්ද ආරම්භ කළ සංගීත් අද වන විට බොහෝ දෙනෙකුගේ ආදරයට ලක් ව අවස්. ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස කේෂ්ත්‍රයට එන සංගිත් පසු කා⁣ලයේදි රූපවාහිනී වැඩසටහන් මෙහෙය වන්නෙකුද වෙයි. එපමණක් නොවේ හඩකැවිම් අංශයටද මොහු දක්ෂතා දක්වන්නේ කලාවට සම්බන්ධ මුල් කාලයේ පටන්ය. 2012 ‘සඳසාවි’ නාට්‍යයෙන් රංගන ජිවි⁣තයේ පෙරළියක් ඇති කරගන්නා මොහු මේ වන ආ දුර අපූරූය. මව පියාගේ ආභාෂය ලැබුනත් සංගිත් කලා ලෝකයට පැමිණෙන්නේ ඔහුට පාරක් ඔහුම සොයා ගනිමින්.

ප්‍රසිද්ධත්වය හමුවේ දිව යන නළුවෙකු නොවන සංගීත් තමන් දායක වන සියළු චරිතයන්ට සාධාරණය මනාම ඉෂ්ඨ කරනවා. රංගනය අමතරව කරන ඡායාරූපකරණය පිළිබද අපි ඔහුගෙන්ම අසාසිටියා. “මම පාසල් යන කාලයේ ඉදන්ම ඡායාරූපකරණය කලා. හැබැයි වෘත්තීය විදිහට ඡායාරූපකරණයට ඇව්ත් මේ වෙද්දි අවුරුදු දෙකක් වගේ වෙනවා. ඉතින් කාලයත් එක්ක මම සාර්ථක වෙමින් යනවා. හැබැයි කවදාවත් මම රංගනයෙන අයින් වෙන්නේ නෑ. මොකද රංගනය කියන්නේ මගේ ජිවිතයේ අංක එක. මගේ නමක් මටම තැනත් හැදුනනම් ඒ රංගනය නිසා. ඉතින් එහෙම වෙද්දි මට කවදාවත් රංගනය අතාරින්න බැරි වෙයි කිසිම හේතුවක් මත.” කියලයි.

අතීතය ගැන හිතමින් සංගීත් කාලය නාස්ති කරන කෙනෙක්ද කියලා අපි අහපු ප්‍රශ්නයට සංගීත් දුන්නේ මේ වගේ පිළිතුරක්. “අතිතය කියන්නේ ගෙවුන කාලයක්. ඇත්තටම මම අතිතයේ කාලය ගෙවන කෙනෙක් නෙවෙයි. මම අතිතයෙන් අනාගතය හදාගෙන ඉවරයි. අනිත් දේ එකපාරක් වැටුන මම ආයේ පාරක් වැටෙයි කියලා හිතන්නේ නෑ. මොකද මම මගේ ජිවිතේ හදාගන්න දන්නවා. අනිත් දේ මගේ තාත්තා තමා මගේ ලෝකේ විරයා. මගේ හොදම යාළුවා මගේ තාත්තා. හැමදේම බෙදාගෙන මම ඉන්නේ එයා එක්ක.” කියලයි.

සංගීත් කලින් විවාහ වෙලා හිටියේ කෞශල්‍යා සමග ඇයත් රංගන ශිල්පිනියක් කොහොම වුනත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ, දැන් සංගීත් ඉන්නේ ඇයගෙන් වෙන් වෙලා. ඒ වගේම මේ දිනවල කතාවක් යනවා සංගීත් ජනප්‍රිය නිලියක් වන සංජානා සමග පෙම් සම්බන්ද තාවයක් පටන් අරන් කියලා ඉතින් ඒ පිලිබඳ සංගීත් කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම සංජානානයි කියන්නේ හොඳ යාළුවො එයා මගේ වැඩ වලට උදවු කරනවා මම එයාගේ වැඩ වලට උදවු කරනවා. අපි අතර යාළුකමක් ඇරෙන්න වෙන සම්බන්දයක් නෑ, මම ලඟදි විවාහ වෙන්න ඉන්න හැබැයි ඒ සංජානා නෙවෙයි, මෙගේ පෙම්වතිය පිලිබඳ මම පස්සේ කියන්නම්. කොහොම වුනත් දැනට වගකීමෙන් කියන්න තියෙන්නේ කොච්චර ලඟින් හිටියත් සංජානා මගේ පෙම්වතිය නෙවෙයි කියලා විතරයි” කියලයි ඉත්න් ළඟදීම දෙවන වතාවට යුගදිවියට පිවිසෙන්න සැරසෙන සන්ගීත්ට අපි හදවතින්ම සුබ පතනවා.