‘සංගීත් අයියා මට ගොඩක් උදවු කරලා තියෙනවා ඒත් එයා පෙම්වතා කරගන්න බෑ’ ප්‍රවීනා කියන කතාව

බොහෝ දෙනා කතා කරන ස්වර්වාහිනියේ නාඩගම්කාරයෝ මේ දිනවල ලොකු කුඩා කවුරු අතරේ වුවත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් කිවොත් නිවැරදියි. ඉතින් ටෙලිනාට්‍ය හැම චරියක් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළද ගද්දි අද අපි කතා කරන්නේ ගීතිකාගේ චරිතයට රංගනයෙන් දායක වෙන ප්‍රවිණා දිසානායක සමඟ. ප්‍රවිනා කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද, “මම උසස් පෙළ හදාරන්නේ ජිව විද්‍යා අංශයෙන්. හැබැයි කලාවට මම පාසල් කාලේ ඉදන් ආසයි මගේ පළමු නාට්‍ය තමා නාඩගම්කාරයෝ කියන්නේ. ඒ අවස්ථාව මට ලැබෙන්නේ සංගීත් අයියා නිසා. මොකද සංගිත් අයියා මම දෙන්නම අනුරාධපුරයේ නිසා අපි හොද යාළුවෝ. ඉතින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට චරිත තෝරද්දි සංගිත් අයියා මට කිවා ඒ ගැන. හිතුවේ නැති විදිහට මට ඒ ටෙලිනාට්‍යයට එකතු වෙන්න පුළුවන් වුනා.”

ගොඩක් අය ප්‍රවිනා කියනවට වඩා අදුරන්නේ ගීතිකා කියන නමින්. ඉතින් ගීතිකා කවඩියා ඇත්තටම ආදරේක පැටලෙනවද “කතාවේ ඉදිරියට ගැන සද්ධා සර් විතරයි. ගොඩක් අය කියනවා සරා පාඨලි ව⁣ගේ කවඩියා ගිතිකා ආදරයත් කතාවේ පටන් ගන්නවනම් හොදයි කියලා. හැබැයි මේකේ ඉදිරිය ගැන මමවත් දන්නේ නෑ. බලන් ඉමු ඉදිරියට වෙන දේවල්”

කතාවට කොහොම වුනත් ඔබයි සංගීත් අතරේ ආදරේ ප්‍රේමයක් වුනොත්, “නෑ හැමදාම වගේ එයා මට හොද යාළුවෙක් සහෝදරයෙක්. මොකද ඇත්තටම මම තාම ආදරේ ගැන හිතලා නෑ. මම අධ්‍යාපනයට මුල් තැන දිලා බලන් ඉන්නවා. ආදරේ කියන්නේ එක එක්කෙනාට සාපේක්ෂව දැනෙන දෙයක්. දවසක මටත් ඒක දැනෙයි.”

ප්‍රවිණා නවක නිළියක් විදිහට ප්‍රවිණයන්ගෙන් ලැබෙන සහය ගැන කිව්වොත්, “මටනම් සෙනාලි අක්කා සජිත අයියා වගේ අය ගොඩක් උදව් කරනවා මගේ චරිතය හරියට කරන්න. ඒ විතරක් නෙවෙයි කතාවේ හැමෝම එකපවුලක් වගේ ඒ නිසාම ගොඩක් අය අලුත් අයට උදව් කරනවා.”

ප්‍රවිනාගේ ජිවිතේ කලාවට හැරවුම කොතනද? “මගේ ජිවිතේ කලාවේ හැරවුම නාඩගම්කාරයෝ. මොකද නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය නිසා මට ගොඩක් දේවල් ලැබුනා. මේ වෙද්දි ශෂිකා නිසංසලා අක්කාගේ ‘චන්ද්‍රා පායන්න’ ගිතයේ රූප රාමු වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුනා. ⁣ඉතින් මේ හැමදේම මගේ පළවෙනි නාට්‍ය නාඩගම්කාරයෝ නිසා.” කියලයි ඉතින් මේ දවස්වල ඔයාලා හැමෝගේ ආදරේ දිනාගෙන ඉන්න ප්‍රවීනාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.