‘සංගීත් අයියා මට උදවු කරන්නේ මගේම අයියෙක් වගේ’ ජනප්‍රිය නිලි ප්‍රවීනා කියන කතාව

නාටගම්කාරයෝ ටෙලිනාට්‍ය හරහා බොහෝ දෙනාගේ ආදරයට ලක් වුන චරිතයක් තමා ගීතිකා කියන්නේ. නමින් ප්‍රවිනා සංකල්පනි දිසානායක වන ඇයවයි අද අපේ කතා බහට එකතු කරගත්තේ. අනුරාධපුරයේ එප්පාවල වල සිට පැමිණි ප්‍රවිනා කිසි දිනයක නිළියක් වෙන්න නොසිතූ බව කියු නිසාම ඇය ආව ගමන ගැන වගේම ඇය අද ඉන්න තැන ගැන අපි මුලින්ම කතා කලා.

ඉතින් ඇය නිලියක් දක්වා පැමිණි ගමන පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් “අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු මට නිළියක් වෙන්න මුලික අඩිතාලම වැටෙන්නේ සංගීත් අයියා නිසා. ඇත්තටම සංගීත් අයියා නිසා තමයි මට මගේ හිතේ තිබුන පුංචි හීනයට යන්න පාර හැදෙන්නේ. ඇත්තටම සංගීත් අයියා තමයි මෙගේ අයියා කෙනෙක් වගේ මට උදවු කලේ. ඉස්කෝල යන කාලේ ඉඳලම මම ඩාන්සින් වලට ගොඩක් කැමතියි. හැබැයි මගේ හීනය වුනේ වෛද්‍යවරියක් වෙන එක. ජිවිතේ හරි පුදුමාකාරයි. ඒ හිනය පසෙකලා අද මට නිළියක් වෙන්න ලැබුනා. මට තාමත් මේ දේවල් හීනයක් වගේ. මගේ පවුලේ කිසි කෙනෙක් කලාවට සමබන්ධ නෑ. මගේ පවුලේ එකම දුව මම. ඒ නිසා අම්මා අප්පච්චි මම ගැන ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා.

අප්පච්චි මුලින් බය වුනත් පස්සේ අප්පච්චි මම කවුද කියන්න දැනගත්තා. ඒ නිසා හැමෝම ම⁣ට මගේ ගමන යන්න උදව් කරනවා. එයාලා මට ඇත්තටම ලොකු හයියක්. මට මුලින්ම රඟපාන්න වුනේ සෙනාලි අක්කා එක්ක. ඇත්තටම මම එයාලා ගැන අහලා තිබුනට දැකලා තිබුනේ නෑ. හැබැයි එයාලා එක්ක රඟපානකොට එයාලා මට ගොඩක් උදව් කරනවා. කණ්ඩායමක් විදිහට ඇත්තටම නාඩගම්කාරයෝ අපි එකා වගේ වැඩ කරනවා. ඒ නිසාම මට සැහැල්ලුවෙන් රඟපාන්න පුළුවන්. ඒ දේවල් එක්ක මම කලාවට ආදුනිකයි කියලා හිතුනේ නෑ.” කියලයි.

මේ වෙද්දී ප්‍රවීනාට හැමෝම වගේ ගොඩක් ආදරෙයි ඉතින් ප්‍රවිනා මේ වෙද්දි ඇත්තටම ආදරවන්තියක්ද “අනේ තාම නෑ. මොකද මම ආදරේ ගැන හිතලා නෑ. ඉස්කෝ⁣ල කාලේ මම අධ්‍යාපනයට මුල් තැන දුන්නා. මට තාමත් හිතෙන්නේ ප්‍රේමය ගැන හිතන්න මේ කාලය නෙවෙයි කියලා. මට මගේ දෙමාපියන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. අනික පවුලේ එකම දුව නිස මට ආදරේදි මගේ දෙමාපියන් ගැනත් හිතන්න වෙනවා. ඒ නිසා මම වර්තමානයේ ආදරය ⁣ගැන නොහිතා ඉන්නවා. මොකද මට විස්වාසයි අනාගතය ඒ දේ හොද විදිහට මට ලැබෙයි කියලා.

මම පෙම්වන්තියක් නොවුනට මට ආදරේ කරන මට ලෙංගතු ගොඩක් අය ඉන්නවා. ගීතිකා කියන චරිතය ගැන කවුරු දන්නවා වුනත් ඇත්තටම ප්‍රවිනා කියන්න මම වටේ ඉන්න අය දන්නවා. ගීතිකාගේ අනාගතය කොහොම වුනත් ප්‍රවිනාගේ අනාගතය වෙනස් විදිහකට මට උදා වෙයි කියලා විස්වාසයි. අනික මම ගොඩක් සරලව ජිවත් වෙන කෙනෙක්. මම ගමේ කමට ආසයි.ඉතින් මම ආස හැමදාම මේ සරලකම එක්ක ජිවත් වෙන්න. කවසා කොහොම මගේ ජිවිතේ වෙනස් වුනත් මම මේ සරල ජිවිතේ වෙනස් කරගන්නේ නෑ.” කියලයි. ආව දුරට වඩා බොහෝ දුරක් කලා ලෝකයේ යන්න හීන දකින ප්‍රවිනා සැබවිමන් බොහෝ දෙනාගේ අවවාද උපදෙස් මත කලා ලොවේ ඉහළට යන්න ආස බවයි ඇය තව දුරටත් අපි සමඟ කියා සිටියේ.