‘ශ්‍රියන්ත අංකල් මාව වැළඳ ගත්තේ එයාගෙම දුවෙක් වගේ’ ජනප්‍රිය නිලි ගීත්මා කියන කතාව

දෙරණ නාලිකාවේ සංගිතය ටෙලි නාට්‍ය මෙගා නාට්‍ය කලාවේ තවත් නිර්මාණයක්. ඒ නිර්මාණය තුළ දකින ඈ එහි ප්‍රධාන චරිතයයි. නමින් ගීත්මා බණ්ඩාර. මේ කතාව ඇය ගැනයි. හිරු අවුරුදු කුමරිය හරහා කලාවට සම්බන්ධ වෙන ගීත්මා මුලින් වෙළඳ දැන්විම් ප්‍රචාරක කටයුතු කළ අතර දැන් සංගිතයේ අසෙනිගේ චරියට පණ පොවනවා.

ඉතින් ඇය ඇයට ලැබුන අසේනිගේ චරිතය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් “ඇත්තටම ඔව් මම ලොකු කැප කිරිමක් කරලා මෙතනට ආවේ. මට සමහර වෙලාවට මගේ අධ්‍යාපන කටයුතු පවා කැප කරන්න සිද්ධ වුනා. හැබැයි ඒ කැපකිරිම් වල නිහතමානි සතුටක් අද මම ලබනවා. මොකද ගීත්මා කියන චරිතය අද ලොකු කුඩා කවුරුත් දන්න චරිතයක් වෙලා”

ගීත්මා තවම යොවුන් රංගන ශිල්පිනියක් ඔබ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් ගැන මොකද හිතන්නේ. ඔවුන් නවකයන්ට අත දෙනවද? “බහුතරයක් දෙනා අනිවාර්යයෙන් අත දෙනවා. මොකද මම වුනත් අද මෙහෙම ඉන්නේ ඒ නිසා. අපි අනිවාර්යයෙන් කලාවේ ප්‍රවිණයන්ගෙන් උපදෙස් ගන්න ඕනි. ඒ උපදෙස් පිළිපදින්න ඕනි. මගේ වාසනාවකට ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් මාව පිළිගත්තා. ශ්‍රියන්ත අංකල් මාව දුවෙක්ට ව⁣ගේ ආද⁣රයෙන් වැළද ගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ආදරණියන් එක්ක බලද්දි නවකයන්ට අත දෙන ශිල්පින් ඉන්නවා.”

ඔබේ ජිවිතේ හැරවුම් ලක්ෂය කොතනද මතක් ⁣කලොත්, “මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය වෙන්නේ සංගීතේ ටෙලි නාට්‍යය. හැබැයි මම අමතක කරන්නේ නෑ හිරු නාලිකාව. මොකද ගීත්මා කියන චරිතය මුලින්ම රටට දායාද කලේ ඔවුන්. ඒ වගේම මේ හැම තැනකම මගේ ලොකුම වත්කම මගේ ආදරණිය රසික හදවත්. මොකද මට හැමදේටම ඉන්නේ එයාලා “

සමාජ මාධ්‍ය තුළ එල්ල වෙන විවේචන ගැන කිවොත්, “සමාජේ ජිවත් වෙන හැම කෙනාම එක වගේ නෙවෙයි. ඒ නිසා අපිට විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන්. මම වුනත් සමහර වෙලාවට මානසිකය වැටෙන තැන් තියෙනවා. හැබැයි මම හිතන්නේ බොරු දේවල් හිතන්න මම වැය කරන කාලය වැඩක් ඇති දේකට යොමු කරන්න. මම වැටුනත් මම නැගිටලා මගේ ගමන යනවා. විවේචන වලට මගේ ගමන නතර කරන්න පුළුවන් ඇති කියලා මම හිතන්නේ නෑ”