වෙනත් රටක තරුණියක් සමහ විවාහ වූනොත් ඔබට ලැබෙන වාසි 09ක් මෙන්න

රටවල් අතර විවාහයන් කියන්නේ 21 වන සියවසේ පමණක් නොව අතීතයේ සිටම පැවති දෙයක්. වෙනත් රටක යුවතියක් විවාහ කරගැනීම බොහෝ පිරිමි පුද්ගලයින්ගේ ජිවිතයේ සාර්ථක වෙනසකට තුඬු දෙන ආකාරයේ විශේෂ දෙයක් බවට මතයක් ගොගනැගී තිබෙනවා.

ඔවුන් විදේශීය තරුණියන්ට කැමති ඇයි? වෙනත් රටක තරුණියක් විවාහ කරගැනීමෙන් පිරිමි පුද්ගලයින්ගේ ජීවිත යහපත් ලෙස වෙනස් වෙන බව කියන්නේ ඇයි? අපට හමුවුණා හේතු කිහිපයක්ම.

01. අලුත් භාෂාවක් ඉගෙන ගැනීමට ලැබීම

තම බිරිඳගේ රටේ භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම වෙනස්ම අත්දැකීමක් ලෙස ඇතැම් පුරුෂයින් හඳුනාගනියි. ද්වීභාෂා/ත්‍රීභාෂා හැකියාව තිබීම බොහෝ වාසි අත්කරදීමට සමත් වන කුසලතාවකි. ඒ වගේම ලෝකය දෙස වෙනස්ම කෝණයකින් දැකීමටත් ඒ හරහා අවස්ථාව ලැබෙන බව සිතිය හැකියි.

02. බොහෝ සංචාරය කිරීමට ලැබීම

රටවල් දෙකේම ඥාති පිරිස හමුවීමට නිතර සංචාරය කිරීමට සිදුවන නිසා දෙදෙනාටම ප්‍රීතිමත් නිවාඩු කාලයක් වගේම එකට ගත ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. නිතර සංචාරයේ යෙදෙන යුවලවල් දික්කසාද වීමේ සම්භාවිතාව අඩු බව අධ්‍යයනයක සඳහන් වේ. එහි දැක්වෙන්නේ එමඟින් දෙදෙනාගේම අන්තර්සබඳතාව වැඩිදියුණුවීම සහ ශක්තිමත් වීම සිදුවන බවයි.

03. සංස්කෘතීන්ට අනුව එකිනෙක වෙනස් විවාහ උත්සව 2 ක් සැමරිය හැකි නිසා

පවුලේ අය සමඟ, මිත්‍රයින් සමඟ ප්‍රීති වීමට ඇති හොඳම අවස්ථාව විවාහ මංගල්‍ය උත්සවයයි. වෙනස්ම මංගල උත්සව දෙකක් සැමරීමට ලැබීම ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් විදියට ඔවුහු අත්දකිති.

04. පෙරට වඩා නිවාඩු කාලයන් ලැබීම

රටරටවල පවතින්නේ එකිනෙකට වෙනස් සංස්කෘතිකාංගයි. රටවල් දෙකක පුද්ගලයින් දෙදෙනෙකු අතරේ සිදුවන විවාහයක ඇති තවත් අපූරු පැතිකඩක් තමයි ඔවුන් දෙදෙනාට තමන් මින් පෙර අත්නොවිඳි සංස්කෘතික සැමරුම් වලට සහභාගි වීමට ලැබීම.  එවැනි සැමරුම් උත්සව සහ නිවාඩු දිනවල දෙදෙනා එක්ව ගත කිරීම විවාහ සබඳතාව තවත් ශක්තිමත් වීමට හේතුවන බව අධ්‍යයන වලින් පෙන්වාදේ. ජීවිතයේ වෙනස් අත්දැකීම් ලැබීම සිරුරට වගේම පුද්ගලයාගේ මනසට ද ඉතා හිතකර බලපෑම් ඇතිකරවන බවයි.

