‘විවාහ වෙන්න කලින් අපි එකට හිටියා එයා නිදාගත්තේ මගේ කාමරේ’ මාධව විජේසිංහ කියන කතාව

වර්තමානයේ කවුරුත් කතා කරන සුන්දර තරුණ යුවලක්. රංගනයට නිවේදනයට චතුර හැකියාවක් ඇති ඔහු මාධව විජේසිංහ. මෑත කාලයේදි ඔහු අත ගත් වෛද්‍යවරිය නදුනි. ඉතින් අද අපි අපේ කතා බහ ගෙනියන්නේ මේ සුන්දර යුවල එක්ක. මාධව කියන්නේ ලංකාවේ මේ වන විට බොහෝ දෙනා හදුනන චරිතයක්. ඉතින් ලගකදි කූඩු වුන නදුනි මාධව කැදැල්ල සතුටින් පිරි අවසන්.

ඉතින් අපි හිතුවා මාධවගෙන් නදුනි ගැන මේ වගේ ප්‍රශ්නයක් අහන්න නදුනිට රංගනය බැරිද, “අපොයි මෙයාට හොද⁣ට රඟපාන්න පුළුවන්. සිංදු කියන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙයාට හොදට ඉංග්‍රිසි කතා කරන්න පුළුවන්. මොකද එයා විදේශ රටක ඉගෙන ගත්ත නිසා. මම කියලා දෙන සිංහල වුනත් එයා ඉක්මනට අල්ලගන්නවා.”

නදුනිට මාධවගෙන් ගෙදර වැඩ වලට ලැබෙන උදව් කොහොමද? “මෙයා ගෙදර වැඩ කරන්නේ හරිම කලාතුරකින්. ඒ කරන්නෙත් මෙයාට හිතුන වෙලාවට විතරයි. මෙයා ඉදලා හිටල වැඩ කරලා හැමදාම වැඩ කරන මගේ අඩුපාඩු කියනවා. ඉතින් ඒ වෙලාවට ඒ කරපු වැඩ මට අමතක වෙලා කේන්ති යනවා.”

නදුනි එක්ක ගමන් බිමන් යද්දි මාධව වෙන කෙල්ලෝ දිහා හොරෙන් බලන්නේ නැද්ද. “නෑ මාධවට එහෙම හොරෙන් බලන්න ඕනි කමක් නෑ. මොකස එයා මට කියලම අන්න ලස්සන කෙනෙක් යනවා කියලා බලනවා. ඉතින් ඒ නිසා හොරයකින් එයාට කවුරු දිහාවත් බලන්න ඕනි නෑ.”

මාධව, විවාහය ගැන හිතන්නේ කොහොමද, “මේකයි මම නදුනිට වුනත් විවාහයට කලින් කිවේ අපි ගැළපෙන්නේ නැත්නම් කතාබහ කරලා ඈත් වෙමු කියලා. සංස්කෘතියට කොච්චර ගැළපෙයිද කියන්න මම දන්නේ නෑ මේ කතාව හැබැයි මම හිතන්නේ කවදාහරි විවාහ වෙන දෙන්නෙක් කාලයක් එකට ජිවත් වෙලා බලන්න ඕනි. මේ කතාව මම කවදාවත් කියලා නෑ. හැබැයි මමයි නදුනි විවාහ වෙන්න කලින් එකට ජිවත් වුනා. අපි අපිව තේරුම් ගත්තා. ඒ නිසා අපේ ආදරේ විවාහය දක්වා ආවා. මම දවසක මගේ දරුවෙක්ට වුනත් දවසක කියන්නේ අපිට වඩා එයාට ආදරේ කරන කෙනෙක් හොයාගන්න කියලා. මොකද සල්ලි වගේ දේවල් නෙවෙයි වැදගත් ආදරය.”

ඒ කියන්නේ නදුනි විවාහ වෙන්න කලින් මාධවගේ ගෙදර ජිවත් වුනා., “ඇත්තටම නදුනි ඉගෙන ගද්දි බෝඩිමක හිටියේ. ඔය කාලේ කොරෝනා එද්දි නදුනි අපේ ගෙදර නතර කරගත්තා. එයාට මගේ කාමරේ පවා දෙන්න වුනා. කාලයත් එක්ක අපේ අම්මලා මට වඩා නදුනිට ආදරේ කරන්න ගත්තා. අපි මුලින් හිටියේ වෙන වෙනම හැබැයි කාලයක් යද්දි අපිට එකට එන්න අවස්ථාව හම්බවුනා. ඒ කාලය තමා අපි අපිව තේරුම් ගත්ත කාලය.”

නදුනි, වෛද්‍යවරියක් විදිහට රාජකාරියට යොමු වෙද්දි මාධව බලාගන්න ඔබට වෙනම රාජකාරියක් පටන් ගන්න වෙයිද, “මමත් කල්පනා කරන්නේ ඒක තමා. මොකද මෙයා ගෙදර ඉන්න වෙලාවට කන්න බොන්න අරක හදලා මේක හදලා දෙන්න කියනවා. ඉතින් මට මගේ වැඩක් කරන්න වෙලා නෑ. එහෙම වෙද්දි මම රැකියාවට යද්දි මෙයා බලාගන්න විදිහ හිතාගන්න බෑ.” කියලයි. ඉතින් මාධව නදුනි කැදැල්ල තවත් සතුටින් පිරෙන්න අපි ප්‍රාර්ථනා කරනවා.