‘ශලනි මට ගොඩක් විශේෂයි ඒ වගේම එයා ගොඩක් අහිංසකයි’ ජනප්‍රිය නළු සචින් ලියන්ගේ කියන කතාව

ලෝකයේ ජිවත් වන මිනිසුන් විවිධාකරායි. ඔවුන් සිතන පතන විදිහ විවිධාකරයි. ඒ නිසාම ඔවුන්ගේ හදවතට දැනෙන නිර්මාණ බිහි කිරිම හිතන තරම් ලේසි නෑ. ඒත් මේ දිනවල ගොඩක් දෙනා කතා කරන නාට්‍යය නිර්මාණයක් තමා සිරස නාලිකාවේ විකාශය වෙන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය. ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂනයෙන් මහේෂ් රත්සර මද්දුමගේ රචනයෙන් නිර්මාණ වෙන මෙම ටෙලි නාට්‍ය ප්‍රධාන චරිතයක් එක්කයි අපේ අද කතා බහ. නම්න් ඔහු සචින් ලියන්ගේ.

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය සචින්ට අභියෝගයක් වුනාද නැද්ද? “ටෙලිනාට්‍යයක ⁣ප්‍රධානචරිතය රඟපාන්නේ පළවෙනි වතාවට. ඒ නිසා ඇත්තටම මට මාවම අභියෝගයක් වුනා. මොකද කතාව ඇතුලේ මට නිර්වාන්, අනුත්තර චරිත දෙකම රඟපාන්න වෙනවා. හිතේ චකිතය බය හැමදේම මුලින් තිබුනා. අනික මට රඟපාන්න ලැබුනේ ප්‍රසිද්ධ නිළියක් එක්ක. ඒ ශලිනි තාරකා. ඇත්තටම මාත් එක්ක රඟපාන්න ශලිනි ගත්තේ ලොකු රික්ස් එකක්. මම කලාවට අලුත් වෙද්දි ඒ හැමදේම එක්ක මේක අභියෝගයක් නොවෙන්න විදිහක් නෑනේ. මේ චරිතමට අභියෝගයක්”

කියාදෙන්න ආදරේ තරම් මේ දවස් වල ට්‍රෙින්ඩින් වෙද්දි බොහෝ දෙනා මේ ගැන කතා කරන්න ගත්තා. ඒ වගේම කතාව තුළ ඉන්න ප්‍රවිණ නළු නිළියන් ගැන කතා කරන්න ගත්තා. සචින් කලාවට අලුත් වුනාට අනිත් අය එහෙම නැති නිසා ඒ අයගෙන් සචින්ට මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ, “වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක්.

ලංකාවේ ප්‍රවිණ අය එක්ක ඇත්තටම මට යන්න ලැබුන මේ ගමන ගැන සතුටුයි. කට්ටිය කියනවා අලුත් අයට පරණ අය උදව් කරන්නේ නෑ කැපිලි දානවා වැඩියි කියලා. හැබැයි මටනම් එහෙම නෑ. දුලිකා මාරපන, ප්‍රියන්ත, මීනා වැනි රටම පිළිගත්ත ප්‍රවිනයන් ම⁣ට මගේ ගමනට උදව් කරනවා. ටෙලිනාට්‍යය ඇතුලේ මගේ චරිතය සාර්ථක කරගන්න මගේ අඩුපාඩු පෙන්නලා දෙනවා.

ඒ වගේම ශලිනි තාරකා. ඇත්තටම මට රඟපාන්න ලොකු ශක්තියක්. ශලනි කියන්නේ මට ගොඩක් විශේෂ කෙනෙක් රඟපාන එක හිතන තරම් ලේසි නෑ හැබැයි අද දෙන කණ්ඩායමක් එක්ක ඒ ගමන හරි ලේසියි. මම හිතන්නේ එහෙම” කියලයි.