05. විවිධ ආහාර වර්ග රස විඳීමට අවස්ථාව ලැබීම

අලුත් අලුත් ආහාර් වර්ග රසවිඳීමට ලැබීම ඒකාකාරි ආහාර රටාවෙන් මිදීමට හොඳම අවස්ථාවකි. තම බිරිඳ සමඟ විවිධ රසවත් ආහාර පාන සැකසිමට උදව් කරමින් ඒවා රසවිඳිමින් ප්‍රීතිමත්ව කාලය ගත කිරීම විවාහ ජීවිතය තුල දෙදෙනා අතර බැඳියාව වර්ධනය වීමට අවස්ථාව සලසයි. සමාජ විද්‍යාඥයින් පවසන ආකාරයට සමාජ සබඳතා සහ සන්නිවේදනය වර්ධනය සඳහා ආහාර යන්න ප්‍රධාන වශයෙන්ම වැදගත් මාතෘකාවක් බවයි. ඊට හේතුව නම් ආහාර යනු බෙදාහදාගත හැකි දෙයක් වීමයි.

06. බුද්ධිමත් දරුවන් ලැබීම

කුඩා කාලයේ සිටම භාෂා 2 ක් ඉගෙනගැනීමට ලැබීම දරුවන්ගේ මානසික වර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වන බව අධ්‍යයනයන් මඟින් පෙන්වාදේ. එවැනි යුවලකට දාව උපදින දරුවන් භාෂා 2 කටම නිරාවරණය වීම මෙම කරුණ සත්‍යයක් වීමට බොහෝ සෙයින් වැදගත් වේ. රටවල් දෙකක පුද්ගලයින් දෙදෙනෙකුගේ විවාහයෙන් උපදින දරුවන් බුද්ධිමත් බවින් වැඩි  බවට මතයක් ඇත.

07. තමන් හැදී වැඩුණු රට ගැන නැවුම් හැඟීමක් ඇතිවීම

තම සහකාරියට තම රටේ ස්ථාන සහ දේවල් පෙන්වීම තුලින් තමන් උපන් නගරය, රට කෙරෙහි ආකල්පය අලුත් වේ. තමන්ගේ ජීවිතයේ කුඩාකල මතකයන් ආවර්ජණයට ලැබෙන හොඳ අවස්ථාවක් ලෙස ඔවුන් මෙය හඳුනාගනිති.

08. බිරිඳගෙන් හොඳ සහයක් සහ අවධානයක් ලැබීම

දුරස්ථ සබඳතාවයක ස්වභාවය මේ දේ හොඳින්ම නිරික්ෂණය කල හැකියි. එකිනෙකා සමඟ ගත කරන කාලය බොහෝ වටිනා බව දැනීම එවැනි සබඳතාවක ස්වභාවයයි. මේ හේතුව නිසාම එවැනි යුවලක් අතර ඇති බැඳියාව තවත් ශක්තිමත් වේ.

‍09. රැකියා අවස්ථා වැඩිවිම.

පෙර සඳහන් කලාක් මෙන් භාෂා කිහිපයක දැනුම තිබීම ඔබේ කුසලතා වලට විශේෂත්වයක් එක්කරන දෙයකි. ද්වීභාෂා හැකියාව , ගුවන්ගමන් බලපත්‍ර 2 ක් තිබීම ආදී ඔබ සතු සුවිශේෂීතා නිසාම ඔබට මින් පෙර විවෘත නොවූ අවස්ථා රෑස්ක් ‍රැකියා වෙළඳපොලේදී උදාකරගැනීමට හැකියාව ලැබේ. වත්මන ‍රැකියා වෙළඳපොලේ ද්විභාෂා/ත්‍රීභාෂා හැකියාවැති පුද්ගලයින් සඳහා වැඩි ඉල්ලුමක් නිර්මාණය වී ඇත. මූල්‍යමය වශයෙන් බොහෝ ප්‍රතිලාභ අත්කරගත හැකි අවස්ථා ‍රැසක් එවැනී පුරුෂයින්ට උදාකරගත හැකි වී තිබෙන බව පෙනි යයි.